දෙහිවල සිංහයෙකුටත් කොවිඩ්. #අපිතමාහොඳටමකරේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය

    මේ බව තහවුරු වීම නිසා කොවිඩ් ආසාදිත එම සිංහයා සත්වෝද්‍යානයේම වෙනම ස්ථානයක නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    එසේම සිංහ දූපතේ සිංහ ධේනුවද කිසියම් මැලවුණු ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා එම ධේනුව ගැනද සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු දැඩි විමසිල්ලෙන් පසුවෙති.

    සෙසු පිරිමි සිංහයන් දෙදෙනා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

    දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ සත්වයකු සහ සීබ්‍රා පැටවකු මීට දින කිහිපයකට පෙරදී හදිසියේම මිය ගොස් ඇති අතර එම සතුන් දෙදෙනාද කොරෝනා වැළඳී මිය ගියේ දැයි සැකයක් පවතින බව එහි නිලධාරීහු පවසති.

    පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු එම සිංහ දූපතේ සේවකයෝ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

    ඔවුන් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමටද කටයුතු යොදා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා පැවැසී ය.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කවුද සින්හයට කිස් දෙන්න ගියපු එකා :eek:
    සොට් එක දාපු වෙලාවක,
    උබලා අපේ අත්වල හැදුනේ කියලා දෙසන්න යන්නැති

    සත්තුන්ටත් හැදෙනවා කියන්නේ.අපි පට්ට පරිස්සම් වෙන්න ඕනේ

    මේක නම් සිරා. ගෙවල්වල ඉන්නේම බිලාල කුලේ උන් නොවැ. උන්ට ඉතින් මොන සංචරණ නිතිද
    ------ Post added on Jun 18, 2021 at 12:17 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Wera-copy.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,059
    113
    Oya sinhayo newe bn marenna inna nariyo.kisima exercise ekak ne ekama thana.un kohomath patta weak
     
    • Sad
    Reactions: HmNRazor

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ටුවරිස්ට් බබල් එකක් Zoo එකට එක්කන් ගියා කියල නිව්ස් වල පෙන්නුවෙ ගියසතියෙනෙ..youtube එකේ ඇති නිව්සෙක😂
    Welldone so called Corona Tourism mongers

    සිරාවට? කවුද බන් මේ දවස් වල Zoo එකක් බලන්න ආපු බූරුවා :( :(

    හෙන ලක්ෂරි ට්‍රිප් එකක් නම් අවුලක් නෑ බන්. දෙහිවල ZOO එක කියන්නේ මේ රිස්ක් එකක්ත් එක්ක බලන්න තරම් තැනක් නම් නෙවෙයි