දේශපාලන ත්‍රෙඩ්

දේශපාලන ත්‍රෙඩ්

එළකිරියේ දේශපාලන ත්‍රෙඩ් ගොඩක් යනවා නේ...
ඒ හැම එකකම දකින්න තියන දෙයක් කියනවා නම්....රටේ ආරක්ෂාව, බෙදුම්වාදය ගැන තියන ප්‍රශ්න වලදි යු එන් පි ලොල්ලන් ජවිපෙ එවුන් ලිස්සලා යනවා...

ඒ කියන්නේ රටේ මේ වගේ ප්‍රශ්න මුන්ට අදාළ නැද්ද? නිකම් මහින්දව එළවිම විතරද මුන්ගේ දේශපාලනය? රටේ ආරක්ෂාව , පැවැත්ම ගැන මුන්ට අදහසක් නැද්ද?

මොකද හිතන්නේ?

උදා- දිල්වාලේ කාරයා පොයින්ට් 58 විතර ලිස්ට් එකක් දාලා තියනවා....හැබැයි එක රනිල් ගේ ලොල්ලෙක් වත් ඒකට උත්තර දෙන්නෙත් ඒවා බොරු කියන්නෙත් නැ...ඇයි ඒ?


මේ හැම එකටම දෙන්නේ එකම උත්තර සෙට් එක, වහල්ලු..එච්චරයි...

ඒ කියන්නේ රාජ්‍ය ආරක්ෂාව යු එන් පියට වැදගත් නැද්ද?

 

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    අනේ උඹේයි Dilwalegei දේශපාලන දැනුම.
    රටේ ආරක්ෂාව, දියුණුව රටේ හැම මිනිහටම වැදගත්. මිනිස්සු 2010 චන්දෙ දුන්නේ යුද්දේ ඉවර කරලා රට දියුණු කරන්න. නැතුව රට උගේ බුදලය වගේ රට කන්න නෙමේ.

    :rofl::rofl:
     
    අනේ උඹේයි Dilwalegei දේශපාලන දැනුම.
    රටේ ආරක්ෂාව, දියුණුව රටේ හැම මිනිහටම වැදගත්. මිනිස්සු 2010 චන්දෙ දුන්නේ යුද්දේ ඉවර කරලා රට දියුණු කරන්න. නැතුව රට උගේ බුදලය වගේ රට කන්න නෙමේ.

    :rofl::rofl:

    පරණ තැටියම ගහලා හරියන්නේ නැනේ...ඔප්පු කරන්න හොරකම් කළා නම්

    රටේ ආරක්ෂාව වැදගත් නම් ඇයි ආරක්ෂාවය අදාළ දේවල් ප්‍රශ්න කරද්දි උත්තරයක් නැත්තේ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දිල්වලේගේ පොයින්ට් ලොකුද? අනේ පලයන් බන් යන්න.. හෙට වෙනකන් පාඩුවේ ඉඳල අනිද්දට බලපන්කො දෙගොල්ලොම ජාතික ආණ්ඩුවට සෙට් වෙන හැටි..
    එතකොට උඹලට "හික්" ගෑවෙයි..:lol::lol:
     
    පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

    [1]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.
    lrrp-sri-lanka1.jpg


    [2]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ “දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින, 2015/01/18 දිවයින

    [3]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප මූලාශ්‍රය.

    [4]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප මූලාශ්‍රය.

    [5]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ මූලාශ්‍රය.

    [6]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM මූලාශ්‍රය. (කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝගණේෂන් පසුව එක් විය. )
    national_executive_council-1stmeeting1.jpg

    [7]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප මූලාශ්‍රය.

    [8]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්‌රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින මූලාශ්‍රය.

    [9]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC මූලාශ්‍රය. ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්‍රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි.

    [10]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය. ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18 මූලාශ්‍රය. නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 මූලාශ්‍රය.

    [11]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV මූලාශ්‍රය.

    [12]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය.
    rall1.jpg

    [13]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC මූලාශ්‍රය.

    [14]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ මූලාශ්‍රය.

    [15]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ මූලාශ්‍රය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී.

    [16]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්‍රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම මූලාශ්‍රය.

    [17]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට “මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි. 2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.
    gosl_ltte_meeting_1_1611021.jpg

    [18]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම මූලාශ්‍රය.

    [19].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්. කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද මූලාශ්‍රය.

    [20]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC මූලාශ්‍රය. මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.[/B][/COLOR]
    [/SIZE]
     
    [21]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින මූලාශ්‍රය.

    [22]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ මූලාශ්‍රය.

    [23]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින මූලාශ්‍රය.

    [24]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [25]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

    [26]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි. 2015/02/17 වීඩියෝ මූලාශ්‍රය.

    [27]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි. 2015/02/20 සිරස මූලාශ්‍රය.

    [28]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ මූලාශ්‍රය.

    [29]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප මූලාශ්‍රය.

    [30]. “සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/02/27 දිවයින මූලාශ්‍රය. මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි.

    [31]. එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03 දිවයින මූලාශ්‍රය.

    [32]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින මූලාශ්‍රය.

    [33]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [34]. “ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

    [35]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. “කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප මූලාශ්‍රය.

    [36]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC මූලාශ්‍රය.

    [37]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින මූලාශ්‍රය.

    [38]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ මූලාශ්‍රය1. රිවිර මූලාශ්‍රය2.

    [39]. “තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ මූලාශ්‍රය.

    [40]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප මූලාශ්‍රය.
    [/QUOTE]
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඔක්කොම බොරු ප්‍රෝඩාවන්. සමහර කරුණු ඇත්ත උනත් ඒව ප්‍රශ්න නොවෙයි. නිකම් පටු ජාතිවාදය අරමුණු කරගෙන සත්‍ය විකෘති කිරීම්.
     
    Last edited:
    ඔය ඔක්කොම බොරු ප්‍රෝඩාවන්. සමහර කරුණු ඇත්ත උනත් ඒව ප්‍රශ්න නොවෙයි. නිකම් පටු ජාතිවාදය අරමුණු කරගෙන සත්‍ය විකෘති කිරීම්.

    ඔය හැම එකකම ඇති මුලාශ්‍ර කියල එකක්

    2001-4 කාලෙදි රනිල් ගෙ කාලෙද කොටි ආයුධ ගෙනාවා, ගුවන් යානා ගෙනාවා.., සාම්පුර් කැම්ප් එකක් රජයේ පැත්තේ හැදුවා, සන්නිවේදන උපකරණ ගෙනාවා, පොංගු තමිල් කියලා සිවිල් වැසියන්ට ආයුධ පුහුණුව දෙන්න ගත්තා....

    ඒ හැම එකක්ම පත්තරේ යද්දි ...ඔන්න ඕක තමයි රනිල් ගේ ලොල්ලෝ දිපු උත්තරය..

    අන්තිමට කොටින්ට කිරි පොවලා තමයි ගියේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113

    පරණ තැටියම ගහලා හරියන්නේ නැනේ...ඔප්පු කරන්න හොරකම් කළා නම්

    රටේ ආරක්ෂාව වැදගත් නම් ඇයි ආරක්ෂාවය අදාළ දේවල් ප්‍රශ්න කරද්දි උත්තරයක් නැත්තේ?

    Can you just prove that Prabakaran blast the bombs- No but every people no that, he responsible for everything. Likewise people know who is MR.

     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,880
    1,046
    113
    Hamilton, NZ
    අනේ උඹේයි Dilwalegei දේශපාලන දැනුම.
    රටේ ආරක්ෂාව, දියුණුව රටේ හැම මිනිහටම වැදගත්. මිනිස්සු 2010 චන්දෙ දුන්නේ යුද්දේ ඉවර කරලා රට දියුණු කරන්න. නැතුව රට උගේ බුදලය වගේ රට කන්න නෙමේ.

    :rofl::rofl:

    Mu wage gonnunta bana kiyala wadaka na ban. 18n passe puke amaruwa hoda wi ponilge wahalunge :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය හැම එකකම ඇති මුලාශ්‍ර කියල එකක්

    2001-4 කාලෙදි රනිල් ගෙ කාලෙද කොටි ආයුධ ගෙනාවා, ගුවන් යානා ගෙනාවා.., සාම්පුර් කැම්ප් එකක් රජයේ පැත්තේ හැදුවා, සන්නිවේදන උපකරණ ගෙනාවා, පොංගු තමිල් කියලා සිවිල් වැසියන්ට ආයුධ පුහුණුව දෙන්න ගත්තා....

    ඒ හැම එකක්ම පත්තරේ යද්දි ...ඔන්න ඕක තමයි රනිල් ගේ ලොල්ලෝ දිපු උත්තරය..

    අන්තිමට කොටින්ට කිරි පොවලා තමයි ගියේ

    මහින්ද ඊට පස්සෙ අවු 10ක් රටත් අධිකරණයත් පාලනය කලානෙ. මොකුත් ඔප්පු කරගන්න බැරිඋනා