දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට
හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා (නවලෝක මුදලාලිගේ පුතෙකි) විසින් පසුගියදා ඇස්ටන් මාර්ටින් රථයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. ලංකාවට මේ වන විට ගෙනැවිත් තිබෙන දෙවන ඇස්ටන් මාර්ටින් රථය මෙය වන අතර මෙහි වටිනාකම රුපියල් මිලියන 55ක් වනවා.
පැයට කිලෝමීටර් 300ක උපරිම වේගයකින් (පැයට සැතපුම් 186ක්) ගමන් කළ හැකි මෙම සුඛෝපභෝගී රේසිං රථය මෙරටට ගෙනැවිත් තිබෙන්නේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් මඟිනි.
මෙවැනි රථයක් සඳහ ලංකාවේ ඇති සුදුසු එකම මාර්ගය වන්නේ මෙම මස 27 වනදා විවෘත කිරීමට නියමිතව ඇති දකුණු අධිවේගී මාර්ගය පමණි.
කොළඹ ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ නිදහස් කරගැනීමේ අංශයේදී මේ පිළිබඳව විමසීමක් කළ බීබීසී සේවයට ඔහු පවසා ඇත්තේ තමාගෙන් ක්‍රිකට් පිළිබඳව ඕනෑම දෙයක් අහන්න. නමුත් පෞද්ගලික දේවල් ගැන අහන්න එපා යනුවෙනි
හිටපු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සාමාජිකයින් රැසකට මූල්‍ය අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා නැඟීමෙන් පසුව නව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා පසුගිය ජූලි මාසයේදී පත්වුනා.
එම කමිටුව පසුගිය අඟහරුවාදා විසුරුවා හැරීමට තීරණය කිරීමත් සමඟ නව ක්‍රිකට් පාලක මණ්ඩලයක් සඳහා මාසයක් ඇතුලත නිලවරණයක් කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා උපාලි ධර්මදාස තරඟ කරන බවයි වාර්තාවන්නේ
රටේ සල්ලි හොරකම් කරන්නේ කොමිස් ගහන්නේ නැතුව, මෙන්න මේ මහත්තුරු වගේ සාධාරණව වැදගත් විදියට හම්බ කරලා රොකට් එකක් ගත්තත් කමක් නෑ.. පලවෙනි එක තියෙන්නේ කාගාවද කියලා දන්නවනේ