1972 දී මියුනිච් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගීවූ තම රටේ මළල ක්‍රීඩකයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වගකිවයුතුවූ පුද්ගලයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලය හා එහි ඔත්තු සේවාව වන මොසාඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද අභිරහස් පළිගැනීමේ මෙහෙයුම මෙනමින් හැඳින්වේ. මෙය Operation Bayonet ලෙසද ඇතැම් තැනක හඳුන්වා ඇත. තවත් තැනක මෙම සිදුවීම "Revenge of Golda Meir" (ගෝල්ඩා මියර්ගේ පළිගැනීම) ලෙස දක්වා ඇත්තේ එවකට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටි ගෝල්ඩා මියර් මහත්මිය විසින් මෙම මෙහෙයුම සිදුකිරීමට අනුමැතිය ලබාදුන් නිසාය.
1972 මියුනිච් ප්‍රහාර සිද්ධියේදී වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ඡායාරූපය. මෙහි දැක්වෙන්නේ සත්‍ය සිද්ධියේදී ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි හෝටලයේ අදාල මහලේ කාමරයෙන් මොහොතකට පිටතට පැමිණි මුහුණ ආවරණය කරගත් එක් ත්‍රස්තවාදියෙකි. දුර සිටි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට ක්ෂණිකව එය හසුවිය.
පිංතූරයෙන් දැක්වෙන්නේ මියුනිච් ප්‍රහාරයේදී හෙලිකොප්ටර් යානයක් තුලදී වෙඩිතබා මරා ඉන්පසු අත් බෝම්බ ගැසීමෙන් පසු පිළිස්සී ගිය ඊශ්‍රායල් ක්‍රීඩකයින්ගේ සිරුරුවල ඉතිරිවූ කොටස්ය. http://beingapartbeingapart.blogspot.com/
මෙම පළිගැනීමේ මෙහෙයුමට ඉලක්ක වූයේ කළු සැප්තැම්බර් (Black September) නම් පලස්තීන සන්නද්ධ කල්ලියක හා පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) ක්‍රියාකාරීන් පිරිසකි. සිද්ධියට සම්බන්ධ අවසන් පුද්ගලයාද විනාශකර මෙහෙයුම අවසන්වීමට වසර 20ක් පමණ ගතවී යැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය අළලා 1986 දී "Sword of Gideon" නමින් රූපවාහිනී චිත්‍රපටයක් නිපදවිණි. තවද 2005 දී ප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිපදවූ Munich නමැති හොලිවුඩ් සිනමාපටයට පාදක වූයේ ද මෙම කතා වස්තුවයි.
මයිකල් ඇන්ඩර්සන්ගේ Sword of Gideon රූපවාහිනී සිනමා පටයේ පෝස්ටරය.
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ Munich සිනමා පටයේ පෝස්ටරය.
ඉතිහාසය
1972 ඔලිම්පික් උළෙලේ සිදුවූ සමූහ ඝාතනයෙන් පසු ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර් ඊශ්‍රායලය කළ යුත්තේ කුමක්දැයි සොයාබැලීමට රජයේ නිලධාරින්ගෙන් සමන්විත X නමින් කුඩා කමිටුවක් පත්කලාය. මෙම කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ එකැසක් අහිමි ප්‍රකට යුධ නිලධාරියෙකුවූ ආරක්ෂක ඇමති මෝෂේ දයාන්(Moshe Dayan) ය. කමිටුවේ ත්‍රස්ත මර්දනය පිළිබඳ උපදේශක ලෙස ජනරාල් ඇරෝන් යාරිව් (General Aharon Yariv ) පත්කළ අතර මෙහෙයුමට අණදීමට මොසාඩ් සංවිධානයේ අධ්‍යක්ෂ ස්වි සමීර් ද (Zvi Zamir) පත්විය. මියුනිච් ප්‍රහාරය සිදුකළ හා එයට උදව්කළ අයවලුන් විස්මිත අන්දමින් ඝාතනය කිරීමට කමිටුව අවසන් වශයෙන් තීරණය කළේය. ඊශ්‍රායල් ජනතාවගේ හා රහස් ඔත්තු සේවයේ ඉහළ නිලධාරින්ගේ දැඩි බලපෑම මත 71 හැවිරිදි ගෝල්ඩා මියර් අගමැතිනියට අකමැත්තෙන් වුවද මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට අනුමැතිය දීමට සිදුවිය. මියුනිච් ඝාතන සිද්ධියෙන් හරියටම මාස 3 කට පසු ජර්මනිය විසින් එම ඝාතනයට හවුල්වූ එහෙත් ජීවිතය බේරාගෙන සිරගතකොට සිටි අපරාකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලදී. ඒ ජර්මනියට අයත් ලුෆ්තන්සා ගුවන් යානයක් පැහැරගත් ගුවන් කොල්ලකරුවන් පිරිසක් විසින් සිරගතකොට සිටි අපරාධකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම සිද්ධියත් සමග ගෝල්ඩා මහත්මියගේ මෙතෙක් තිබූ මෙහෙයුමට අවසරදීම සම්බන්ධයෙන් වූ දෙගිඩියාව ඉවත් වුණි.
වයස 71 දී ඊශ්‍රායලයේ දෙවන අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් ගෝල්ඩා මියර් මැතිණිය.ගෝල්ඩා මියර් යනු ලෝකයේ තුන්වැනි අගමැතිනිය ලෙස පත්වූ කාන්තාවයි. පළමු අගමැතිනිය ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියහා දෙවන අගමැතිනිය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිණියයි. මියයන විට වයස අවුරුදු 80 කි. (උපත -1898 විපත -1978)
කමිටුවේ ප්‍රධාන සාමාජිකයන්
1967 සිට 1974 දක්වා ආරක්ෂක ඇමතිවූ මෝෂේ දයාන් (උපත-1915 විපත 1981)
1968 සිට 1974 දක්වා මොසාඩ් ආයතනයේ අධ්‍යක්ෂක ධූරය දැරූ ස්වි සමීර් (උපත-1915 තවමත් ජීවත් වෙයි)
හමුදා ජනරාල්වරයෙකුව සිට පසුව දේශපාලකයෙකුවූ ජනරාල් ඇරෝන් යාරිව් (උපත-1920 විපත- 1994)
කමිටුවේ ප්‍රථම කර්ත්‍යවය වූයේ මියුනිච් ඝාතන සිද්ධියට සම්බන්ධවූවන් පිළිබඳ ඝාතන ලැයිස්තුවක් සකස්කොට එය බුද්ධි අංශයට ලබාදීමයි. මෙය සාර්ථකව ඉටුකිරීම සඳහා මොසාඩ් වෙනුවෙන් ඔත්තු සපයන ක්‍රියාකාරීන්ගෙන් සහ හිතවත් යුරෝපීය ඔත්තුසේවා ආයතනයන්ගෙන් තොරතුරු රැස් කෙරිණි. ලැයිස්තුවට අඩංගුවූ සම්පූර්ණ නාම ලේඛනය නොදන්නාමුත් වාර්තාවන අන්දමට එයට පුද්ගලයින් 20ක ගේ හෝ 30ක ගේ නම් ඇතුළත්විණි.
මෙම මෙහෙයුම මගින් පලස්තීන සන්නද්ධ ගරිල්ලන් තැතිගැන්මකට ලක්කිරීමටද අදහස් කළේය. පසු කළෙක මොසාඩ් මුල් පුටුව හෙබවූ ඩේවිඩ් කිම්චේ ([FONT="]David Kimche)[/FONT] මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙහෙයුමේ ඉලක්ක මගින් හුදෙක් පළිගැනීමේ චේතනාවම නොව පලස්තීන ත්‍රස්තවාදීන් බියපත් කිරීමට තමනට අවශ්‍යවූ බවයි.
“අපට උවමනා කළේ අප ඔවුන් පසුපස නිතරම ඇසගසා සිටින බව ඔවුන්ට දැන්වීමටයි. ඒ නිසා අප නිතරම උත්සාහ කළේ පාරේ ගමන්ගත් පුද්ගලයෙකු මරාදැමීමට වඩා වැඩි යමක් සිදුකිරීමටයි[FONT="]”[/FONT][FONT="] යනුවෙන් හේ පැවසීය.[/FONT]
ඝාතක කණ්ඩායම් මෙහෙයවීම හා සැළසුම් කිරීම මොසාඩ් ඒජන්තවරයෙකු වූ මයිකල් හරාරි (Michael Harari) විසින් සිදුකළ බව දැනගන්නට තිබේ. ඇතැම් සිදුවීම් රජයේ අනුදැනුමකින් තොරව සිදුවිණි. සිද්ධිය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කළ කතුවර සයිමන් රිවී (Simon Reeve) සඳහන් කරන්නේ මොසාඩ් ඝාතක කණ්ඩායමේ විවිධ උප කණ්ඩායම් සඳහා සංකේත නාම ලබාදී ඇත්තේ ඊශ්‍රායලයේ ව්‍යවහර බස වන හීබෘ භාෂාවේ හෝඩියේ අක්ෂර උපයෝගී කරගෙන බවය.
මොසාඩ් ආයතනයේ බුද්ධි නිලධාරියෙකවූ මයිකල් හරාරි(උපත-1927 තවමත් ජීවත්වෙයි) මොහු 1976 දී එන්ටෙබේ මෙහෙයුමටද සහභාගීවූ අයෙකි.
(එන්ටෙබේ මෙහෙයුම ගැන කියවන්න මෙතැනින්..
http://ayoma-jayasinghe.blogspot.com/2013/02/blog-post.html
පුද්ගලයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උප කණ්ඩායම් 5 කට බෙදා ඔවුන්ට විශේෂ රාජකාරී පවරන ලදී. පළමු කණ්ඩායමට දෙදෙනෙක් ඇතුලත්වූ අතර ඔවුන් දෙදෙනා ඝාතකයන් විය. දෙවන කණ්ඩායමටත් දෙදෙනෙකි. ඔවුන්ගේ කාර්යය මුලින් කී දෙදෙනාට ආරක්ෂාව සැපයීමයි. තුන්වැනි කණ්ඩායමේත් දෙදෙනෙකි. ඔවුන් සෙසු සියළු කණ්ඩායම් වලට ඉඳුම් හිටුම් හෙවත් හෝටල් කාමර වෙන් කිරීම, කලට වේලාවට යාන වාහන සැපයීම ආදිය කළ යුතුය. සිව්වන කණ්ඩායමට සාමාජිකයින් 7 ක් හෝ 8ක් විය. මොවුන් මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එනම් ඝාතනයකින් පසු ඝාතකයින්ට එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පැන යෑමේ වටපිටාවක් සකස්කර දීමයි. පස්වන කණ්ඩායමට සාමාජිකයින් දෙදෙනෙක් අයත් වූ අතර ඔවුන්ට පැවරී තිබුණේ සියළු කණ්ඩායම් අතර සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාමයි.
නෝර්වේ රටේ ලිලීහැමර් නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකින් පසු මොසාඩ් ඝාතන කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් එක් උප කණ්ඩායමක් නෝර්වීජියානු බලධරයන් විසින් අල්ලාගනු ලැබීය.එම කණ්ඩාමේ සිටි මයිකල් හරාරි (කළින් සඳහන් කළ මොසාඩ් ඒජන්ත) ඔවුන්ට හසුනොවී කෙසේ හෝ නැවත ඊශ්‍රායලයට පැනගියේය. (මෙම සිද්ධිය පසුවට විස්තර කෙරේ.) ඝාතනයෙන් පසු ලෝප්‍රකට ටයිම් සඟරාව මෙම සිද්ධිය පිළිබඳ ලිපියක් ලියමින් හෙළි කළේ සම්පූර්ණ මොසාඩ් ඝාතක කණ්ඩාමට පුද්ගලයන් 15 දෙනෙකු අයත්වන බවයි.
සෑම ඝාතනයකටම පැය කීපයකට පෙර ඝාතනය වන්නාගේ පවුලේ සාමාජිකයින්ට ශෝක ප්‍රකාශයක් ලියූ කාඩ්පතක් සමග මල්වඩමක් ලැබී තිබුණි. එම කාඩ්පතේ මෙසේ සදහන් විණි. “මතක තියාගන්න. අප ඔබට කණගාටුව පළ නොකරමු[FONT="]”[/FONT]
[FONT="]මෙහෙයුම ක්‍රියාත්මක කිරීම[/FONT]
[FONT="]1972-1988[/FONT]
[FONT="]වේල් ස්වේටර් මැරී වැටි සිටි අන්දම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වේල් ස්වේටර් ගේ සිරුර පරීක්ෂාකරන ඉතාලි බලධාරින්[/FONT]
මෙම පිංතූරයේ උපැස් යුවලක් පැළඳ සිටින්නේ පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) නායක යසර් අරෆත්ය. ඔහුට දකුණුපසින් කමල් අද්වාන් ය. වම් පසින් කමල් නසාර් ය. මියගිය තුන්වැන්නා වන මොහොමඩ් යූසුෆ් නජිර් පහළ පිංතුරයෙන් දැක්වේ.ං

- පළමු ඝාතනය 1972 ඔක්තෝබර් 16 දින පලස්තීනයේ වේල් ස්වේටර් (Wael Zwaiter) රෝමයේදී ඝාතනය කිරීමෙන් ඇරඹිණි. ස්වේටර් රාත්‍රී ආහාරය ගෙන නැවත පැමිණෙන තුරු බලාසිටි මොසාඩ් ඒජන්තයන් ඔහුට පිටපිට වෙඩි 11 ක් තැබීය. ඒ මියුනිච් ප්‍රහාරයේදී ඊශ්‍රායල් ජාතිකයින් 11 දෙනෙකු මරුමුවට පත්වීම සංකේතවත් කිරීම සඳහාය. ප්‍රහාරයෙන් පසු මොසාඩ් නිලධාරින් ආරක්ෂක නිවස්නයක සැඟවුණි. ස්වේටර් ඉතාලියේ PLO (පලස්තීන විමුක්ති ) සංවිධානයේ නියෝජිතයාව සිටි නිසා ඊශ්‍රායලය ඔහුව කළු සැප්තැම්බර් කල්ලියේ සාමාජිකයෙකු බව චෝදනා කළේය. එහෙත් PLO සංවිධානය කියා සිටියේ ඔහු කිසිසේත් අදාල සිද්ධියට සම්බන්ධව සිටි අයෙකු නොවන බවය. PLO සංවිධානයේ නියෝජ්‍ය නායකයා කියා සිටියේ ඔහු දැඩි ලෙස ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියාකළ අයෙකු බවය.
[FONT="]වේල් ස්වේටර් මැරී වැටි සිටි අන්දම[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වේල් ස්වේටර් ගේ සිරුර පරීක්ෂාකරන ඉතාලි බලධාරින්[/FONT]
- ප්‍රංශයේ සිටි PLO නියෝජිත අචාර්ය මොහොමඩ් හම්සාරි (Mahmoud Hamshari) මොසාඩ් සංවිධානයේ දෙවන බිල්ල බවට පත්විය. ඊශ්‍රායලය විශ්වාස කළේ ඔහු ප්‍රශයේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා බවය. ඉතාලි මාධ්‍යවේදියෙක් ලෙස වෙස්වලාගත් මොසාඩ් නියෝජිතයෙකු මොහොමඩ්ව ඔහුගේ නවාතැන්පලින් එළියට රැගෙන යන ලදී. ඒ අතරතුර නවාතැන්පලට ඇතුළුවූ මොසාඩ් කණ්ඩායමක් මොහොමඩ්ගේ මේස දුරකථනය යට බෝම්බයක් සවිකළහ. 1972 දෙසැම්බර් 8 දින මාධ්‍යවේදියෙකු මෙන් සිටි මොසාඩ් නියෝජිතයා නැවත පැමිණ අදාල ස්ථානයේ සිටින්නේ ඔහුම බව සැකහැර දැනගත් පසු තම සගයින්ට ඒ බව දැන්වීය. එසැණින්ම දුරකථනය යට සවිකළ බෝම්බයට පැමිණි සංඥාවත් සමගම එය පුපුරා ගියේය. බරපතල තුවාල ලැබූ මොහොමඩ් හම්සාරි ප්‍රංශ රහස් පරීක්ෂකයන්ට සිදුවූයේ කුමක්දැයි පැවසීමට තරම් එවිට සිහි කල්පනාවෙන් සිටියේය.රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හම්සාරි සති කීපයකට පසු මිය ගියේය.
- සයිප්‍රසයේ ෆාටා සංවිධානයේ ( ෆාටා යනු පලස්තීන විමුක්ති සංවිධානයේ දේශපාලන පාර්ශවයයි.) නියෝජිතයාව සිටි හුසේන් අල් බෂීර් (Hussein Al Bashir) 1973 ජනවාරි 24 දින රාත්‍රියේ නිකොසියාවේ පිහිටි තම හෝටල් කාමරයේ විදුලි පහන් නිවා දමා නින්දට ගියේය. ස්වල්ප වේලාවකට පසු නිදන සයනය යට අටවන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මකවූ බෝම්බයක් පුපුරා ගියෙන් ඔහු එතැනම මරුමුවට පත්විය. ඔහු සයිප්‍රසයේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා බව ඊශ්‍රායලය විශ්වාස කළේය. ඔහු රුසියානු කේ.ජී.බී. රහස් ඔත්තු සේවය සමග දැඩි සම්බන්ධකමක් තිබීම ඔහු මරා දැමීමට තවත් එක් හේතුවක් වූ බවද කියැවේ.
- 1973 අප්‍රේල් 6 දින කළු කැප්තැම්බර් කල්ලියට සංවිධානාත්මක ලෙස අවි ආයුධ සැපයූ හා වෙනත් පලස්තීන කණ්ඩායම් සමග සම්බන්ධ බවට ඊශ්‍රායලය විසින් සැකකළ බීරුට්හි අමෙරිකානු විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබද මහාචාර්ය වරයෙකුවූ අචාර්ය බැසිල් අල්-කුබාෂි (Dr. Basil al-Kubaissi) ප්‍රංශයේ තම නිවසේ රාත්‍රී ආහාරය ගෙන නැවත ආපසු එන ගමනේදී වෙඩි තබා මරා දැමිණි. කලින් වතාවක දැක්වූ ඝාතනයකදී මෙන්ම මොහුගේ සිරුරටද උණ්ඩ 12 ක් වැදී තිබුණි.
- ඝාතන ලැයිස්තුවේ ඊළග ඉලක්ක තුනක්ම පදිංචිව සිටියේ ගරිල්ලන්ට අධි ආරක්ෂක ප්‍රදේශයක්වූ ලෙබනනයෙහිය. ඔවුන්ව බිලිබාගැනීම සිතූ තරම් ලෙහෙසි නොවන බව අවබෝධ විය. ඒ සදහා (තාරුණ්‍යයේ වසන්ත මෙහෙයුම) Operation Spring of Youth නම් වෙනම උප මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ 1973 අප්‍රේල් 9 දිනයයි. ලෙබනන මුහුදේ ඈත දියඹේ නවතා තිබූ ඊශ්‍රායල් නාවුක මිසයිල් බෝට්ටු මගින් මුදා හැරුණු අධිවේගී ප්‍රහාරක බෝට්ටුවල නැගී සෙයරාට් මක්කල්,ෂෙයාරාට් 13, හා සෙයරාට් සැන්හනිම්(Sayeret Matkal, Shayetet 13 and Sayeret Tzanhanim) යන බලකාවලට අයත් කොමාන්ඩෝ සෙබළුන් ලෙබනන වෙරල තීරයට ළගාවූහ.ගොඩබිම සිටි මොසාඩ් ඒජන්තවරු ඔවුන්ව කලින් දින කුලියට ගත් වාහන වලින් ඉලක්ක වෙත රැගෙන ගිය අතර ප්‍රහාරයෙන් පසු රහසේම නැවත වෙරල තීරයට ගෙනත් ඇරලූහ.කොමාන්ඩෝ සෙබළු සාමාන්‍ය ජනයා මෙන් වෙස්වලා ගත් අතර ඇතැමෙක් කාන්තාවන් සේ සැරසිණි.ලෙබනන් අගනුවර බීරුට්හිදී මුරකාවල් තරකල නිවාසමය ගොඩනැගිල්ලක් වටලා ඔවුන් සිදුකළ ප්‍රහාරයෙන් එහි සිටි මොහොමඩ් යූසුෆ් නජිර් (Muhammad Youssef al-Najjar)-කළු සැප්තැම්බරයේ මෙහෙයුම් නායක,කමල් අද්වාන් (Kamal Adwan)- PLO සංවිධානයේ ක්‍රියාකාරී නායකයෙක් සහ කමල් නසීර් (Kamal Nasser) - PLO විධායක කමිටු සාමාජිකයෙක් යන පුද්ගලයින් මරුමුවට පත්විය. මෙහෙයුමේදී ලෙබනන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු හා නජීර්ගේ බිරිදද මරුමුවට පත්විය. එක් ඊශ්‍රායල් සෙබලෙකු තුවාල ලැබීය. සෙයරාට් සැන්හනිම් බලකායට අයත් පැරෂුට් භටයින් “නිදහස් පලස්තීනයේ ජනප්‍රිය පෙරමුණ” Popular Front for the Liberation of Palestine (PFLP) සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල වැටලූහ. පැරෂුට් භටයින් දැඩි ප්‍රතිප්‍රහාරයකට මුහුණදී තම සගයින් දෙදෙනෙකු අහිමිකරගත් නමුත් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කළහ. මේ අතර සෙයාරාට් 13 නාවුක කොමාන්ඩෝ සෙබළුන් හා සෙයරාට් සැන්හනිම් පැරෂුට් සෙබළුන් එක්ව PLO සංවිධානයට අයත් අවි කම්හල් හා ඉන්ධන ගබඩා විනාශ කළහ. මෙම ප්‍රහාරයේදී PLO හා PFLP සාමාජිකයින් 12 සිට 100 අතර ප්‍රමාණයක් මියගියහ.