දෙවිවරු කියන්නේ කවුද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    දෙවිවරු වර්ග 3ක් තිපිටකයේ සදහන් වෙනවා.
    1. සම්මත දේව
    2. විසුද්දී දේව
    3. උප්පත්ති දේව
    සම්මත දේව

    බුදු හාමුදුරුවන්ගේ කාලයේ මේ රටේ ජිවත් වුනා "දේව" කියලා ගෝත්‍රයක්. සිදුහත් කුමරා දේව ගෝත්‍රිකයෙක්. දේව ගෝත්‍රික ගැහැනුන්ට කියන්නේ "දේවී" කියලා. උදාහරන -> මහමායා දෙවි, දුටු ගැමුණුගේ මව විහාරමහා දේවි.

    එතකොට, මහසෙන් රජු තවත් දෙවියෙක්. සිදුහත් කුම්රාගේ එකම පංතියක ඉගෙන ගත්ත දේව ගෝත්‍රික ලිච්ඡවි රජෙක්. මෙයා, සිදුහත් කුමරාගේ මගුල් කඩුව තැන්පත් කරලා කිරි වෙහෙර ඉදි කරනවා. මෙයා සාසනේට කරපු සේවාවන් නිසා මල පසු "කතරගම දෙවියෝ" ලෙස මිනිස්සු දේවත්වයෙන් සලකන්න ගන්නවා.

    තවත් ඒ වගේ සම්මුති දෙවියෝ -> සක්‍රයා, විෂ්ණු (උප්පලවන්නා), ශිවා (රාවනා ගේ කාලයේ රජෙක්).

    එතකොට, මේ ලඟදි කැලණිය පැත්තේ ඔරු පදින මනුස්සයෙක් වාසය කරාලු. මෙයා ගං වතුරක් ගලපු මොහොතක ජිවිත බේරා ගන්න කටයුතු කරාලු. මෙයා මල පසු, ඒ පළාතේ මිනිස්සු මෙයාට දේවත්වයෙන් සළකන්න ගන්නවා. නිකන් නොවේ, දේවාල පවා ඉදි කරලා. මේ වගේ ලංකාවේ මිනිස්සුන්ගේ ආදී කාලයේ ඉදන් එන සිරිතක් තියෙනවා .

    එතකොට මේ වගේ මිනිස්සුන්ගේ සම්මුතියෙන් හදා ගන්න දෙවි වරුන් තමයි "සම්මුති දේව".

    විසුද්දී දේව

    අරිහතුන් වහන්සේලා "විසුද්දී දේව" ලෙස සලකනවා.

    උප්පත්ති දේව

    මේ අය ඕපපාතික ජීවින්. මේ අයට ස්ත්‍රී/පුරුෂ බේදයක්, නමක්. උපදින්න මවු කුසක් අවශ්‍ය නැත. එක පාරට උපදිනවා, ඒ වගේම මැරෙනවා.

    මේ ගොලන්ට තියෙන්නේ එකම අකාරයේ සියුම් ශරීරයක්. අවයව වලින් ස්ත්‍රී/පුරුෂ බේදයක් නැතිවුනත්, ස්ත්‍රී/පුරුෂ ගති තිබය හැකියි.

    මාර්ග එල ලාභී දෙවිවරු මේ බන පදය අහුන විගස, බන අහන්න එනවා.

    සමන්තා චක්ක වාලේසූ - අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස - සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ - අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ - අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ - අයං බදන්තා

    නමුත් බන නොවේ නම් ආපු විගසම අයෙමත් යනවා. මේ අයට පුලුවන් ඒ ගොල්ලන්ගේ කන පමණක් මනුෂ්‍ය කනක් ලෙස ආවේශ කරලා බන අහන්න.
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    4. වලතර දේව

    3aiYj8m.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔහොම කියලා අන්තිමටම බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියන්නද හදන්නෙ ?
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මිනිසා ගේ පරිකල්පන හැකියාව හැර වෙන කිසිදෙයක් දෙවියන් තුළින් දැකිය නොහැක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දෙවිවරු යනු මිනිසුන් විසින් හිතින් මවා ගොතාගන්නා ලද මනකල්පිත චරිත වේ.
     
    • Like
    Reactions: dilann and Ryan08