දේව වරමින් ශාස්ත්‍ර කීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දේව වරමින් ශාස්ත්‍ර කීම

    මචන්,
    පට්ට සීන් එකක් වුණා.

    අපේ ගෙදරට එහා ගෙදර ඉන්නවා බැඳපු අක්ක කෙනෙක්. එයා ඉන්නේ එයාගේ අම්මලත් එක්ක. බැඳපු එකා තරහ වෙලා ගිහින්. එයාට මේ ලඟදි (මාස 4කට විතර කලින්) බබෙකුත් හම්බ වුණා.

    මේ ගෙදර අය හිතන්නේ හැම දෙයක්ම වෙන්නේ අපලයක් නිසා කියල. හැම තිස්සෙම සාස්තර අහන්න එහෙම යනවා. ඒ සාස්තර කාරය කියන විදියට තමයි හැම දේම කරන්නෙත්. අපේ අම්මත් නිතරම එහේ යන නිසා ඔය විස්තර හොඳට දන්නවා.

    ඒ අක්ක බබා ලැබෙන්න ඉද්දිත් හිටපු ගමන් පාර දිගේ දුවනවා පිස්සු හැදිලා වගේ. බබා ලැබුනට පස්සේ එයාගේ හස්බන්ඩ් ආයෙත් ආවා. ඒත් හැම තිස්සෙම අයත් එක්ක රණ්ඩු වෙනවා. ඒ මිනිස්සුත් ගොඩක් දුප්පත් මිනිස්සු. රණ්ඩුවක් වෙච්ච ගමන් ඒ අක්කගේ අම්මා යනවා සාත්තරයක් අහන්න.

    දැන් සතියකට විතර කලින් එයා දිවි නසාගන්ත්න හැදුවා. අපේ අම්මත් එහේමයි. මටත් එපා වෙලා හිටියේ. යන්තම් එක නම් නවත්ත ගත්ත. ඒ දවස්වල පොඩි එකාට කිරි දුන්නෙත් නෑ.පව් පොඩි එකා.

    කොහොම හරි දැන් දවස් 3කට විතර කලින් ඒ අක්කගේ අම්ම ඇවිත් කිව්වා ඒ අක්කට ආරුඩයක් එනවා කියල සැරෙන් සැරේ. දැන් ඊයේ බලද්දී හෝ ගාල සෙනග ගෙදරට එන පාර ළඟ. බැලින්නම් ඒ අක්ක සාත්තර කියනවා.

    මමත් ගිහින් බැලුව. වැඩේ ඇත්ත. ඒ අක්ක සාත්තර කියනවා. ආරුඩයක් ඇවිත් වගේ අමුතු විදියට කතා කරන්නේ. හැමෝටම දරුවා කියල කතා කරන්නෙත්. මේ කියන අක්ක වැඩිය වයස කෙනෙකුත් නෙමෙයි. අවුරුදු 28ක් විතර ඇති.

    මම ඔය වගේ සීන් එකක් දැක්කමයි. මම ඔය දේව වරමින් සාස්තර කියන එවුන් ගැන දන්නේ නම් උන් කරන්නේ ලෝක බොරුවක් කියන එක. ඒත් මේ අක්ක නම් සල්ලි හම්බු කරන්න කරන බොරුවක් කියල හිතන්න අමාරුයි. මට නම් පෙන්නේ මානසික රෝගයක් කියල.

    ඒත් අපේ අම්මල, ඒ අක්කගේ පවුලේ අය ඔක්කොම හිතන් ඉන්නේ ඒ අක්කට දේව වරමක් ලැබිල කියල. මම ඔය මානසික රෝග කතාව කියන්න ගියාම මටත් බැන්න අපේ අම්ම. ඒ මිනිස්සුන්ට මේවා පැහැදිලි කරලා දෙන්න තේරෙන්නෙත් නෑ.

    ඇත්තටම මොකක්ද බං මේ වෙලා තියෙන්නේ? උඹල දන්නවද මේකේ විද්‍යාත්මක පැත්ත මොකක්ද කියල. ඒ මදිවට සාස්තර අහන හැමෝම කියනවලු එයා කියන ඒවා ඇත්ත කියල.

