දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රමුඛ සටන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රමුඛ සටන්

    YOORmCI.jpg

    දෙවන ලෝක යුද්ධය පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක විය.ජර්මනිය රුසියාව සමග යුරෝපයේ නැගෙනහිර පෙරමුණේ සටන් වැදිණි.දෙවන ලෝක යුද්ධයේ බිහිසුණුම සටන් සිදුවූයේ මෙම නැගෙනහිර පෙරමුණේය.1944 පටන් ජර්මනියට යුරෝපයේ බටහිර යුද පෙරමුණක්ද විවෘත වූයේ මිත්‍ර හමුදා ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයට සහ ඉතාලියට ගොඩ බැස ඉදිරියට ගමන් කල නිසාය.ඊට අමතරව ඉතාලි සහ ජර්මන් හමුදාවලට අප්‍රිකාව තුලට සටන් වදින්නට සිදුවිය.ජපානය පැසිෆික් සාගරයේ සහ චීනය,ඉන්දු චීනය යන ප්‍රදේශවල සටන් වැදිණි.මෙම සටන් අතිශය දරුණු ඒවා විය.වැඩිම ජීවිත ප්‍රමාණයක් වැනසුනේ ජර්මන්-රුසියන් ගැටුම්වලදීය.එයිනුත් වැඩිම හානිය සිදුවූයේ රුසියානුවන්ටය.ස්ටාලින්ග්‍රාඩ්,ඉවෝ ජිමා,ග්වාඩල්කැනල් ආදී සටන් වලදී විශාල ජීවිත ප්‍රමාණයක් පුදා ජයග්‍රහණ ලබාගන්නට මිත්‍ර පාර්ශ්විකයන් සමත්විය.සංග්‍රාමය අතරතුර දරුණු යුද අපරාධ සිදුවිය.1939 පටන් 1945 දක්වා පුද්ගලයන් මිලියන 22කට ජීවිත අහිමිවිය.


    දෙවන ලෝක යුද්ධයේ සිදූවූ ප්‍රධානතම සටන් කිහිපයක් සම්බන්ධ කෙටි විස්තරයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.




    කල්කින් ගෝල් සටන

    කාලසමය:1939 මැයි 11 - සැප්තැම්බර් 16

    සහභාගීත්වය:සෝවියට් දේශය සහ මොන්ගෝලියාව, ජපානය

    ප්‍රතිඵලය: රුසියාව සහ මොන්ගෝලියාව සටනින් ජය ලබාගත්හ.​

    1931 වසරේදී ජපානය විසින් චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරන ලදි.මෙම සිද්ධියෙන් පසුව සෝවියට් දේශය එම දේශසීමාවේ විමසිල්ලෙන් පසුවිය.මෙම ප්‍රදේශයේ නිතර සටන් ඇවිළුණද ජපානය තීරණාත්මක පරාජයෙක් ලැබුවේ මෙම සටනේදීය.දෙපක්ෂයෙන්ම ලක්ෂයකට ආසන්න පිරිසක් සටනට එක්විය.ජපානය මැන්චූරියා දේශසීමාව ආසන්නයේදී පරාජයට පත්විය.1941 දී රුසියා - ජපන් ගිවිසුමක් අත්සන් කරන ලදි.ඒ අනුව තවකෙක් අනෙකාගේ භූමිය ආක්‍රමණය කිරීමෙන් වැළකෙන බවට ගිවිස ගන්නා ලදි.නමුත් ගිවිසුම බිඳ දමමින් 1945 දී සෝවියට් දේශය විසින් ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.






    බ්‍රිතාන්‍ය සටන (බ්‍රිතාන්‍යයේ ගුවන් සටන)

