දේශපාලන නිල වෙදකම.

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දේශපාලන නිල වෙදකම.

    අපේ රටේ දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ කියල හිතෙන්නේ.:baffled:

    රටේ නායකයෝ කරන්නේ නිල වෙදකම.මිනිස්සුන්ගේ හරි නිලය ඒ වෙලාවට හරියටම අල්ලන එක. නයෙක් උනත් ඔළුවෙන් ඇල්ලුවම කීකරුයි.:yes:

    උදාහරණයක් විදිහට පහුගිය වසර කිහිපය තුළ හවුල් ආණ්ඩුව මුලිකත්වය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම,විධායක බලතල අඩු කිරීම, මනාප ක්‍රමය වෙනස් කිරීම, තොරතුරු දැනගැනීමේ පණත, අධිකරණ/නීති පද්ධතිය ශක්තිමත් කිරීම වගේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගේන දේවල් වලට. ඒ වගේ ප්‍රජාතන්ත්‍ර වාදී ලක්ෂණ වලට මිනිස්සු කැමති වුණත් ඒවා දේශපාලන “නිල” නෙමේ.

    මිනිස්සුන්ගේ “නිල” වෙන්නේ පියවි ඇහැට පෙනෙන (විශාල) “සංවර්ධන ව්‍යාපෘති”.රට ණය වෙලා තිබුණත් නැතත් මිනිස්සුන්ට සංවර්ධන වැඩසටහන් අවශ්‍යයි.ඒක ප්‍රධාන ”නිලයක්”.

    “රට බෙදීම” කියන දෙයත් දේශපාලන නිලයක්.අද මට හම්බුණු කෙනෙක්ගෙන් පොහොට්ටුව දිනපු එක ගැන සතුටුද කියල ඇහුවම පොර කියන්නේ යහපාලන ආණ්ඩුව රට බෙදන්න හිතාගෙන හිටපු නිසා පොහොට්ටුවට දුන්නලු.ඒ ඇරෙන්න මිනිහට විශේෂ හේතුවක් තිබිලා නෑ චන්දය දෙන්න.

    “ජාතිකත්වය” ,"ආගම" තවත් නිල.හොඳම උදාහරණය ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවල වැදගත්ම පාඨයක් වුනේ “ඇමරිකානුවන්ට මුල් තැන”.

    “දුෂණ,වංචා,ඝාතන,හොරකම” කියන දේවල් යල් පැනගිය දේශපාලන නිල.තව එකෙක්ගෙන් ඇහුවම පොර කියනවා පහුගියේ ආණ්ඩුව හොරකම් කලේ සුළුවෙන්ලු.මේ ආණ්ඩුවේ ලොකුම හොරකම වුනු නිසා පොහොට්ටුවට ගැහුවාලු.

    ආණ්ඩුවෙන් ඝාතන කලත් නොකලත් පාතාලය අවසන් නොකරන තාක් කල් ඝාතනවලට මිනිස්සු හුරුවෙලා.නැත්නම් පොලිසියෙන් හරි (වැරදිලා හරි) වෙඩි තියල එකෙක් දෙන්නෙක් මරෙනවමයි.අවුරුදු තිහක යුද්ධයක් පුරාවට මිනි පෙට්ටි දැකපු මිනිස්සුන්ට එකෙක් දෙන්නෙක් මැරුණා කියලා දැනෙන්නේ නෑ,දැනුනත් සතියයි එහෙම නැත්නම් දෙකයි.

    හරි හෝ වැරදි හෝ අපේ රටේ “ජන වින්යානය” එහෙම නැත්නම් “නිල” වෙදකම හරියට දන්නා නායකයෙක් අවස්ථාවට අනුව ජයග්‍රහණය කරනවා.මේ වෙලාවේ උනෙත් ඒකම තමයි.

    උඹලගෙන් එකෙකුට ඒක රටේ වාසනාවට වුණු දෙයක් .අනෙත් එකෙකුට අවාසනාවට වෙච්ච දෙයක්. :baffled:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    නාකි ඉලන්දාරියා;22849116 said:
    උබට NGO නිලයක් නේද තියෙන්නේ ??

