දේශපාලන වහල්කම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    පොහොර ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, ආහාර අර්බුදය, විදේශ සංචිත අර්බුදය, මිනිසුන් ලක්ෂ ගණනින් රට අතහැරලා යාම වගේ දරුණු ප්‍රශ්න ගොඩක් හදාගත්තට පස්සේ හරි නම් රටක ආණ්ඩුවට කටඋත්තර නැති වෙලා තියෙන්න ඕනෙ.

    ඒත් මේ තරම් අවුල් ගොඩක් හදාගෙනත් ලංකාවේ ආණ්ඩුව සහ ඒ ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන් තවමත් මේ තරම් පට්ටපල් බොරු කියලා රටේ මිනිසුන්ව රවට්ටන්න පුළුවන් කියලා හිතන්නේ ඇයි කියලා හිතලා තියෙනවද?

    මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, ලංකාවේ බලයට එන හැම ආණ්ඩුවක් ම රටේ ඉන්න මිනිස්සුන්ට ඉස්කෝලේ යන පුංචි ළමයින්වත් පිළිගන්නේ නැති විදියේ අමූලික බොරු කියනවා. ඒ බොරු ලංකාවේ මාධ්‍යවල පළවෙනවා. ලංකාවේ බුද්ධිමතුන් යැයි කියන අවස්ථාවාදීන් ඒ බොරු විශ්ලේෂණය කරනවා. මිනිස්සුත් ඒවා පිළිගන්නවා.

    එහෙම වෙන්නේ ලංකාව "දේශපාලන වහල්කම" කියන එක ඉතා ම උග්‍ර විදියට තියන රටක් නිසා. ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් අති බහුතරයක් දේශපාලන වහලුන්. සමහරුන් ඇතුළතින් වගේ ම පිටතිනුත් වහලුන්. තවත් සමහරුන් පිටතින් වැඩිය නොපෙන්නුවට ඇතුළතින් වහලුන්.

    මම ක්‍රියාකාරී දේශපාලනයේ යම්කිසි අත්දැකීම් ප්‍රමාණයක් ලබලා තියන නිසා මේ දේශපාලන වහල්කම බොහෝ අයට වඩා හොඳට දැකලා තියනවා. විවිධ මට්ටම්වල දේශපාලන වහලුන් එක්ක ගනුදෙනු කරලාත් තියනවා. ෆුට්බෝල් තරගයකට ගියාම ෆුට්බෝල් ගහන්න ඕනෙ වගේ දේශපාලනයේ ඉන්නකොට මේ වහලුන් එක එක විදියට පාවිච්චි කරන්න ඕනෙ.

    දේශපාලන වහලාට නිතර ම තමන් කැමති පක්ෂයක් තියනවා. ඒ වගේ ම තමන් කැමති දේශපාලන නායකයෙක් ඉන්නවා. මේක කැමැත්තකට වඩා එක්තරා විදියක 'ස්වාමිත්වයක්'.

    දේශපාලන වහලෙකුට හැම වෙලාවෙම 'ස්වාමියෙකු' නැතුව පවතින්න බැහැ. මේ ස්වාමියා හුඟක් වෙලාවට තමන් කැමති දේශපාලන පක්ෂය සහ එහි නායකයා - එහෙමත් නැත්නම් ඒ පක්ෂය ඇතුළේ ඉන්න දේශපාලනඥයෙක්.

    දේශපාලන වහලා නිතර ම තමන් හිතන විදිය පිළිබඳ ආධිපත්‍යය ස්වාමියාට පවරලා තියනවා. ඒ නිසා ස්වාමියා කියන මොන ගොන් කථාව වුනත් වහලා පිළිගන්නවා. ස්වාමියා මොන බොරුව කිව්වත් වහලාට ඒක ඒකාන්ත සත්‍යයක් වෙනවා. ස්වාමියා කරන හැම වැඩක් ම වහලා වහලා සාධාරණීකරණය කරනවා.

    ඇතුළතින් වගේ ම පිටතිනුත් දේශපාලන වහලුන් වූ අය දේශපාලන පක්ෂවල රැස්වීම් වලට යනවා. ශාඛා සමිති, කාන්තා සමිති වගේ ඒවාට බැඳෙනවා. ක්‍රියාකාරීව ඒ පක්ෂවලට වැඩ කරනවා. නොයෙකුත් ආකාරයට තමන් ගේ ස්වාමිවරුන් වෙනුවෙන් වැඩ කරනවා.

