දේශපාලනය කරන්න මට තහනම් නෑ - ගෝඨා
දේශපාලන රැස්වීම්වල කතාකරන්න මට කාගෙන්වත් තහනමක් නෑ - ගෝඨාභය රාජපක්ෂ
ප්රධාන පුවත 2010 මාර්තු 22 වෙනි සදුදා, 08:41
තමාට දේශපාලන රැස්වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක් නොමැති බව රාජ්ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කර ඇත්තේ 'දිවයින' පුවත්පතට ය. මෙහිදී රාජපක්ෂ මහතා පැවසූ බව කියමින් දිවයින් පුවත්පත මෙසේ ද සඳහන් කර ඇත.
"මම දේශපාලන රැස්වීම් අමතන එක සමහර උදවියට ප්රශ්නයක්. උතුරේ ත්රස්තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක් දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්වීම් අමතන්න මට තහනම් නැහැ."
ගෝඨාභය ආරපක්ෂ මහතා රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් ඔහු රාජ්ය පරිපාලන නිලධාරියෙකු ලෙස සැලකේ. අප දන්නා පරිදි රාජ්ය අංශයේ පරිපාලන නිලධාරීන්ට දේශපාලනය තහනම්ය. නමුදු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරා මේ රටේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වන බැවිනුත්, ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන දේශපාලන රැස්වීම් මේ විධායක ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය වන බැවිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තහනම් නියෝග නිකුත් කිරීමට කිසිවෙකු නොවන බව අපි දනිමු.
නමුත් අපට ඇත්තේ එකම ගැටළුවකි. එනම් මේ රටේ එකම නීතිය එකම ක්ෂේත්රයේ දෙදෙනෙකුට දෙයාකාරයෙන් බලපාන්නේ කෙසේද යන්නයි. ගරු ආරක්ෂක ලේකම්, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු විධායක ජනාධිපතිවරයාගේ එකුස උපන් සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි. හැකිනම් මෙම ගැටළුව විසඳා දෙනු මැනවි!
අදාල පුවත්
01. ජනපතිතුමනි, ආරක්ෂක ලේකම්ට, යෝෂිත පුතාට දේශපාලනය අකැප නොවන්නේද?
02. ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය”