දෙවෙනි රැල්ලට විසදුම්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    122803908_1728383990651511_374981662067055312_n.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Tv president kenek ekak Mona practical solutions da bao
    Tv series ekak balanna wenne issarahata
    Oya adath kiuwwa janathawa waradi kiyala
    යකො ජනදිපති නලුවෙක් විතරඊ
    ඩඔ උඩ බලන් හිටපල්ල
    අස්ස්ය ගියා,
    අර්මි,පොලිස්,පීඑච් අය් ලා,ඈමතිලා ට්වි බදාගෙන එක එක කතා කියනව උන් ගොඩ යන්න,ඩොකලා ගෙවල් වල,වෙන රටවල ප්‍රඩන පුරවසියා රට වෙනුවෙන් ජනතව අමතන්නෙ,ලන්කවෙ අගමතියා රතන සුත්‍රය ඩන්නලු මුන්ගෙ නඩගම් පුරයක් මෙක
     
    Last edited:
    • Like
    Reactions: viribus

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ පෞද්ගලික මතය නම්,

    ලොක් ඩවුන් කියන දේ කොරෝනා වලට කිසිම විදියකින් විසඳුමක් නෙමෙයි. මේක ස්වභාවික වෛරස් එකක්. ස්වභාවයෙන් ජනගහනය අඩු කරන්න ගෙනාපු එකක්. මේ වෛරස් එක ලොක් ඩවුන් කර කර පාලනය කරන්න හදනව කියන්නෙ අන්තිමේදි පාලනය කරන්න හදන අයට හති වැටෙන එක විතරයි වෙන්නෙ. කවද වෙනකල් ලොක් ඩවුන් කරන්නද? දැන් කරල ගොඩදාගත්තත් ආයිත් එනව එකෙක්ගෙන් හරි. එකෙක් මැටි වැඩක් කරත් ඇති. වෙනත් රටවලින් යැපෙන අපි වගේ රටකට කොහොමටවත් ඒක කරන්න බෑ ප්‍රායෝගික නෑ.

    මගේ මතය නම් මේක පැතිරෙන්න දෙන්න ඕන කියන එක. එහෙම නොවී මේ වගේ ලොක් ඩවුන් විකාර කර කර හිටියොත් අන්තිමේදි ඒකෙ Impact එක තව පරම්පරා දෙක තුනකට උනත් යන්න බැරි කමක් නෑ ආර්ථිකමය වශයෙන්. අපේ වගේ රටකට ලොක් ඩවුන් කියන මාතෘකාව හිතන්නවත් පුලුවන්කමක් නෑ.

    රජයක් වශයෙන් සිද්ධ වෙන්න ඕන පළවෙනි දේ තමයි දිගට පැතිරෙද්දි එක ජීවිතයක් හරි වැඩියෙන් බේරගන්න පුලුවන් විදියට සෞඛ්‍ය පද්ධතිය හදන එක. ventilators දැන් ඉඳලම ගෙන්නල කොරෝනා හැන්ඩ්ල් කරන්න විතරක් පුලුවන් විදියට ටකරම් වලින් හරි හොස්පිට්ල් ටිකක් හදන එක. මොකද මේක හැදෙන අයගෙන් බහුතරයකට ලොකු උනක්, ඇඟට අමාරු ගතියක් ඇවිල්ල නැති වෙලා යනව. තවත් සුලු පිරිසකට කිසිම දෙයක් දැනෙන්නෙ නැතුව ලාවට පොඩි උනක් එක්ක සනීප වෙනව. එයිටත් අඩු පිරිසකට හුස්ම ගන්න අමාරු වෙනව එයාලට ජීවත්වෙන්න නම් ventilator එකක් අවශ්‍යයි. එහෙම අය බේරගන්න එක තමයි රජයක් විදියට කරන්න ඕන. තවත් ඉතාම සුළුතරයක් ඉන්නව කොහොමත් මැරෙන මේක හැදුනොත්. ඒ අයට මේ වගේ වෙන ලොකු ලෙඩක් හැදුනත් මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි අය මට හිතෙන විදියට.

    කළින් කිව්වෙ රජය විදියට ගන්න ඕන දේවල් නේ. ජනතාව විදියට ගන්න ඕන දේවල් තමයි එක එක්කෙනාට බැන බැන ඉන්නෙ නැතුව තමන්ගෙ යුතුකම් හරියට කරන එක. සෞඛ්‍ය උපදෙස් පිලිපදින එක. තමන්ගෙ ප්‍රධානම වගකීම තමයි අර මම උඩින් කිව්ව වගේ වයසක, දුර්වල අය ඉන්නව නම් තමන්ගෙ ඇස් දෙක පරිස්සම් කරනව වගේ පරිස්සම් කරන එක.

    මට හිතෙනව මේ දේවල් මේ විදියට උනොත් කොරෝනා පාලනය කරන්න පුලුවන් වෙයි කියල. කොහොමහරි ලොක් ඩවුන් කතන්දර මහ විකාර වැඩක් කියල මට පේන්නෙ. ඒකෙන් රටට වෙන Impact එක Estimate කරන්නවත් බැරි තරම් ලොකුයි.

    මට හිතුන දෙයක් දැම්මෙ. මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: ltty head

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආණ්ඩුව මුලින්ම කොරෝනා පාලනය කරපු විදිහ සිරාවටම හොඳයි , ලස්සනට වැඩේ කරගෙන ආව .. අපේ වුන් බයිලා ගැහුවට මොනවා වුනත් සිරි ලංකාව කියන්නේ පොඩි රටක් .. ඒ නිසා තමයි මුල් ක්‍රමේ සාර්ථක වුනේ .. ඊට පස්සේ වුනේ ආණ්ඩුවයි මිනිස්සුයි දෙගොල්ලොම අධි තක්සේරුවකට ගිහිල්ල වැඩේ අනාගත්ත එක. දැන් කරන්න දේවල් දෙකයි තියෙන්නේ ගොඩ එන්න. එකක් මිනිස්සු වගකීමෙන් හැසිරෙන්න ඕන. අනික ආණ්ඩුව එකොනොමි එක ඇදන් යන්න ඕනේ. දැන් අහුවෙන හැමෝම නිරෝධායනය කරන්න ගියොත් පස්සට තමයි අමාරු. අමාරු ලෙඩ්ඩු විතරක් ඉස්පිරිතාල වලට ගන්න ඕන. පුළුවන් තරං මිනිස්සු වගකීම ගන්න ඕනේ තමන් පරිස්සම් වෙන්න. ඕකයි ඇත්ත කතාව ඉතින්. අපේ වුනුත් හැම එකක් ම රජයෙන් ඉවර කරලා දෙනකල් බලන් හිටියට ඒක ඇත්තටම එහෙම කරන්න බෑ. අනික් එක තමයි රජය දැනගන්න ඕනේ ගේම ගහල කොහොම හරි සෞඛ්‍ය සේවය ගොඩ දාන්න. නැතුව පැන් මුට්ටි පා කර කර ඉඳල හරි යන්නේ නෑ :(