    ඇතුළතින් පමණක් වහලුන් වූ අය මනසින් කිසියම් පක්ෂයක් අල්ලගෙන ඉන්නවා. ඔවුන් එළියේ ඒ පක්ෂය වෙනුවෙන් වැඩක් නොකරනවා වෙන්න පුළුවන් - ඒත් ඇතුළතින් කැමැත්තක් තියනවා. ඔවුන් නිතර ම තමන් කැමති පක්ෂයේ නායකයා කියන කතාව හරියි කියලා හිතනවා. තමන් කැමති පක්ෂයේ නායකයා මොන තරම් මෝඩ කතාවක් කිව්වත්, මෝඩ වැඩක් කළත් ඒක තමන් ගේ ඇතුළතින් සාධාරණීකරනය කරන්න උත්සාහ කරනවා. මේක ඇතුළෙත් තියෙන්නේ දේශපාලන වහල්කම විතරයි.

    දේශපාලන වහලෙකු නොවන සාමාන්‍ය පුරවැසියාට එහෙම කිසිම පක්ෂයක් ගැන හෝ දේශපාලනඥයෙකු ගැන විශේෂ මානසික බැඳියාවක් නැහැ. ඔවුන් කිසිම කෙනෙක් ඒකාන්තයෙන් ඇත්ත කියනවා යැයි විශ්වාස කරන්නේත් නැහැ. ඡන්දයක් වෙලාවට ඒ ඒ පක්ෂ කරන කියන දේ සලකා බලලා තමන් ගේ තෝරා ගැනීම කළත් එතැනින් එහාට විශේෂ පක්ෂපාතී බවක් නැහැ.

    දේශපාලන වහලෙකුට හැමවෙලාවෙම තියෙන ප්‍රශ්නය තමයි "කවුද හරි?" කියන එක. වහලෙකු නොවන පුරවැසියෙකුට තියෙන ප්‍රශ්නය "කුමක්ද හරි?" කියන එක. රටක් දේශපාලන වශයෙන් පරිණත වෙන්නේ "කවුද හරි" කියලා හොයන දේශපාලන වහලුන්ට වඩා "කුමක්ද හරි" කියලා හිතන පුරවැසියන් වැඩිවුණු දවසට.

    දැන් කෙනෙකුට කියන්න පුළුවන් ලෝකයේ දියුණු රටවල්වලත් එක් එක් පක්ෂවලට විශේෂයෙන් මානසිකව බැඳුණු "වහලුන්" ඕනෙ තරම් ඉන්නවා කියලා. ලෝකයේ කොතැන හිටියත් වහලා වහලාමයි. නමුත් ලංකාව වගේ බුද්ධියෙන් නොමේරූ, ආත්මාර්ථයෙන් පිරුණු, තමන් ගේ සමාජ වගකීම් ගැන ජීවිතේ කවදාකවත් අධ්‍යාපනයක් ලබලා නැති මිනිසුන් අති බහුතරයක් ඉන්න රටක මේ දේශපාලන වහල්කම අතිභයානකයි.

    තමන් මොන අමන වැඩේ කළත් ඒ වැඩේ හොඳයි, තමන් කියන ඕනෑ බොරුවක් ඉස්මුදුනින් පිළිගන්න තමන් ගේ ම වහලුන් පිරිසක් ලංකාවේ ඉන්නවයි කියලා මේ රටේ හැම පක්ෂකයක ම දේශපාලනඥයන් දන්නවා. මේ නිසා ඔවුන් බයක් සැකක් නැතුව හැම පාදඩ වැඩක් ම කරනවා. වහලුන් ඒ හැම දෙයක් ම සුද්ද කරනවා. ඡන්දවල දී මේ පාදඩයන් මනාප ලැයිස්තුවල ඉහළට ම ඇවිත් පාර්ලිමේන්තු එනවා.

    ලංකාව මේ තරම් දරුණු විනාශයකට ඇදගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි, තමන්ට 'ස්වාමිවරුන්' හදාගෙන ඒ ස්වාමිවරුන් බලයට ගේන්න දරදිය ඇදපු, ඡන්දය දුන්, ඒ ස්වාමිවරුන් ආරක්ෂා කළ දේශපාලන වහලුන්. මේ වහලුන් ලංකාවේ ඉන්නකල් මේ රටට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.

    මේ දේශපාලන වහලුන් රටෙන් වඳ කරලා දමන්නට නම් කිසිම දේශපාලන පක්ෂයකට විශේෂ බැඳියාවක් නැති මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටේ බිහි කරන්න ඕනෙ.

    දේශපාලනඥයන් තඹ සතේකට ගණන් ගන්නේ නැති, දේශපාලනඥයින්ට කිසිම උත්සවයකට ආරාධනා කරන්නේවත් නැති, දේශපාලනඥයන්ට තමන් ගේ ජීවිතවල කිසිම වටිනාකමක් දෙන්නේ නැති මිනිසුන් මේ රටේ බිහි කරන්න ඕනෙ.

