දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part II

wamkchathuranga

Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    බොල්ජ් සටන-දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part II

    දෙවන ලෝක යුද්දයේ වැරදීම් ලිපි මාලාවෙ අද කතා කරන්න යන්නේ "Battle of the bulge" හෙවත් බොල්ජ් සටන ගැන. ස්ටාලින්ග්‍රාඩ් මහ සටන ගැන ලියන්න හිතුවත් HarshaLulzSec සහෝදරයා ඉතා වටිනා ලිපි පෙලක්ම ඒ ගැන ලියල තියෙන නිසා ඒ ගැන අලුතෙන් ලියන්න දෙයක් නැති තරම්.

    හොදායි.එහෙනම් හැරෙමු topic 1 දිහාවට. Battle of the Bulge. මේ සටන ඇති වෙන්නේ 1944 දෙසැම්බර් 16 ඉදන් 1945 ජනවාරි 25 වෙනකල්. සටනෙ විශේෂත්වය තමා දෙවන ලෝක යුද්ධයේ බටහිර පෙරමුණ (ඇමරිකාව,එංගලන්තය හා කැනඩාව) මූණ දෙන දරුණුම සටන මෙය වීම. මේ සටන කොච්චර දරුණුද කියනව නම් මිත්‍ර හමුදා වල 19000 ක් විතර මේ සටනෙන් මිය යනවා. 89000 ක් පමන තුවාල වෙනවා.

    1944 ජුනි වලදි මිත්‍ර හමුදා නොර්මන්ඩි ආක්‍රමනයෙන් පස්සේ ප්‍රංශය නිදහස් කරගෙන බර්ලින් බලා පිටත් වෙනව. යුරෝපා මහද්වීපයේ ඇතුලට යන්න වෙන නිසා මිත්‍ර හමුදා වල සැපයුම් මාර්ග අඩාල වෙනව. ඉතින් නොර්මන්ඩි ආක්‍රමනයෙන් පරාද වෙලා ඉන්න හිට්ලර් බටහිර පෙරමුනට අමතක නොවෙන පාඩමක් උගන්නන්න මේ අවස්තාව ප්‍රයෝජනයට ගන්නවා. ඇත්තටම හිට්ලර්ට මේ වගේ දරුණු සටනක් බටහිර පෙරමුණ එක්ක කරන්න ප්‍රධාන හේතු 2ක් තියෙනවා. එකක් තමා බටහිර පෙරමුණට දරුණු අලාභ හානියක් කරල ඔවුන්ව සාම මාවතකට එන්න පොලඹවන්න හිට්ලර්ට තියෙන ඕනේකම. මොකද එතකොට සම්පූර්ණ බලය නැගෙනහිර පෙරමුණේ සටන් කරන සෝවියට් දේශයට යොදවන්න පුලුවන් නිසා.අනිත් කාරනය සරලවම සෝවියට් රතු හමුදාවට හිට්ලර් ලොක්කා බය උන එක.තමන්ට මේ විදිහට නැගෙනහිර යුද පෙරමුණේ සැලකිය යුතු ජයග්‍රහනයක් ලබාගන්න බැරි බව battle of kursk වලින් පස්සේ හිට්ලර් තෙරුම් ගන්නවා.

    මේ ප්‍රහාරයෙන් හිට්ලර් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ බෙල්ජියමේ තියෙන Antwerp වරාය අල්ල ගෙන මිත්‍ර හමුදාවෙ 21 වෙනි බ්‍රිතාන්‍ය හමුදාව සහ 12 වෙනි ඇමරිකානු හමුදාව කොටස් දෙකකට වෙන් කරල ඔවුන්ගේ ශක්තිය හීන කරන්න. මේ ප්‍රහාරය සදහ හිට්ලර් තෝරගන්නේ බෙල්ජියමේ තියෙන කැලෑ ප්‍රදේශ බහුල ආර්ඩෙන් (Ardennes) කියන ප්‍රදේශය. මේ ප්‍රදේශය ජර්මන් හමුදාවට අලුත් පැත්තක් නෙමේ. 1940 සිද්ද උන ප්‍රංශ ආක්‍රමනය සදහා පැන්සර් යුධ ටැංකි බලඇණි මෙහෙයවලා මිත්‍ර හමුදා වලට බරපතල හානි කරපු ප්‍රදේශයක්. මේ ප්‍රහාරය සිද්ද වෙන්නේ යුරෝපයට ශීත සෘතුව ලබල තියෙද්දි. මොකද එතකොට කාලගුණය යහපත් නැති නිසා මිත්‍ර හමුදා වලට ඔවුන්ගේ අතිශය බලසම්පන්න ගුවන් හමුදාවෙන් සහායක් ගන්න වෙන්නේ නෑ කියල ජර්මන් හමුදා නායකයො තේරුම් ගන්නවා. කොහොම උනත් තමන්ගේ යුධ ටැංකිත් ශීත සෘතුවෙදි හිතන තරම් පහසුවෙන් හසුරවන්න බෑ කියල ජර්මානු හමුදාව දැනගන්නවා. මේ ප්‍රහාරය සදහා ජර්මානු යුදහමුදාවෙ භටයන් 406,000 පමණත්, යුධ ටැංකි 1214 ක් පමනත් කාලතුවක්කු 4000කට වඩා ප්‍රමානයකුත් සම්බන්ධ වෙනවා. මේ ප්‍රහාරය හිට්ලර් මොන තරම් රහසෙන් සැලසුම් කරාද කියනව නම් සටන මෙහෙයවන්න ඉන්න තමන්ගේ හමුදා ප්‍රධානීන්ටවත් අන්තිම මොහොත වෙනකල් සැලැස්ම ගැන කියන්නේ නැහැ.


    මේ වගේ දැවැන්ත ප්‍රහාරයකට ජර්මානු හමුදාව ලැහැස්ති වෙන බව බුද්ධි තොරතුරු ලැබුනත් මිත්‍රහමුදා නායකයො ඒ ගැන කරන්නේ අඩු තක්සේරුවක්.ජර්මානු හමුදාවට තමන්ට එරෙහිව දැවැන්ත සටනක් කරන්න දැන් ශක්තියක් නැහැ කියල ඔවුන් හිතනවා.ඒ අතින් බැලුවාම හමුදාවන් දෙකම අනිකා ගැන කරන්නේ අඩු තක්සෙරුවක්. මේ සටනෙදි මිත්‍ර හමුදා මෙහෙය වන්නේ ඔවුන්ගේ දක්ෂම වගේම ඉහලම හමුදා නිලදාරීන්.ඒ අතර මිත්‍රහමුදා ඒකාබද්ධ අණදෙන නිලධාරී Dwight D. Eisenhower

    240x240_eisenhower.jpg


    බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් Bernard Montgomery

    article-2230551-0015C72400000258-334_306x368.jpg


    ඇමරිකානු 3 වන හමුදාවේ අණදෙන නිලධාරී George S. Patton

    81dd474f7f9740ca6f279067549d38fa.jpg


    ඒ වගේම මේ ප්‍රහාරය එල්ල වුන ආර්ඩෙන් ප්‍රදේශය බාරව ඉන්නේ 12 වෙනි ඇමරිකානු හමුදාවේ ජෙනරාල් Omar Bradley.
    181px-General_of_the_Army_Omar_Bradley.jpg


    මේ ප්‍රදේශයේ මිත්‍රහමුදා ආරක්ශක වලල්ල ශක්තිමත් එකක් නෙමේ. කිලෝ මීටර් 80 ක් වගේ ප්‍රදේශයක් ආරක්ශා කරන්න ඉන්නේ පාබල හමුදා ඒකක 4ක් විතරයි. එයිනුත් හමුදා ඒකක 2ක් harken වල ඇති වුන සටනෙන් පීඩා වින්දල ඉන්නේ. අනිත් හමුදා ඒකක 2 යුරෝපෙන් ආර්ඩෙන් ප්‍රදේශයට අලුතෙන් ආව ඒකක 2ක්.

    මේ අතරේ ජර්මානු හමුදාවත් අඩුපාඩු රැසකින් පීඩා විදිනව.මිත්‍රහමුදා වල ගුවන් ප්‍රහාර නිසා ජර්මානුවන්ගේ තෙල් සැපයුම අඩාල වෙලා තියෙන්නේ.ඉතින් මේ ප්‍රහාරයෙන් පස්සේ මිත්‍ර හමුදාවල තෙල් සැපයුම් මාර්ග අත්පත් කරගෙන තමන්ගේ හමුදාවලට ඒ තෙල් යොදාගන්න නාසි හමුදාව සැලසුම් කරනවා. ප්‍රහාරයේ රහස්‍ය බව රැකෙන්න ඕනෙ නිසාම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ජර්මානු හමුදාවට සිද්ද වෙනවා.ඔවුන් තමන්ගේ හමුදා ආර්ඩෙන් වලට රැස් කරන්නේ රාත්‍රී කාලයේ. ඒ වගේම තමන්ගේ හමුදාවල ගුවන් විදුලි පනිවිඩ හුවමාරු සම්පූර්නයෙන්ම අත්හිටවනවා.


    කොහොම වුනත් ආර්ඩෙන් ප්‍රදේශයේ නාසිහමුදා එක් රැස් වීමක් ගැන ඒ ප්‍රදේශයේ ඉන්න මිත්‍රහමුදා වලට ඉව වැටෙනවා.නාසි හමුදාවෙ යුද්ධ ටැංකි වල ශබ්දය පවා ඔවුන්ට ඇහෙනවා. මිත්‍රහමුදා වල බුද්ධි අංශ ජර්මන් enigma මැෂින් එකෙන් 6 වන පැන්සර් ඒකකය බාර නිලධාරියට එන රහස් පනිවිඩයක් ග්‍රහනය කරගන්නවා. මේ නිසා නාසි හමුදාව මොකක් හෝ ප්‍රහාරයකට සැරසෙන බව මිත්‍ර හමුදාවන්ට ඒත්තු ගැන්වෙනවා. නමුත් තවමත් ඒකාබද්ධ හමුදා ප්‍රධානී අයිසන්හවර් දිගින් දිගටම ලබන පරාජයන් නිසා ජර්මානු හමුදාවට දැවන්ත ප්‍රහාරයක් තමන්ට එල්ල කරන්න තරම් ශක්තියක් නැහැ කියල විශ්වාස කරනවා.මේ වැරදි මතය නිසා මිත්‍රහමුදා වල සොල්දාදුවන් දහස් ගනනකට තමන්ගේ ජීවිත පූජා කරන්න වෙනවා.

    1944 දෙසැම්බර් 16 රාත්‍රී කාලයේ මිත්‍රහමුදා පුදුමයට පත්කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. මිත්‍රහමුදා වල පනිවිඩ හුවමාරු,සැපයුම් මාර්ග විනාශ කරමින් යුධ ටැංකි පෙරටුකරගෙන නාසි හමුදා ඉදිරියට ඇදෙනවා. ඇමරිකානු හමුදා වල 23000 ක් පමණ සෙබලු අත්අඩංගුවට පත් වෙනවා.
    belgiumfeature3.jpg

    නාසි හමුදා අත්අඩංගුවට ගත් ඇමරිකානු බට පිරිසක්.

    ප්‍රහාරය මොන තරම් අවතක්සේරු කරාද කියනවානම් ඇමරිකානු හමුදාවෙ ආර්ඩෙන් ප්‍රදේශය බාර ජෙනරාල් බ්‍රැඩ්ලි ඕමාර් මුලින් හිතන්නේ මෙය සුලු ප්‍රහාරයක් කියලා.නමුත් සටන පටන් ගෙන ටික වෙලාවක් යද්දි සටනේ භයානක බව මිත්‍රහමුදා ප්‍රධානීන්ට දැනනෙනවා.තමන් අතින් විශාල අතපසු වීමක් උනා කියල ඔවුන් තේරුම් ගනිද්දී විශාල හානියක් සිද්ද වෙලා ඉවරයි. මේ අතරේ ජර්මානු විශේෂ බලකායේ otto skorzeny ගෙ මෙහෙයවීමෙන් තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මිත්‍රහමුදා විදිහට වෙස් වලා ගත්තු නාසි හමුදා භටයො මිත්‍ර හමුදා අතරට රිංගගෙන ඔවුන්ගේ සැපයුම් මාර්ග සහ පණිවිඩ හුවමාරු විනාශ කරනවා.( මේ ගැන විස්තරාත්මක ලිපියක් එලකිරි එකේම තිබුනා)
    13484d1273464608-skorseni.jpg


    otto skorzeny

    මේක නිසා මිත්‍රහමුදා වලට නාසි හමුදා එක්ක සටන් කරන ගමන තමන්ගේ හමුදා අතරට රිංග ගත්ත වෙස්වලාගෙන ඉන්න නාසි හමුදා භටයන් සමගත් යුද්ධ කරන්න වෙනවා. සටන පටන් ගෙන දවස් 3ක් යද්දි ජර්මානු හමුදා මිත්‍ර හමුදාවන්ගේ සීමාවන් පහුකරල කිලෝමීටර් 20 ක් විතර රට ඇතුලට යනවා. මේ අතරේ නාසි හමුදාවටත් බරපතල ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා ඔවුන්ගේ ඉන්ධන සැපයුම් සීමා සහිත නිසා ඔවුන්ට මිත්‍රහමුදා වල සැපයුම් වලින් ඉංධන ලබාගන්න තමා ඔවුන් මෙහෙයුම සැලසුම් කලේ.නමුත් මේ ගැන දැනගන්න ඇමෙරිකන් හමුදාව නාසි හමුදා ඉදිරියට එන මාර්ගයේ තමන්ගේ තියෙන සියලු තෙල් සංචිත විනාශ කරල දානවා. ඒ නිසාම තමන්ගේ හමුදාවටත් ඉන්ධන හිගයත් එක්ක සටන් කරන්න සිද්ද වෙනවා. ඉන්ධන නැතුව යුධ ටැංකි වලින් යුද්ද කරන්න බැරි නිසා මේ ඉන්ධන හිගය ගැන තදින් කෝප වෙන ඇමරිකන් යුධ ටැංකි බලකායෙ කීර්තිමත් ජෙනරාල් වරයෙක් වෙන ජෝර්ජ් එස් පැටන් වරක් ජෙනරාල් ඕමාර් බ්‍රැඩ්ලිට මෙහෙම කියනවා.( “I will shoot the next man who brings me food. Give us gasoline. We can eat our belts.”):rofl::rofl:

    මිත්‍රහමුදා අතරිං රිංග ගත්ත ජර්මානු පැන්සර් හමුදාවටත් ඉන්ධන ප්‍රශ්නෙට අමතරව තවත් ප්‍රශ්න එන්න පටන් ගන්නව.ශීත සෘතුවෙදි හිම මතින් තමන් ප්‍රංශ ආක්‍රමනය කරන කාලේදි වගේ පහසුවෙන් යුධ ටැංකි හසුරුවන්න ඔවුන්ට නොහැකි වෙනවා. ඒ වගේම යුධ ටැංකි වලට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා පැන්සර් යුධ ටැංකි මග නතර වෙනවා. මේ වගේ දෙයක් වෙයි කියල නාසි හමුදාව ක්‍රියාන්විතය සැලසුම් කරද්දි හිතන්නේ නැහැ.

    article-2075565-0F353B7C00000578-185_964x438.jpg


    බොල්ජ් සටනේ හිම මත සටන් කරන යුධ ටැංකි

    මේ අතරේ ඇමරිකන් හමුදාව නාසි හමුදා එන මාර්ගයෙ තිබෙන පාලම් පුපුරවල ඔවුන්ගේ වේගය අඩාල කරනවා. සටන පටන්ගෙන හත් වෙනි දවස වෙද්දි අයහපත් කාලගුනය නිසා මිත්‍රහමුදා සහයට මෙතෙක් යුද්දයට සම්බන්ධ නොවුනු ගුවන් හමුදාවෙ සහය මිත්‍රහමුදා වලට ලැබෙනවා. එත් එක්කම දරුනු ගුවන් සටන් ඇරඹෙනවා. මේ ගුවන් සටන් වලින් ජර්මානු ලුත්වාෆේ හමුදාවට ගුවන් යානා 800 කට අධික ප්‍රමානයකුත් මිත්‍රහමුදා වලට ගුවන් යානා 650 කට අධික ප්‍රමානයකුත් අහිමි වෙනවා. තමන් අතින් වුන වැරදීම් හදාගෙන නාසි හමුදාවෙ ඉදිරි ගමන අඩාල කරන්න මිත්‍රහමුදා සැලසුම් කරනවා.ආර්ඩෙන් වල උතුරු කොටස ආරක්ශා කරන්න සටනින් ඒ තරම් හානි සිදු නොවුනු බ්‍රිතාන්‍ය හමුදාවෙ ෆීල්ඩ් මාෂල් බර්නාඩ් මොන්ටිගොමරි බාරගන්නවා.දකුණු කොටස 12 වන ඇමරිකානු හමුදාවෙ අණ දෙන නිලධාරී ජෙනරාල් බ්‍රැඩ්ලි ඕමාර්ට බාරදෙනවා. මිත්‍රහමුදාවෙ අණදෙන නිලධාරී ජෙනරාල් අයිසන්හවර් යුධ ටැංකි බාරව ඉන්න ජෙනරාල් පැටන් ට අණකරනවා තමන්ගේ අනිත් සේරම මෙහෙයුම් නවත්වල ඉදිරියට එන 5 වෙන පැන්සර් බලකාය නවත්වන්න කියලා. යුද්ධයට ඉතා දක්ෂ නිලධාරියෙක් උන ජෙනරාල් ජොර්ජ් එස් පැටන් මේ වගේ නියෝගයකට ඒ වෙනකොටත් ලෑස්ති වෙලයි ඉන්නේ.

    1945 ජනවාරි 1 වෙනිදා අතිශය දරුණු ගුවන් සටන් මැද්දේ වෙන මේ සටනින් දෙපාර්ශවයේම යුධ ටැංකි රාශියක් අහිමි වෙනවා. මේ සටනේදි ලුත්වාෆේ ගුවන් හමුදාව මරාගෙන මැරෙන ප්‍රහාර රාශියක් මිත්‍රහමුදා වලට එල්ල කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ පුලුවන් තරම් මිත්‍රහමුදා ගුවන් යානා සහ යුධ ටැංකි විනාශ කරන්න. නමුත් ජර්මානු හමුදාවටත් දරුණු හානි වලට මූණ දෙන්න සිද්ද වෙනවා. සටනේ පලපුරුදු නාසි ගුවන් නියමුවන් රාශියක් මේ සටනෙදි ඔවුන්ට අහිමි වෙනවා. මේ විදිහට බරපතල සටන් මැද ජනවාරි මාසේ මැද වෙද්දි නාසි හමුදාව ඔවුන් සටන පටන්ගත්ත තැනටම පසු බස්සවන්න මිත්‍රහමුදා සමත් වෙනවා.නමුත් ඒ වෙද්දි සටනෙන් දෙපාර්ශවයටම විශාල හානි සිද්ද වෙලා.

    හිට්ලර් සැලසුම් කරපු විදිහට ඇන්ට්වර්ප් වරාය අල්ලගෙන මිත්‍රහමුදා වල ඉදිරි ගමන වලක්වන්න සැලසුම් කරපු අන්තිම ප්‍රහාරයත් මැඩපවත්වන්න මිත්‍රහමුදා සමත් වෙනවා. මෙයින් ඉදිරියට නාසි හමුදාවෙන් බරපතල ආක්‍රමන බටහිර පෙරමුණටවත් නැගෙනහිරින් එන සෝවියට් රතු හමුදාවටත් එල්ල වෙන්නේ නෑ.


    මේ සටනෙදි දෙපාර්ශවයම කරන බරපතලම වැරද්ද තමයි අනෙකා අවතක්සේරු කිරීම.ප්‍රමාණවත් සැපයුම් හා ගුවන් බලය නැතුව තමන්ට මිත්‍රහමුදා පරාජය කරන්න පුලුවන් කියල නාසි හමුදාවේ විශ්වාසය වගේම යුද්දෙන් බැට කාල ඉන්න ජර්මානු හමුදාවට තමන්ට එරෙහිව කරන්න පුලුවන් දෙයක් නෑ කියල හිතන මිත්‍රහමුදා විශ්වාසයත් දහස් ගනන් සෙබලු පිරිසකට මරණයේ දොරටු විවර කරල දෙනවා.

    ඉතින් මේ සටන ගැන කිවුව දේවල් වලට වඩා නොකියුනු දේවල් වැඩී.මීට අමතරව කරුනු දන්නවනම් හැමෝටම දැනගන්න පහලින් කොටාගෙන යන්න කියල හැමෝටම ආරධනා කරනවා.:D:D
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    තවත් වටිනා ලිපියක්. තෑන්ක්ස් මචං. පුලුවන්නම් මට Otto Sikorsky ගැන තිබ්බ thread එකෙයි Stalingrad ගැන තිබ්බ thread එකෙයි ලින්ක් ටික හොයලා දෙන්න. ලොකු උදව්වක්.

    මේ සටන ගැන Battle of the Bulge නමින් film එකක් තියෙනවා.
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    තවත් වටිනා ලිපියක්. තෑන්ක්ස් මචං. පුලුවන්නම් මට Otto Sikorsky ගැන තිබ්බ thread එකෙයි Stalingrad ගැන තිබ්බ thread එකෙයි ලින්ක් ටික හොයලා දෙන්න. ලොකු උදව්වක්.

    මේ සටන ගැන Battle of the Bulge නමින් film එකක් තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751052
    http://www.elakiri.com/forum/showthread.php?t=1795228
    http://www.elakiri.com/forum/showthread.php?t=1711208
    http://www.elakiri.com/forum/showthread.php?t=1714068
    http://www.elakiri.com/forum/showthread.php?t=1711067
    http://www.elakiri.com/forum/showthread.php?t=1711441

    ෆිල්ම් එකක් තියෙනවා කියල මම දැනගෙන හිටියෙ නැහැ මචන්..මෙන්න ඒ ලිපි ටික.
    :D:D
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,562
    113
    Thanks මචං. ටිකක් පරණ Film එකක් තියෙනවා. අවුරුදු 8 කට විතර වගේ කලින් ITN එකෙත් ගියා.

    Operation Chromite film එකත් බලපන්. Korean යුද්දෙදි South Korean බුද්ධි අංශෙ 8 දෙනෙක් කරපු පට්ටම මෙහෙයුමක් තියෙන film එකක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    හිට්ලර් සමහර මෝඩ තීරන නොගත්තනම් අද ලෝකේ වෙනස් . යුරොපේ කියන්නේ එකක් රුසියාව කොනකට ගාල් වෙනවා .
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    නාසි හමුදාව කියන එක වැරදියි. SS අය තමා නාසි. German army එකේ ගොඩක් අය නාසි නෙවෙයි.