    කාලසීමාව:1940 ජූලි 10 - ඔක්තෝම්බර් 31

    සහභාගීත්වය:එක්සත් රාජධානිය සහ කැනඩාව,ජර්මනිය සහ ඉතාලිය

    ප්‍රතිපලය:බ්‍රිතාන්‍යයට තීරණාත්මක ජයක්

    බ්‍රිතාන්‍ය සටන යනු දෙවන ලෝක යුද්ධයේ තවත් එක් වැදගත් සටනකි.මෙය ගුවන් සටනක් ලෙස හඳුන්නේ නම් නිවැරදිය.ජර්මනිය තම ගුවන් හමුදාව යොදාගෙන බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර වෙත පහරදෙන ලදි.නමුත් ඔවුන්ගේ මූලික උපාය වූයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විනාශ කිරීමයි.නමුත් බ්‍රිතාන්‍ය සතු රේඩාර් පද්ධතියේ පිහිටෙන් ජර්මන් ගුවන් යානා විශාල ප්‍රමාණයක් බිම හෙළන්නට බ්‍රිතාන්‍යන් සමත්විය.බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ද ඔවුන්ගේ උපරිම සහාය සටනට ලබාදෙමින් ගුවන් සටන්වලදී ජර්මන් යානා පරදන්නට සමත්විය.අසාර්ථක වූ ගුවන් ආක්‍රමණයත් බ්‍රිතාන්‍යය ගුවනේ ආධිපත්‍ය ලබාගැනීමට නොහැකිවීමත් යන කාරණා මත හිට්ලර් සැලසුම් කර තිබූ ඔපරේෂ සී ලයන් නම් පාබල හමුදා යොදාගෙන බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමේ සැලැස්ම කල්දමන්නට හෝ අතහැරදමන්නට සිදුවිය.කෙසේවෙතත් මෙම සටනේ ජයග්‍රහණය නිසා තම හමුදාව නැවත ගොඩනැංවීමට බ්‍රිතාන්‍යයන්ට කාලය ලැබිණි.





    පෝලන්ත ආක්‍රමණය

    කාලසීමාව:1939 සැප්තැම්බර් 1 - ඔක්තෝම්බර් 6

    සහභාගීත්වය:ජර්මනිය,සෝවියට්දේශය සහ පෝලන්තය

    ප්‍රතිපලය:අක්ෂ බලවතුන්ට සහ සෝවියට් දේශයට ජය හිමිවීම​

    ජර්මනිය සහ සෝවියට් දේශය ඇතිකරගත් ගිවිසුමට අනුව දෙදෙනා අතරේ පෝලන්තය බෙදාගන්නා ලදි.පළමුව පෝලන්තය ආක්‍රමණය කලේ ජර්මනිය විසිනි.එම ආක්‍රමණය දෙවන ලෝක යුද්ධයද ඇරඹීමට හේතුවිය.1939 සිදුවූ මෙම ආක්‍රමණයෙන් පසුව සෝවියට් දේශයද ගිවිසුමේ ප්‍රකාරව නැගෙනහිරින් පෝලන්ත ආක්‍රමණය කරන ලදි.මෙම ආක්‍රමණය සිදුවන විට තම උදව්වට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඉදිරිපත්වේ යැයි පෝලන්තය බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් සිදුනොවීය.ඔවුන් ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ ආක්‍රමණයෙන් දින 3කට පසුවය.සටන්වලින් පෝලන්ත ජාතිකයන් 65,000ක් පමණ මියගියහ. ජර්මන් සහ රුසියානු සෙබලුන් 95,000ක් පමණ තුවාල ලබන්නට හෝ මියයන්නට ඇති.​






    ඔපරේෂන් බාබරෝසා

    කාලසමය :1941 ජූනි 22 - දෙසැම්බර් 5

    සහභාගීත්වය:ජර්මනිය,රුමේනියාව,ඉතාලිය,හංගේරියාව,ස්ලෝවැකියාව,ක්‍රොයේෂියාව,ෆින්ලන්තය සහ සෝවියට් දේශය.

    ප්‍රතිපලය:උපාය මාර්ගික ජයග්‍රහණයක් සෝවියට් දේශය විසින් ලබාගත්තේය.​

    1941 ජූනි මස 22දා සෝවියට් දේශය ,නාසි හමුදා විසින් ආක්‍රමණය කරන ලදි.මෙම මෙහෙයුම තුල දෙවන ලෝක යුද්ධයේ සිදුවූ වැදගත් සටන් රැසක්ම අඩංගුය.හිට්ලර් සෝවියට් ආක්‍රමණයකට අණ දුන්නේ ජර්මන් භූමිය ප්‍රසාරණයේ සැලැස්ම සාර්ථක කරගැනීමට,සම්පත් ලබාගැනීමට සහ වහල් ශ්‍රමය සපයා ගැනීමටය.ඔහු මිලියන 4.5ක් පමණ සෙබලුන් මේ සඳහා යොදාගන්නා ලදි.මෙම මෙහෙයුම දියත් කරන විට සෝවියට් හමුදා ඊට සූදානමින් සිටියේ නැත.මේ හේතුව නිසා ජර්මනියට මුල් සමයේ කඩිනම් ජයග්‍රහණ අත්කරගන්නට හැකිවිය.මෙම මෙහෙයුම අවසන් වන්නේ මොස්කව් සටනින්ය.මෙහිදී සෝවියට් හමුදාවට අතිවිශාල පිරිසක් අහිමිවිය.