    මගේ නිලය කිව්වොත් මාව එක පක්ෂෙකට කොටු වෙනවා.ඒක මේ ත්‍රේඩ් එකේ අරමුණ නෙමේ බ්‍රෝ. රටේ බහුතරයකගේ නිල කොතනද තියෙන්නේ කියල මේ චන්ද ප්‍රතිපලයෙන් පැහැදිලියි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    nila allanna buddimaththu wadak na. rate hama thanama spa dala minissunge danis deken palleha pana nathuwai inne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මේ රටෙ අපිට ඉස්සරහට මූණ දෙන්න වෙන ඇත්ත ප්‍රශ්ණ වලට උත්තර හොයන්න අමාරුයි. ඒව කිව්ව කියල ඡන්දෙ හම්බෙන්නෙත් නෑ.

    උදාහරණෙකට අපි ගත්ත ණය වල ණය ගෙවීමේ සහන කාළය ඉවර වෙනව කියල කිව්වනෙ විගනකාධිපති. දැන් ඉස්සරහට ඔය ණය උගුලෙන් ගැලවෙන්න අපිට මේ වගෙ වැඩ පිළිවෙළක්, ප්‍රතිපත්තියක් තියෙනව කියල ඔය එක පක්ෂෙකින් වත් කිව්වද.

    ඉන්නෙ නම් නිකන් ණයත් නෑ බයත් නෑ වගේ. අනිත් රටවල් අපේ ස්වයිරී බාවයට හානි කරන්න එනවලු. ණය කාරයො හොයාගෙන ආපු දවසට තමයි ඒක බලාගන්න වෙන්නෙ.

    ගැලරියෙ ආතල් එක තමයි ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ. උන්ට අනාගතයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    1000% etta meh anduwe sanwardanayak wunath eka danune nah penune minisusnta oni ea dey oka thamai minisus ke gahanne ane manda okkotama wada waradi api

    දේශපාලකයෝ වැරදි නෑ මචං. මේ පාර මැතිවරණය 100% සාමකාමී ,ප්‍රචණ්ඩත්වය,නීති උල්ලංඝණය නැති තරම්.ඒක මිනිස්සුන්ට පුරුදු නෑ .එකෙක් දෙන්නෙක් මැරුණත් ගානක් නෑ.මොකද අපිට පුරුදු ඒ විදිහ.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේ රටෙ අපිට ඉස්සරහට මූණ දෙන්න වෙන ඇත්ත ප්‍රශ්ණ වලට උත්තර හොයන්න අමාරුයි. ඒව කිව්ව කියල ඡන්දෙ හම්බෙන්නෙත් නෑ.

    උදාහරණෙකට අපි ගත්ත ණය වල ණය ගෙවීමේ සහන කාළය ඉවර වෙනව කියල කිව්වනෙ විගනකාධිපති. දැන් ඉස්සරහට ඔය ණය උගුලෙන් ගැලවෙන්න අපිට මේ වගෙ වැඩ පිළිවෙළක්, ප්‍රතිපත්තියක් තියෙනව කියල ඔය එක පක්ෂෙකින් වත් කිව්වද.

    ඉන්නෙ නම් නිකන් ණයත් නෑ බයත් නෑ වගේ. අනිත් රටවල් අපේ ස්වයිරී බාවයට හානි කරන්න එනවලු. ණය කාරයො හොයාගෙන ආපු දවසට තමයි ඒක බලාගන්න වෙන්නෙ.

    ගැලරියෙ ආතල් එක තමයි ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ. උන්ට අනාගතයක් නෑ.

    සිරාවටම. ඒවාට ලෑස්ති වෙන්න කාලයක් නෑ.තාම එක්කෙනෙක් මතුරන්නේ “යුද්ධේ ඉවරකලා” කියල.අනිත් එක්කෙනා මතුරන්නේ “සංහිඳියාව මම ගෙනාවා”. ඕව තමා ගැලරියට හරියන මාතෘකා.

    දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 9ක්.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අපේ රටේ දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ කියල හිතෙන්නේ.:baffled:

    රටේ නායකයෝ කරන්නේ නිල වෙදකම.මිනිස්සුන්ගේ හරි නිලය ඒ වෙලාවට හරියටම අල්ලන එක. නයෙක් උනත් ඔළුවෙන් ඇල්ලුවම කීකරුයි.:yes:

    උදාහරණයක් විදිහට පහුගිය වසර කිහිපය තුළ හවුල් ආණ්ඩුව මුලිකත්වය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම,විධායක බලතල අඩු කිරීම, මනාප ක්‍රමය වෙනස් කිරීම, තොරතුරු දැනගැනීමේ පණත, අධිකරණ/නීති පද්ධතිය ශක්තිමත් කිරීම වගේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගේන දේවල් වලට. ඒ වගේ ප්‍රජාතන්ත්‍ර වාදී ලක්ෂණ වලට මිනිස්සු කැමති වුණත් ඒවා දේශපාලන “නිල” නෙමේ.

    මිනිස්සුන්ගේ “නිල” වෙන්නේ පියවි ඇහැට පෙනෙන (විශාල) “සංවර්ධන ව්‍යාපෘති”.රට ණය වෙලා තිබුණත් නැතත් මිනිස්සුන්ට සංවර්ධන වැඩසටහන් අවශ්‍යයි.ඒක ප්‍රධාන ”නිලයක්”.

    “රට බෙදීම” කියන දෙයත් දේශපාලන නිලයක්.අද මට හම්බුණු කෙනෙක්ගෙන් පොහොට්ටුව දිනපු එක ගැන සතුටුද කියල ඇහුවම පොර කියන්නේ යහපාලන ආණ්ඩුව රට බෙදන්න හිතාගෙන හිටපු නිසා පොහොට්ටුවට දුන්නලු.ඒ ඇරෙන්න මිනිහට විශේෂ හේතුවක් තිබිලා නෑ චන්දය දෙන්න.

    “ජාතිකත්වය” ,"ආගම" තවත් නිල.හොඳම උදාහරණය ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවල වැදගත්ම පාඨයක් වුනේ “ඇමරිකානුවන්ට මුල් තැන”.

    “දුෂණ,වංචා,ඝාතන,හොරකම” කියන දේවල් යල් පැනගිය දේශපාලන නිල.තව එකෙක්ගෙන් ඇහුවම පොර කියනවා පහුගියේ ආණ්ඩුව හොරකම් කලේ සුළුවෙන්ලු.මේ ආණ්ඩුවේ ලොකුම හොරකම වුනු නිසා පොහොට්ටුවට ගැහුවාලු.

    ආණ්ඩුවෙන් ඝාතන කලත් නොකලත් පාතාලය අවසන් නොකරන තාක් කල් ඝාතනවලට මිනිස්සු හුරුවෙලා.නැත්නම් පොලිසියෙන් හරි (වැරදිලා හරි) වෙඩි තියල එකෙක් දෙන්නෙක් මරෙනවමයි.අවුරුදු තිහක යුද්ධයක් පුරාවට මිනි පෙට්ටි දැකපු මිනිස්සුන්ට එකෙක් දෙන්නෙක් මැරුණා කියලා දැනෙන්නේ නෑ,දැනුනත් සතියයි එහෙම නැත්නම් දෙකයි.

    හරි හෝ වැරදි හෝ අපේ රටේ “ජන වින්යානය” එහෙම නැත්නම් “නිල” වෙදකම හරියට දන්නා නායකයෙක් අවස්ථාවට අනුව ජයග්‍රහණය කරනවා.මේ වෙලාවේ උනෙත් ඒකම තමයි.

    උඹලගෙන් එකෙකුට ඒක රටේ වාසනාවට වුණු දෙයක් .අනෙත් එකෙකුට අවාසනාවට වෙච්ච දෙයක්. :baffled:

    පට්ටම කතාව මචං. මහින්ද මහත්තය හරියට ම නිල බලල ගේම දුන්න. මහින්ද මහත්තය දිහා බලාගෙන පොහොට්ටුවට චන්දෙ දීපු සමහරු දැං තමයි හොයන්නෙ කවුද ගමෙන් ඉල්ලුවෙ කියල.
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පට්ටම කතාව මචං. මහින්ද මහත්තය හරියට ම නිල බලල ගේම දුන්න. මහින්ද මහත්තය දිහා බලාගෙන පොහොට්ටුවට චන්දෙ දීපු සමහරු දැං තමයි හොයන්නෙ කවුද ගමෙන් ඉල්ලුවෙ කියල.

    :lol:

    වැරදි රටේ මිනිස්සු මචං. දේශපාලකයින්ට බැනලා වැඩක් නෑ.සමස්තයක් විදිහට මිනිස්සු බුද්ධිමත් නම් දක්ෂ නායකයෝ අපේ රටේ ඉබේම පහල වෙනවා. ලක්ෂ 20ක් උගත් මිනිස්සු ඉඳල ලක්ෂ 80ක් ටිකක් මෝඩ පහේ උන්දැල හිටියොත් ප්‍රතිඵලය පැහැදිලිනේ ..

    සර්ව ජන චන්දබලය තිබීමේ හොඳ වගේම නරක විපාකත් අපිම විඳිනවා.
     
    Last edited: