දේවගැතිවරයා වස බී මරුට
හලාවත පම්බල ප්රදේශයේ දේවස්ථානයක් තුළදී දැරියන් දෙදෙනකුට අතවර කළ බවට චෝදනා ලැබීමෙන් පසු වස පානය කළ එම දේවස්ථානයේ දේවගැතිවරයා හලාවත රෝහලේදී මියගොස් තිබේ.
තිස් හැවිරිදි මෙම දේවගැතිවරයා මාදම්පේ ඉරට්ටකුලම ප්රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 15 ක් හා 19 යේ වයසැති තරුණියන් දෙදෙනකුට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
නාත්තණ්ඩිය ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය තමාට අතවර කළ බවට හලාවත පොලිසියට පැමිණිලිකර තිබේ. ඇය අවස්ථා කීපයකදීම අතවරයට ලක්වූ බව පොලිසිය හමුවේ පවසා ඇත.
15 හැවිරිදි තරුණිය මහ වැව ප්රදේශයේ පදිංචි අයෙකි. ඇයටද වරින් වර අතවර කොට ඇතිබව හලාවත පොලිසියට පැමිණිලි කර තිබේ.
චෝදනා එල්ලවීමෙන් පසු මෙම දේවගැතිවරයා දේවස්ථානය තුළදී ඉකුත් 15 දා වස පානය කොට තිබේ. ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 දා අලුයම මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය පරීක්ෂණ සිදුකරයි.