    මොස්කව් සටන​

    කාලසීමාව: 1941 ඔක්තෝම්බර් 2 - 1942 ජනවාරි 7

    සහභාගීත්වය:සෝවියට් දේශය සහ ජර්මනිය

    ප්‍රතිපලය:සෝවියට් දේශයට තීරණාත්මක ජයක්

    දේශපාලනික සහ හමුදාමය වශයෙන් වැදගත් නගරයක්වූ මොස්කව් නගරය අල්ලා ගැනීම මෙහි අරමුණ විය.අක්ෂ බලවතුන් සිතා සිටියේ ශීත සෘතුවට පෙර ඔවුන්ට මොස්කව් යටත් කරගත හැකිබවයි.එම නිස ආක්‍රමණයට සහභාගීවූවන් සතුව ප්‍රමාණවත් ශීතලට එරෙහි ඇඳුම් නොතිබිණි.නමුත් ශීත දේශගුණයක සටන් කර පළපුරුද්ධ සහිත සයිබීරියානු සෙබලු සෝවියට් දේශය සතුවිය.1941 දෙසැම්බර් මාසයේ 5 වන විට නාසි හමුදාව ක්‍රමයෙන් පසුබස්සවන්නට රුසියානුවන් සමත්විය.මෙම සටනේදී ජර්මනියට සෙබලුන් 400.000ක් පමණ අහිමිවූ බව කියවේ.






    ස්ටාලින්ග්‍රාඩ් සටන

    කාලසමය: 1942 අගෝස්තු 23 - 1943 පෙබරවාරි

    සහභාගීත්වය:ජර්මනිය සහ සෝවියට් දේශය

    ප්‍රතිපලය:සෝවියට් දේශයට ජයග්‍රහණය​

    දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්විකයන්ගේ ජයග්‍රහණයේ අඩිතාලම වූයේ මෙම සටනයි.මෙම සටන සෝවියට් දේශයේ උතුරේ සිට කැස්පියන් මුහුද දක්වා විහිදී තිබිණි.මෙම සටනින් සෝවියට් දේශය පරාජය කලයුතුබව හිලට්ලර් තරයේ විශ්වාස කල අතර සෝවියට් නායකයා වූ ස්ටාලින්ද සටන අතහැරියේ නැත.සටනේ මුල් සමයේ නාසීන් සාර්ථක වුවද සෝවියට් දේශයෙන් එල්ල වූ ප්‍රතිවිරෝධය ක්‍රමයෙන් වැඩිවිය.මෙම සටනේදී ජර්මනියට ඔවුන්ගේ සිව්වන හමුදාවම අහිමිවිය.91,000ක් පමණ සෙබලුන් පිරිසක් සෝවියට් හමුදාව හමුවේ යටත්විය.





    නොමැන්ඩි ආක්‍රමණය​

    කාලසමය:1944 ජූනි 6 - 1944 ජූලි මැද

    සහභාගීත්වය:එක්සත් ජනපදය,ප්‍රංශය,බ්‍රිතාන්‍යය,පෝලන්තය,ඕස්ට්‍රේලියාව,බෙල්ජියම,නවසීලන්තය,නෙදර්ලන්තය,නොර්වේ,ග්‍රීසිය සහ ජර්මනිය

    ප්‍රතිපලය:මිත්‍ර පාර්ශ්විකයන්ගේ ජයග්‍රහණය

    දෙවන ලෝක යුද්ධයේ ප්‍රසිද්ධතම සටනක් ලෙස මෙය හැඳින්විය හැකිය.මෙම ගොඩබැසීම සහ ජයග්‍රහණය මිත්‍ර පාර්ශ්විකයන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.1944 ජූනි 6 වැනිදා ඇරඹි මෙම මෙහෙයුම ඔස්සේ ඇමෙරිකා ,බ්‍රිතාන්‍ය ,කැනේඩියානු හමුදා ප්‍රංශයේ නොමැන්ඩි ප්‍රදේශයේ වෙරළේ ස්ථාන පහකින් ප්‍රංශයට ඇතුලුවිය.පාබල හමුදාවේ සහාය ගුවන් හමුදාව එක්විය.මෙම ආක්‍රමණය ගැන ජර්මනිය දැන සිටිමුත් ගොඩබසින ස්ථානය නිවැරදිව දැන නොසිටි නිසා ප්‍රබල සටනක් දෙන්නට ජර්මනියට නොහැකිවිය.මාස ගණනක් පුරා පැවති සටන්වලින් පසුව මිත්‍ර හමුදා අගෝස්තු මාසය වන විට ප්‍රංශය තුල ස්ථාවටත්වයක් ගොඩනගා ගැනීමට සමත්විය.සටනේදී ජර්මානුවන් ලක්ෂ තුනකට වැඩි පිරිසක්ද ,මිත්‍රපාර්ශ්විකයන්ට ලක්ෂ දෙකකට වැඩි පිරිසක්ද අහිමිවිය.