    මේ ගැන අවබෝදයක් තියෙන කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකෝ. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ.
    :yes:
     
    Last edited:

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    දැන් ඒ ගෙදර මිනිස්සුන්ටත් සරු වේගෙන එන්නේ

    umbata irisiyai neda
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක නන් මානසික රෝගයක් තමා...නමුත් ගොඩක් අය ඕක තේරුම් ගන්නේ නැහැ...:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් ඒ ගෙදර මිනිස්සුන්ටත් සරු වේගෙන එන්නේ

    umbata irisiyai neda

    අඩෝ නෑ බං. ඒ මිනිස්සු ඇත්තටම ගොඩක් දුප්පත්. ඒ මිනිස්සුන්ට හරියනවට අපි කැමතියි. මොකද ඒ ගොල්ලෝ නිතරම අපෙන් ණයට සල්ලි ඉල්ලනවා. අයේ දෙන්නෙත් නෑ කාලෙකට. දැන් Rs.5000 විතර අපිට එන්න තියෙනවා. ඒත් ඒ මිනිස්සුන්ගේ කරදර නිසා අපි ඉල්ලන්න ගියේ නෑ. ඒත් දැන් අපිට ඒ සල්ලි අර ගන්න පුළුවන් වෙයි වගේ. :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හපොයි:lol:
    ආතල් එකට වගේ උඹේ අනාගතෙත් අහ ගනින් බන් මන් නම් ඕව අදහන් නෑ පදනම නම් දන් නෑ බන් දන්න එකෙක් කියයි බලමු :lol:

    බම්ප්
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ගනන් ගන්න දෙයක් නෑ බන්.. පිස්සියෙක් ලඟට තවත් පිස්සො, පිස්සියො යනව... අර කතාවක් තියෙන්නේ කුණු තියෙන තැනටමයි කුණු එකතු වෙන්නේ කියල... ඕව සාමාන්‍ය දේවල් බන්. ලංකාවේ කොහොමත් 90%කට වඩා ඉන්නේ මිත්‍යාදුෂ්ඨික මිනිස්සුනේ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන්ට ඕන මගුලක් කරගන්න ඉඩ දීලා පාඩුවේ හිටපන් මචන්......:rofl::rofl::rofl:
    උඹ ඕවා පස්සේ දුවන්නේ නැත්තම් එච්චර‍යිනේ.......:cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි:lol:
    ආතල් එකට වගේ උඹේ අනාගතෙත් අහ ගනින් බන් මන් නම් ඕව අදහන් නෑ පදනම නම් දන් නෑ බන් දන්න එකෙක් කියයි බලමු :lol:

    බම්ප්

    මයෙ පුතත් ගිහින් අහගත්තොත් නාකද?මේ රටේ ලස්සන කෙල්ලො නැති එකේ....ලස්සන කෙල්ලො ඉන්න රටක් ගැනවත්......:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අන්න පුතා පොට වැරද්ද ගන්නව නෙ.. දෙකේ පන්තියට දාල ගොන් ජෝක්ස් මානසිකත්වයෙන් ඕව දිහා බලන්න එපා.. ඇහැට පේන්නෙ නැති හැම දේම පිළිගන්නෙ නැතුව ඉන්න කියල නීතියක් නැහැ නෙ..

    ඕක මානසික රෝගයක් නෙවේ.. වරමක් තමයි ඔය.. වරම හම්බෙනකොටත් ඔහොම වද විදල විදල තමයි හම්බෙන්නෙ අපේ ඉස්සරහ ගෙදර ඉන්න එකාට කකුලෙ තුවාලයක් හැදිල උඩු දුවල මැරෙන්නම ගියා.. අන්තිමට සාත්තරයක් අහල කියල වරමක් එන්න තමයි තියෙන්නෙ කියල.. කොහොම හරි දැන් පොරට වරම ඇවිත්.. කව්ද ආච්චි කෙනෙක් ලු වැහෙන්නෙ.. රෑට එහෙම සාත්තර කියනව ඇහෙනව.. ගෑනියෙක් වගේ කතා කරන්නෙ හිනා කාල මැරෙනවා.. මිනිස්සුත් එනවා පෝලිමේ.. කියන්නෙත් ඇත්ත තමයි.. ඒක මානසික රෝගයක් වත්.. ගොතපු බොරුවත් නෙවේ කියන්නෙ.. ඒ මනුස්සය ceb එකේ හොද පොස්ට් එකක් කරපු පොරක්..

    දැන් සරුයි තමයි.. මුලින්ම උබ ගිහින් සාත්තරයක් අහල බලහන්.. බොරුද කියන්නෙ කියල..
    මානසික ආබාදයක් නෙවේ.. ඒක හොදට මතක තියාගනින්

    ps : දේව වරම කිව්වට.. ඒක නම් කොහොමද කියන්න දන්නෙ නැහැ.. ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නෙ.. දෙවි කේස් නම් ඉතින් අපි දන්නෙ නැහැ

    :rolleyes:

    9Y7qmQ3.png
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    අපේ අම්මා කියන කතාවමයි, උඹත් දාල තියෙන්නේ බං. Thanks for the info bro.
    :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මයෙ පුතත් ගිහින් අහගත්තොත් නාකද?මේ රටේ ලස්සන කෙල්ලො නැති එකේ....ලස්සන කෙල්ලො ඉන්න රටක් ගැනවත්......:P

    අහ්... සාත්තර කියන ගෑණි කොර වෙන්න ප්‍රශ්නයක් ඔන්න නැන්දට තේරිල දැන් නම් ලස්සන කෙල්ලො නෑ කියල ඒකනෙ සාත්තර අහන්න යන්නෙ කියන්නෙ
    :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubalage wedak balan hitapan mchn....anthimata ubalagen yakek wehila kiyay...oya wage ewalata gewenna epa...dan kale ehema tamai jivath wenna one....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගනන් ගන්න දෙයක් නෑ බන්.. පිස්සියෙක් ලඟට තවත් පිස්සො, පිස්සියො යනව... අර කතාවක් තියෙන්නේ කුණු තියෙන තැනටමයි කුණු එකතු වෙන්නේ කියල... ඕව සාමාන්‍ය දේවල් බන්. ලංකාවේ කොහොමත් 90%කට වඩා ඉන්නේ මිත්‍යාදුෂ්ඨික මිනිස්සුනේ..

    අර තැන උබට pm කරා.. ගිහින් බලල ඇවිත් කියපන්.. උබ හොයන්න ආසයි කිව්ව නෙ.. ඒත් තාම ඇහැට දැකල වත් නැහැ.. ලොල්.. බොරුවට පොර ටෝල්ක් දෙන්නෙ නැතුව.. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්නෙ.. දේවාල ගානෙ ගිහින් පුක දිදී අනේ මේවා දියෝ ගැන උන්ට.. සාත්රයක් අහන එක.. ජෝතිෂ්‍ය වගේ දේවල් මිත්‍යා දෘෂ්ටිකත්වය නෙවේ.. සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවෙ පැවිදි උනොත් බුදු වෙනවා.. එහෙම නැත්තම් සක්විති රජ වෙනවා කිව්වෙත් ඕවයින් ම තමයි

    :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හපොයි:lol:
    ආතල් එකට වගේ උඹේ අනාගතෙත් අහ ගනින් බන් මන් නම් ඕව අදහන් නෑ පදනම නම් දන් නෑ බන් දන්න එකෙක් කියයි බලමු :lol:

    බම්ප්

    අදහනවා කියන එකේ තේරුම දන්නවද උබ :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma dewal aththa machan.. man danna kenekutath ohoma wuna... godak welawata ohoma waram labenne mala giya kenek gen.. ewa hari widiyata yoda nogaththoth mulu paulama winasa karawanawa e bala wegaya... godak aya kiyanne owa boru kiyala. boru karyoth innawane salli hoyana...eth owaye aththak thiyanawa...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම විශ්වාස කරන්නෙ ඕක මානසික රෝගයක් කියලා...මොකද සමහර ගෑණු අයට බබලා හම්බෙන්න ඉන්නකොටත් හම්බුනාට පස්සෙත් ආතතිය නිසා මානසික රෝගයක් හැදෙනවා...බබා ලබුනට පස්සෙ හැදෙන එකට ඉස්සර කිව්වෙ වැදුම්ගෙයි සන්නිය කියලා....ඒත් අද වෙනකොට ගොඩාක් අය දැනුම්වත් වෙලා ඒක මානසික රෝගයක් කියල පිලිඅරන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරනවා...ඉස්සර වගේ නූල් දැමිලි...මැතිරිලි..පස්සෙ යන්නෙ නැහැ....මම නම් හිතන්නෙ ඕක ඒවගේ ආතතිය සම්බන්ධ දෙයක්....
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    අර තැන උබට pm කරා.. ගිහින් බලල ඇවිත් කියපන්.. උබ හොයන්න ආසයි කිව්ව නෙ.. ඒත් තාම ඇහැට දැකල වත් නැහැ.. ලොල්.. බොරුවට පොර ටෝල්ක් දෙන්නෙ නැතුව.. මිත්‍යා දෘෂ්ටිකත්වය කියන්නෙ.. දේවාල ගානෙ ගිහින් පුක දිදී අනේ මේවා දියෝ ගැන උන්ට.. සාත්රයක් අහන එක.. ජෝතිෂ්‍ය වගේ දේවල් මිත්‍යා දෘෂ්ටිකත්වය නෙවේ.. සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවෙ පැවිදි උනොත් බුදු වෙනවා.. එහෙම නැත්තම් සක්විති රජ වෙනවා කිව්වෙත් ඕවයින් ම තමයි

    :P

    Code:
    අර තැන තියෙන්නෙ කැලනියෙ.. කොහුවෙලට බස් එකේ නැගල යන්න ඕන..

    අර තැන කැළනියේ කිව්වට.. බෑනේ බන් ඇඩ්රස් එකක්.. කන්ටැක්ට් නම්බර් එකක් කියපන්....:rofl:

    කියන්න දෙයක් නෑ උබ මිත්‍යාදුෂ්ඨිකයෙක් තමයි... ඇහැට දකින්න තියෙන හැම රෙද්දක්මත් බොරු තමයි.. ඒ හැම එකකම තියෙන්නේ ට්‍රික්ස්.. හිරු එකේ යනවා අභිවන්දනා කියල වැඩසටහනක්. එකේ ඉන්නේ අපි උබල වගේ පොඩි උන් නෙමෙයි. පාතේගම හාමුදුරුවෝ.. තව වෛද්‍ය වරයෙකුත් ඉන්නවා.. ඒ මිනිස්සු ප්‍රසිද්දියේ අභියෝග කරනවා පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ වගේ වැඩ කරල පෙන්වන්න කියල.. නිකන් ගොබ්බයො කතා කරල පොරටෝක් දෙනව විතරයි.. එන්න කිව්වම එන්නෑ... අදවෙනකන් ඇවිල්ලත් නෑ...

    එතකොට උබ කියයි..වැඩ කාරයෝ පෙන්නන්නෑ කියල.. බම්බුව තමයි.. ඕක තමයි කියන්න තියෙන එකම දේ නිදහසට...

    අනික උබ මට පොර ටෝක් දෙනව අනම් මනම් කිව්වට ඒක මගේ මතය මම ඔය එක මනස්ගාතයක් වත් විශ්වාස කරන්නෑ.. විශ්වාස කරන එකෙක් විශ්වාස කරපුවාවෙ.. මට කමක් නෑ. මම කරන්නේ උන් මගේ ආශ්‍රෙයන් අයින් කරන එක.. මොකද මට පෞද්ගලිකවම ඔය වගේ මිත්‍යාදුෂ්ටිකයෝ පෙන්න බෑ හරිම පිළිකුල්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ අම්මා කියන කතාවමයි, උඹත් දාල තියෙන්නේ බං. Thanks for the info bro.
    :yes:

    කිසිම දෙයක් දන්නෙ නැතුව මෙතනත් මුන් පොර ටෝල්ක් දෙනව.. කිසිම අත් දැකීමක් නැතුව.. අපි ඕව පස්සෙ ගියා ඕන තරම්.. නොදැනුවත්ව..

    ගොඩක් තැන් වල මචන්.. මේක ඔය වරම කියල වැහෙන එකාට පුළුවන් අනුන් ගෙ හිත් කියවන්න.. ඉතින් දැන් උබ ගිහින් සාත්තරේ අහන්න ඉදගත්තහම උබේ හිතේ තියන දේම තමයි උබට කියන්නෙ වෙන මගුලක් නෙවේ.. ඉතින් අහන එකාට තේරෙන්නෙ ඇත්ත වගේ තමයි..

    තේරුමක් නැහැ බං..
    7.gif