දේශපාලනය කරන්න මට තහනම්‌ නෑ - ගෝඨා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දේශපාලනය කරන්න මට තහනම්‌ නෑ - ගෝඨා

දේශපාලන රැස්‌වීම්වල කතාකරන්න මට කාගෙන්වත් තහනමක්‌ නෑ - ගෝඨාභය රාජපක්‌ෂ ප්‍රධාන පුවත 2010 මාර්තු 22 වෙනි සදුදා, 08:41
gotabaya2.jpg
තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නොමැති බව රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පවසා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කර ඇත්තේ 'දිවයින' පුවත්පතට ය. මෙහිදී රාජපක්ෂ මහතා පැවසූ බව කියමින් දිවයින් පුවත්පත මෙසේ ද සඳහන් කර ඇත.


"මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්‌වීම් අමතන්න මට තහනම් නැහැ."

ගෝඨාභය ආරපක්ෂ මහතා රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් ඔහු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු ලෙස සැලකේ. අප දන්නා පරිදි රාජ්‍ය අංශයේ පරිපාලන නිලධාරීන්ට දේශපාලනය තහනම්ය. නමුදු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරා මේ රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වන බැවිනුත්, ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන දේශපාලන රැස්වීම් මේ විධායක ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය වන බැවිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තහනම් නියෝග නිකුත් කිරීමට කිසිවෙකු නොවන බව අපි දනිමු.

නමුත් අපට ඇත්තේ එකම ගැටළුවකි. එනම් මේ රටේ එකම නීතිය එකම ක්ෂේත්‍ර‍යේ දෙදෙනෙකුට දෙයාකාරයෙන් බලපාන්නේ කෙසේද යන්නයි. ගරු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ අතිගරු විධායක ජනාධිපතිවරයාගේ එකුස උපන් සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි. හැකිනම් මෙම ගැටළුව විසඳා දෙනු මැනවි!

අදාල පුවත්


01. ජනපතිතුමනි, ආරක්ෂක ලේකම්ට, යෝෂිත පුතාට දේශපාලනය අකැප නොවන්නේද?



02. ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය”
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජනපතිතුමනි, ආරක්ෂක ලේකම්ට, යෝෂිත පුතාට දේශපාලනය අකැප නොවන්නේද? දේශීය 2010 මාර්තු 19 වෙනි සිකුරාදා, 16:49
mr22.jpg
30 වසරක සාපලත් යුද්ධය අවසන් කොට ‍කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සටනට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ජනාධිපතිවරයා විසින් යුද අධිකරණ දෙකක් කැදවා තිබේ. ඉන් එක් අධිකරණයක ෆොන්සේකා මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනාව වන්නේ ඒ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරය දරණ සමයේ දේශපාලනයේ යෙදුණු බවයි. ඊට අදාලව මේවන විට ආණ්ඩුවට එක්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශ සාක්ෂි වසයෙන් ඉදිරිපතිකර ඇත. සාක්ෂිවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඒවා හරහා ජෙනරාල්වරයාට එරෙහිව ගොනු කිරීමට උත්සාහ දරණ චෝදනාව වනුයේ එම දේශපාලකයින් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරය දරණ කාලයේදී දේශපාලනය පිළිබද කතා බහ කළාය යන්නයි.


ප්‍රජාතන්ත්‍රවාදී රටක නීති‍යේ ඉහළින්ම අගයන කරුණක් වනුයේ එය සියල්ලටම එක සමාන විය යුතුය යන්නයි. නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ රදල වැඩවසම් ක්‍රමය සිහි ගන්වමිනි. එහි රාජපක්ෂ පාලනයට අභියෝග කරන්නන් සහ අනුමත කරන්නන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නීති දෙකකි. ඒ අතර රාජපක්ෂ පවුලේ උදවියට වෙනම නීතියක්ද ක්‍රියාත්මකවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපතිවරයාගේ එක් පුත්‍රයකුවන නාවික හමුදා සෙබළ යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ මැතිවරණ වේදිකාවල සිට සිදුකළ ප්‍රකාශයන් ජනමාධ්‍ය ඔස්සේ පවා වාර්තා කර තිබුණි. ඒ අනුව නාවික හමුදා සේවයේ නියුතු සෙබළකු වසයෙන් ‍යෝෂිත රාජපක්ෂට එරෙහිව කිසිදු යුද අධිකරණයක් පැනවීමට ජනාධිපතිවරයා හෝ වගකිවයුත්තෙක් කටයුතු කර නොමැත.

එමෙන්ම පරිපාලන සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ටද දේශපාලනයේ යෙදීම සපුරා තහනම්ව තිබියදී ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේද රට පුරා දේශපාලන වේදිකාවල අදහස් දක්වති. ජනාධිපතිවරයා, මහින්ද චින්තනය, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ දිනවිය යුතු බව කියති. ඔහු මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කය පුරා පාසලින් පාසලට යමින් ගුරු දෙගුරු රැස්වීම් මුවාවෙන් දෙමව්පියන් කැදවමින් ඔවුන්ට "බැසිල් රාජපක්ෂ දිනවිය යුත්තේ ඇයි ?" කියා දෙති.

පහත දැක්වෙන්නේ ආරක්ෂක ලේකම්වරයා සහභාගීවන එවැනි ගුරු දෙගුරු රැස්වීමකට සහභාගීවන ලෙස කිරිල්ලවල මධ්‍ය මහ විද්‍යාලය විසින් දෙමව්පියන් වෙත යැවූ ලිපියකි.
letterto_p.jpg

එහි සදහන්වන ආකාරයට මෙම රැස්වීම පැවැත්වෙන්නේ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙනි. මෙහි විශ්මය දනවන කරුණ වන්නේ එය සාකච්ඡා කිරීම සදහා සහභාගීවන්නේ රටේ ආරක්ෂක ලේකම්වරයා වීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා අවම තරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ වූවානම් මෙය එතුමාගේ විශය පථයට අයත් කරුණක් බව හෝ සිතා ගත හැක. නමුත් මෙය ඔහුට කිසිසේත් අදාළ විෂය පථයක් නොවේ. ඒ බව මෙවැනි රැස්වීම්වලට සහභාගීවූ දෙමව්පියන්ගෙන් අපට දැන ගත හැකිවිය. ආරක්ෂක ලේකම්වරයා මෙම ගුරුදෙගුරු රැස්වීම්වලදී විද්‍යාලයේ සංවර්ධනය සම්බන්ධයෙන් එකදු වචනයක් හෝ පවසා නොමැත. දෙමාපියන් පවසන පරිදි ඔහුගේ දේශණයේ හරයවී ඇත්තේ රාජපක්ෂ පවුලට කළගුණ සැලකිය යුතුව ඇත යන්නයි. එමෙන්ම, සාමාන්‍යයෙන් ගුරු දෙගුරු රැස්වීමක් සදහා සහභාගීවන්නේ මව සහ පියා ගෙන් එක් අයෙකි. නමුත් මෙම ගුරු දෙගුරු රැස්වීම සදහා මව සහ පියා දෙදෙනාම අනිවාර්යයෙන් සහභාගී කරවා තිබීමද විශේෂත්වයකි.

මින් පෙනී යන්නේ යම් කිසි පුද්ගලයෙක් හමුදා සේවයේ වේවා, පරිපාලන සේවයේ වේවා කුමන සේවයක සේවය කළත් ඔහු රාජපක්ෂ පවුලේ සාමාජකියයෙක් නම් ඔහුට දේශපාලනයේ යෙදීමේ නිදහස පවතින බවයි.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය” දේශීය 2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 12:25
gotabaya2.jpg
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මේදිකාවල ප්‍රධාන කථිකයෙකු වී ඇති බවත්, ඔහු එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටන බවත් වාර්තා වේ. පසුගිය 14 දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වී ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම දුමින්ද සිල්වා මෙවර මනාප ලැයිස්තුවේ අංක 1 ට ගෙන එන ලෙද ඉල්ලා ඇත.


ආරක්ෂක ලේකම්වරයා මෙසේ 14 වැනි දින දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වූ බව අනාවරණය වූයේ දුමින්ද සිල්වාගේ සොයුරාගේ ගුවන් විදුලි නාලිකාව වූ හිරු FM නාලිකාවේ 14 වැනි දින ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන සිරස්තලය එය වූ බැවිනි. මේ අනුව කොළොන්නාව රැස්වීම් 3 ක්, හෝමාගම රැස්වීම් දෙකක්, මහරගම, කැස්බෑව, උතුරු කොළඹ, කොට්ටේ යන නගරවැල පැවැති රැස්වීම් 09 කට ආරක්ෂක ලේකම්වරයා සහභාගී වූ බව හිරු FM නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය විය.

මෙහි ඇති ප්‍රධාතම ගැටළුව වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ කථිකත්වය හෝ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂවීම හෝ නොවේ. මේ රටේ එකම නීතිය දෙදෙනෙකුට දෙයාකාරයට ක්‍රියාත්මකවීමයි.

අද දින යුධ අධිකරණයට ඉදිරිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු යුධ හමුදාවේ සේවය කරන සමයේදී දේශපාලන පක්ෂ හා එහි නායකයින් සමඟ සබඳතා ඇති කර ගත් බවයි. ජනරාල්ට එරෙහිව මෙම චෝදනාව එල්ල කළ හැකි වන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට හා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දේශපාලනය කිරීම තහනම් වන බැවිනි. මේ අනුව ජනරාල් ආරක්ෂක සේවයේ නිලධාරියෙකු වන්නා සේම ආරක්ෂක ලේකම්වරයාද රාජ්‍ය පරාපාලන සේවයේ නිලධාරියෙකි.

නමුත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ නීතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඔහු රාජපක්ෂ පවු‍ලේ අයෙතු වීමත්, ජනාධිපතිවරයාගේ එකකුස උපන් සොයුරාවීමත් නිසා දැයි විමසිය යුතුය.
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් ඔහු රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු ලෙස සැලකේ. අප දන්නා පරිදි රාජ්‍ය අංශයේ පරිපාලන නිලධාරීන්ට දේශපාලනය තහනම්ය.

Exactly. The Secretary to any Ministry is a Public Servant of the Administrative Service. Such Public Servants are totally prevented from engaging in political activities of any sort under the law in our country.

But the million dollar question is: is there any law and order in our country today?

In all areas, the law has gone to the dogs today in our country. But what is shocking is such Public Servants so brazenly declare that they don't care about the law.