දේශපාලන බලය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාවේ දැනට දේශපාලන බලය ධ්‍රැවීකරණය වන ආකාරය අනුව බලවේග සකස් වී ඇත්තේ පහත අකාරයටය.

    01- එක්සත් ජාතික පක්ෂය-

    රණසිංහ ප්‍රේමදාසට පෙර එක්සත් ජාතික පක්ෂ ව්‍යුහය කරා නැවත යාමට උත්සහ කිරීම මගින් නැවතත් ප්‍රභූන් ගේ පක්ෂයක් බිහිකිරීමට උත්සහ කිරීම.

    02- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-

    මහින්ද ගෙන් පසු හැකි නම් නාමල්ට බලය ගැනීම. එසේ කළ නොහැකි නම් පක්ෂයට විනාශ වන්නට ඉඩ දීම

    03-ජනතා විමුක්ති පෙරමුණ-

    මහින්ද රාජපක්ෂ විසින් යථාර්ථයක් බවට පත් කරන ලද දේශපාලන ව්‍යාපෘතිය පිරිසිදු ආකාරයට මාක්ස්වාදී වෙස්මුහුණක් පැළද සම්පූර්ණ කිරීම

    04-සරත් ෆොන්සේකා ගේ ලැයිස්තු පක්ෂය-

    ඉහත සිංහල පක්ෂ තුන සමග කළකිරුණු සිංහල බෞද්ධයන් ගේ පක්ෂය. අන්තර්ගතයක් නැති ආකෘතික් පමණක් ඇති පක්ෂය.

    05-දෙමළ ජාතික සන්ධානය-

    මහින්ද ගෙන් පසු ඉහත පක්ෂ 04 අතර ඇතිවන ඇනකොටා ගැනීම් වල ප්‍රතිඑලයක් ලෙස මුස්ලිම් ක්‍රොන්ග්‍රසය සමග එකතු වී රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම.

    06-විදේශ බලවේග-

    (A) ඇමරිකාව සහ එංගලන්තය – යුධ අපරාධ වලට දඩුවම් දීම සදහා ජාත්‍යන්තර දංගෙඩියට දැක්කීම සහ ප්‍රතිසංධාන කොමාසමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම

    (B) යුරෝපය සහ ඉන්දියාව- 13+ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලානය නැවත ස්ථාපිත කිරීම

    (C) චීනය -ණය දීම සහ එම ණය වලට පොලී අයකර ගැනීම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

    ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් අනාගතයේ දී ආන්ඩු බලය ලබා ගැනීම සදහා සංවිධානය කරන සියළු වැඩසටහන් සහ රැස්වීම් සදහා මේ ලිපිය පාදක කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.


    උපුටා ගැනීම 3මාන.කොම්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තටම මෙච්චර දේශපාලනය ගැන උනන්දු වන එළකිරි එකේ සාමාජිකයන්ට මේ ලිපිය ගැන අදහසක් ඇත්තෙම නැද්ද ආ ...........?