දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට 5 ක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට 5 ක්

    දෙවන ලෝක යුද්ධය පාදක කරගත් චිත්‍රපට ගණනාවක් බිහිවී තිබෙනවා. ඩන්කර්ක් චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මේ ගැන උනන්දුව යලිත් අලුත් වුණා.

    අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධය පදනම් වූ තවත් ප්‍රකට චිත්‍රපට පහක් ගැනයි. මෙම ඇතැම් චිත්‍රපටිවල වෙනත් භාෂාවන් අවශ්‍ය පරිදි යොදාගෙන ඇතත් මේවා සාමාන්‍යයෙන් සැළකෙන්නේ ඉංග්‍රීසි චිත්‍රපට ලෙසයි.

    වෙනත් භාෂාවලින් තැනුන දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපටි ගැන අපි ඉදිරියේදී විස්තර කරන්න බලාපොරොත්තු වනවා.





    01. Saving Private Ryan



    130-701x701.jpg



    මෙය ඉතාම ප්‍රකට චිත්‍රපටයක් බවට විවාදයක් නැහැ. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙය 1998 දී නිකුත් වූ අතර 1944 ජූනි 6 වනදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීම​ ඉතාම තාත්වික ලෙස නිරූපණය කෙරෙන චිත්‍රපටයක් සේ සැළකෙනවා.

    මෙහි කතා පුවතෙහි දැක්වෙන්නේ සාමාන්‍ය සෙබළ ජේම්ස් රයන් යුධ පෙරමුණෙන් ආපසු රැගෙන ඒම සඳහා කරන මෙහෙයුමක්.

    රයන් පවුලේ සහෝදරයින් තිදෙනකු එකම සතියකදී යුද්ධයේදී මිය යන බව දැනගන්නා ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් සී. මාර්ෂල් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙනවා. ටොම් හෑන්ක්ස්, එඩ්වර්ඩ් බර්න්ස්, මැට් ඩේමන් යනාදීන් මෙහි රඟපානවා.




    02. The Longest Day



    219-701x701.jpg




    1962 දී නිකුත් වූ කලු සුදු චිත්‍රපටයක් වන මෙය ඉංග්‍රීසි මෙන්ම ජර්මන් සහ ප්‍රංශ දෙබස් ද අඩංගු චිත්‍රපටයක්.

    1959 දී පළ වූ, කොර්නේලියස් රයන් විසින් රචිත The Longest Day පොත මෙයට පාදක වනවා. මෙහි longest day හෙවත් දිගම දවස ලෙස හැඳින්වෙන්නේ 1944 ජූනි 6 වනදායි. මිත්‍ර පාක්ෂික හමුදා නෝර්මැන්ඩි වෙරළට ගොඩ බැසීමේ සූදානම මෙන්ම එම මෙහෙයුමේ පළමු දිනය පිළිබඳ ඉතා විචිත්‍රවත් ලෙස සැකසූ කතා පුවතක් මෙහි අඩංගුයි.

    ජෝන් වේන්, හෙන්රි ෆොන්ඩා, රොබර්ට් මීචම්, ශෝන් කොනරි ආදීන් මෙහි රඟ පෑවා. එමෙන්ම මෙම නිර්මාණය සඳහා එදින යුධ පෙරමුණෙහි සත්‍ය වශයෙන්ම සිටි ජර්මන්, ඇමරිකන්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්ගේ වැන්දඹුව ලුසී රොමෙල්ගේද උපදෙස් ලබාගනු ලැබුණා.




    03. Bridge on the River Kwai (ක්වායි ගඟේ පාලම​)


    31-16-701x701.jpg
    ලංකාවේ කිතුල්ගල තැනුණ පාලම​ (www.4.bp.blogspot.com[/CENTER])​





    මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පටිගත කෙරුණ චිත්‍රපටයක්. මෙහි අඩංගු වන්නේ ජපනුන් විසින් මිත්‍ර පාක්ෂික යුධ සිරකරුවන් යොදාගෙන පාලමක් ඉදි කරන කතා පුවතක්.

    මෙම කතාවට පාදක වූ සත්‍ය පාලම තායිලන්තයේ කන්චනබුරි ආසන්නයේ පිහිටා තිබෙනවා. ප්‍රංශ නවකතාකරු පියෙර් බූල්ගේ නවකතාවක් ඇසුරින් ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කොට තැනූ මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන හතක් දිනා ගත්තා.

    විලියම් හෝල්ඩන්, ජැක් හෝකින්ස්, සහ ඇලෙක් ගිනස් මෙන්ම සෙසුවෙ හසකාවා ද මෙහි අමතක නොවන රංගනයන් හි යෙදෙනවා.




    04. A Bridge too Far​


    415-701x701.jpg



    මෙයත් පාලමක් ගැන කතාවක්. එමෙන්ම කොර්නේලියස් රයන්ගේ පොතක් ඇසුරින් තනන ලද චිත්‍රපටයක්. 1974 දී පළ වූ A Bridge too Far ග්‍රන්ථය ඇසුරින් නිමවූ මෙම චිත්‍රපටය 1977 දී නිකුත් වුණා.

    මෙහි කතා පුවත සඳහා පාදක වන්නේ Market Garden මෙහෙයුම යි (Operation Market Garden). නෝර්මැන්ඩි ගොඩ බැසීමෙන් මාස කිහිපයකට පසු, ජර්මන් හමුදාවලට එරෙහි මිත්‍ර හමුදා මෙහෙයුම් පහසු කිරීම සඳහා, ජර්මන් පාලන ප්‍රදේශය ඇතුලත වන පාලම් කිහිපයක් අල්ලා ගැනීම පිණිස පැරෂුට් භටයන් යොදවා මෙම මෙහෙයුම කරනු ලබනවා. මෙහිදී ආර්නෙම් නම් නෙදර්ලන්ත නගරයේ වන පාලම අල්ලා ගැනීමට අසමත් වීම මෙම චිත්‍රපටයට පාදක වනවා.

    ඩර්ක් බොගාඩ්, ජේම්ස් කාන්, මයිකල් කේන්, ශෝන් කොනරි ආදීන් රඟ පෑ මෙහි අධ්‍යක්ෂණය සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රිචර්ඩ් ඇටෙන්බරෝ විසින් සිදු කෙරුණා​



    05. වැල්කයිරි



    511-701x701.jpg



    බ්‍රයන් සිංගර් අධ්‍යක්ෂණය කළ ටොම් කෲස් ප්‍රධාන චරිතය රඟපෑ වැල්කයිරි චිත්‍රපටය 2008 දී නිකුත් වුනා.

    මීට පාදක වන්නේ 1944 ජූලි 20 වනදා ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කිරීමටත් ජර්මනියේ බලය අල්ලා ගැනීමටත් කළ සැලසුමයි.

    හිට්ලර් මරා දැමීමට ක්ලවුස් ෆොන් ස්ටෝෆන්බර්ග් විසින් කළ උත්සාහය අසාර්ථක වූ අතර ජර්මනියේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණකරුවන් කළ උත්සාහයත් අසාර්ථක වුණා.


    තවත් දෙවන ලෝක යුද්ධය පිළිබඳ චිත්‍රපට කිහිපයක්


    The Pianist (2002)​

    MV5BOWRiZDIxZjktMTA1NC00MDQ2LWEzMjUtMTliZmY3NjQ3ODJiXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_SY1000_CR0,0,724,1000_AL_.jpg






    Schindler's List (1993)



    MV5BNDE4OTMxMTctNmRhYy00NWE2LTg3YzItYTk3M2UwOTU5Njg4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg





    The Book Thief (2013)




    MV5BOTE3NzkyMjAyNF5BMl5BanBnXkFtZTgwMDc5MTE0MDE@._V1_SY1000_CR0,0,668,1000_AL_.jpg




    Empire of the Sun (1987)




    MV5BMmQwNzczZDItNmI0OS00MjRmLTliYWItZWIyMjk1MTU4ZTQ4L2ltYWdlXkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_SY1000_SX670_AL_.jpg




    The Thin Red Line (1998)



    MV5BYjEzMTM2NjAtNWFmZC00MTVlLTgyMmQtMGQyNTFjZDk5N2NmXkEyXkFqcGdeQXVyNzQ1ODk3MTQ@._V1_SY1000_CR0,0,673,1000_AL_.jpg


    Inglourious Basterds (2009)


    MV5BOTJiNDEzOWYtMTVjOC00ZjlmLWE0NGMtZmE1OWVmZDQ2OWJhXkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_SY1000_SX675_AL_.jpg




    Downfall (2004)



    p35549_v_v8_aa.jpg



    Fury (2014)


    MV5BMjA4MDU0NTUyN15BMl5BanBnXkFtZTgwMzQxMzY4MjE@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg




    Pearl Harbor (2001)



    MV5BMTQ3MDc0MDc1NF5BMl5BanBnXkFtZTYwODI1ODY2._V1_.jpg


    Darkest Hour (2017)​


    MV5BNTU4MjMwOTgyMV5BMl5BanBnXkFtZTgwODQzNjY2NDM@._V1_SY1000_SX675_AL_.jpg





    Dunkirk (2017)



    MV5BN2YyZjQ0NTEtNzU5MS00NGZkLTg0MTEtYzJmMWY3MWRhZjM2XkEyXkFqcGdeQXVyMDA4NzMyOA@@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg



    Anthropoid (2016)




    MV5BMjIxNzE0NjY1Nl5BMl5BanBnXkFtZTgwNjYzOTkxOTE@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg


    Hacksaw Ridge (2016)​


    MV5BMjQ1NjM3MTUxNV5BMl5BanBnXkFtZTgwMDc5MTY5OTE@._V1_SY1000_CR0,0,647,1000_AL_.jpg





    ගත්තේ මෙතනින්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hack Shaw Redge ,Fury , Pearl Harbour , Downfall
    එහෙම පට්ටම movies ටිකක් :rolleyes:
    ඉතුරුවත් බලන්න ඕනා
    තැන්ක්ස් ෆෝ ද ෂෙයාර් බ්රූහ්
    11.gif

    +Reps ;)
     
    • Like
    Reactions: s.a.s