දේවගැතිවරයා වස බී මරුට

Oct 2, 2014
164
22
0
දේවගැතිවරයා වස බී මරුට

හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානයක්‌ තුළදී දැරියන් දෙදෙනකුට අතවර කළ බවට චෝදනා ලැබීමෙන් පසු වස පානය කළ එම දේවස්‌ථානයේ දේවගැතිවරයා හලාවත රෝහලේදී මියගොස්‌ තිබේ.

තිස්‌ හැවිරිදි මෙම දේවගැතිවරයා මාදම්පේ ඉරට්‌ටකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 15 ක්‌ හා 19 යේ වයසැති තරුණියන් දෙදෙනකුට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

නාත්තණ්‌ඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය තමාට අතවර කළ බවට හලාවත පොලිසියට පැමිණිලිකර තිබේ. ඇය අවස්‌ථා කීපයකදීම අතවරයට ලක්‌වූ බව පොලිසිය හමුවේ පවසා ඇත.

15 හැවිරිදි තරුණිය මහ වැව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයටද වරින් වර අතවර කොට ඇතිබව හලාවත පොලිසියට පැමිණිලි කර තිබේ.

චෝදනා එල්ලවීමෙන් පසු මෙම දේවගැතිවරයා දේවස්‌ථානය තුළදී ඉකුත් 15 දා වස පානය කොට තිබේ. ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 දා අලුයම මියගොස්‌ තිබේ.

සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වෙන්න බෑ, සාමාන්‍යයෙන් දේව ගැතිවරයෝ කොල්ලන්ට නේ අතවර කරන්නේ? උන් කෙල්ලොන්ට අතවර කරන්නේ නෑ මම දන්න විදියට.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

19 කෙල්ල නම් තනියම ජීවත් වෙන කෙනෙක් කියමුකො..
15 කෙල්ල කාත් එක්කද දේවගැති වරය ගාවට ගියෙ ?
15 කෙල්ලෙක් දේවගැතිවරයෙක් පස්සෙ යද්දි අම්මල තාත්තල මොකද කලේ ? අම්ම තාත්ත නැත්තං ආච්චි සීය ? කවුරුම හරි භාරයරයෙක් ? අඩුම ගානෙ ලමා නිවාසෙ පාළිකාව ?
අනික අවුරුදු 15 ලමෙක්ට මොකක්ද දේවගැතිවරයෙක් ලව්වා කරගන්න තියෙන රාජකාරිය ?
 
Dilshankgc

Member
Jan 28, 2013
969

උඹ මාර කතානේ කියන්නේ බන්.. උඹේ නංගී කෙනෙක් හරි කවුරු හරි ඔහොම සිද්දියකට මූණ දුන්නොත් උබ ඒක කරපු එකාට ආ මචන් උඹේ වරදක් නැ. අපෙ නංගිනේ ඔතෙන්ට අවේ.. ඉතින් ඒකිගෙයි වරද කියනවද​
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ මාර කතානේ කියන්නේ බන්.. උඹේ නංගී කෙනෙක් හරි කවුරු හරි ඔහොම සිද්දියකට මූණ දුන්නොත් උබ ඒක කරපු එකාට ආ මචන් උඹේ වරදක් නැ. අපෙ නංගිනේ ඔතෙන්ට අවේ.. ඉතින් ඒකිගෙයි වරද කියනවද​
මං එහෙම කිව්වද බං ? o_O මට නං මතක නෑ..
මට තියෙන ප්‍රශ්නෙ අවු: 15ක පොඩි එකෙක්ට මොකක්ද දේවගැත්තත් එක්ක තියෙන ප්‍රශ්නෙ, ඒ පොඩි එකා දේවගැත්ත එක්ක ඔව්ව කොරද්දි දෙමව්පියො භාරකාරයො මොනාද කලේ කියන එක..