    ඔකිනාව සටන

    කාලසමය: 1945 අප්‍රේල් 1 - 1945 ජූනි 22

    සහභාගීත්වය:එක්සත් ජනපදය ,බ්‍රිතාන්‍යය සහ ජපානය

    ප්‍රතිපලය:මිත්‍ර පාර්ශ්විකයන්ට ජයග්‍රහණය​

    මෙය නැගෙනහිර චීන මුහුදේ තායිවානය සහ ජපානය අතර පිහිටි දූපත් සමූහයෙන් එකකි.දෙවන ලෝක සංග්‍රාමයේ දරුණුම සටන්වලින් එකකි.මාස ගණනක් පැවතුණු ගැටුම්වලින් දෙපක්ෂයේම දහස්ගණනකට ජීවිත අහිමීය.ඔකිනාව දූපත යනු එක්සත් ජනපදයට උපක්‍රමශීලී ස්ථානයකි.එහි පාලනය ජපානය සතුවූ අතර ජපානයට එරෙහි සංග්‍රාමයේදී මෙම දූපතේ අයිතිය තමන් සතුව තිබීමේ වැදගත්කම දුටු ඇමෙරිකාව 1945 මාර්තු මාසයේ ඊට පහරදෙන ලදි.ජපනුන් මරාගෙන මැරෙන යානා යොදාගෙන දරුණු ලෙස සටන් කල අතර ගොඩබිම් ප්‍රහාරද එල්ල කරන ලදි.නමුත් ඔවුන්ට සාර්ථකවන්නට නොහැකිවිය.ඇමෙරිකාව සටනින් ජයගත් මුත් ඒ සඳහා ඔවුන්ට ජීවිත 20,000කට වඩා පරිත්‍යාග කරන්නට සිදුවිය.ජපානයේ එම ගණන ලක්ෂයකට ආසන්න විය.





    බර්ලින් සටන​

    කාලසමය: 1945 අප්‍රේල් 16 - මැයි 2

    සහභාගීත්වය:සෝවියට් දේශය,පෝලන්තය සහ ජර්මනිය

    ප්‍රතිපලය:සෝවියට් දේශයට ජයග්‍රහණය

    බර්ලින් සටන ඉතිහාසයට විවිධ සිද්ධීන් එක්කරන්නට සමත්විය.එකක් නම් බර්ලින් තාප්පයයි.මෙය 1945දී ඇරඹුණු අතර අක්ෂ බලවතුන්ට එරෙහිව යුරෝපය තුල ක්‍රියාත්මක වූ අවසන් මෙහෙයුම මෙයයි.සෝවියට් හමුදාව ස්ටාලින්ග්‍රාඩ් සටනින් අරඹා නොකඩවා ගෙන ආ ප්‍රතිප්‍රහාරක ව්‍යාපාරය බර්ලින් නගරය දක්වාම ගෙන යන ලදි.දෙවන ලෝක යුද්ධයේ යුරෝපා අදියරය එලෙස අවසන් විය.






    බල්ජ් සටන

    කාලසමය :1944 දෙසැම්බර් 16 - 1945 ජනවාරි 25

    සහභාගීත්වය:එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය,ප්‍රංශය,කැනඩාව,බෙල්ජියම,ලක්සැම්බර්ග්

    ප්‍රතිපලය:මිත්‍ර පාර්ශ්විකයන්ට ජය හිමිවිය.

    මෙම සටන ජර්මන් යුද ටැංකි සහ මිත්‍ර පාර්ශ්වික යුද ටැංකි අතර සටනක් විය. සටන දියත්වන්නේ Adrennes නම් ප්‍රදේශයේ සිටය.නාසීගේ අරමුණ වූයේ මිත්‍ර පාර්ශ්විකයන් පුදුමයට පත්කරමින් ඔවුන්ගේ පෙරමුණ දෙකඩ කිරීමයි.නමුත් ඒ සැලැස්ම අසාර්ථකවිය.







    Source:Enkivillage.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: djminuka and SLCRI

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Patta bn... Call of duty games play karaddi samahara mission me wage hadala thiyenne.