    දේශපාලන වහලුන් තුරන් වී පුරවැසියන් බිහිවුණු රටක දේශපාලනඥයන්ට විශාල පීඩනයක් එල්ල වෙනවා. ඔවුන් කරන හැම පුංචි දෙයක් ගැන ම මිනිසුන් විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. කිසිම දේශපාලනඥයෙකුට ඡන්ද බැංකු කියලා දෙයක් නැහැ. වැරදි වැඩ කළොත් නීතියෙන් බේරුණත් රටේ ඉන්න මිනිසුන්ගෙන් සෙරෙප්පු පාර කන්න වෙනවා කියලා ඔවුන් දන්නවා.

    මේක බොහොම දුරස්ථ සිහිනයක් කියලා ඔබට දැනට හිතෙන්න පුළුවන්. ඒත් ඔබ අද ඉඳන් හරි වෙනස් වෙන්න පටන් ගත්තොත්, ඔබ ළඟින් ආශ්‍රය කරන අයටත් දේශපාලන වහල්බවෙන් මිදෙන්න උදව් කරන්න පටන් ගත්තොත් අපේ ජීවිත කාලය තුළ මේ සිහිනය ඇත්තක් කරගන්නට පුළුවන්
    .

    -

    රසික ජයකොඩි
    23 - 11 - 2021

    #lka #SriLanka #life

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාලකයන්ට දොස් කිව්වට ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැරදි නිසා. දියුණු රටවල්වල ඉන්න පාලකයොත් අපේ අය වගෙම දූෂිත, සක්කිලි දේශපාලකයො තමයි. ඒත් ඒ රටවල්වල සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ වැඩ හරියට කරගෙන ඉන්න අය. ඒ නිසා පාලකය මොන දේ කරත් නැතත් රට දියුණුයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හැමදාම JVP එකට හෝ JVP නායක සහෝදරයා කියන එක කතිරේ ගහන උන් = සිරාම පොරවල්
    ඒ වෙලාවට හොදයි කියල හිතෙන පොදුජන හෝ UNP හෝ සජබ චන්දෙ දෙන අය = වහල්ලු

    රටක මිනිස්සු වත් දිනාගන්න බැරි පක්ෂයක් රටක් හදන්නේ කොහොමද?
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    w3EBpT1.gif
     
    • Sad
    Reactions: waca

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි ප්‍රශ්නයක් තියනවා. ලියල තියෙන්නේ UNP එකේ නිත්‍ය සාමාජිකයකයෙක්. බැඳේද්දී දිවුරුම් දෙනවා දිවි හිමියෙන් UNP එක දිනවන්න කටයුතු කරනවා කියල ..... 🤭 දැන් බොරු පඩ හෑල්ලක් ලියල පොෂ් වෙන්න දඟලනවා... උඹලත් ඕවා මෙතන ඇද බානවා.... 🤭
     
    • Like
    Reactions: erozan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    හැමදාම JVP එකට හෝ JVP නායක සහෝදරයා කියන එක කතිරේ ගහන උන් = සිරාම පොරවල්
    ඒ වෙලාවට හොදයි කියල හිතෙන පොදුජන හෝ UNP හෝ සජබ චන්දෙ දෙන අය = වහල්ලු

    රටක මිනිස්සු වත් දිනාගන්න බැරි පක්ෂයක් රටක් හදන්නේ කොහොමද?

    meke kohehari jeppo gana kiyala thiyenawada bn? :eek:

    ubata deyak kiyawala therum ganna molayak nadda? :confused:

    ahhh sorry bro amathaka una molayak thibba nam uba me widihata kiyai kiyala :baffled:


    පොඩි ප්‍රශ්නයක් තියනවා. ලියල තියෙන්නේ UNP එකේ නිත්‍ය සාමාජිකයකයෙක්. බැඳේද්දී දිවුරුම් දෙනවා දිවි හිමියෙන් UNP එක දිනවන්න කටයුතු කරනවා කියල ..... 🤭 දැන් බොරු පඩ හෑල්ලක් ලියල පොෂ් වෙන්න දඟලනවා... උඹලත් ඕවා මෙතන ඇද බානවා.... 🤭

    UNP nemei SJB hitiye.. 🤔 ekath youth SJB scene ekak thibbe e kale.. 🤔 dan ekath nadda koheda.. social media walin e title eka ain karala..

    anyway pakshe wadak na neda pudgalaya kiyana de hari nam? ;)

    ubath menna me wage dial ekak..





    kade giyapu eka wali daala ariyata passe hithe dukata anik unta bana bana yanawa :P
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් එක දාපු එකත් ගු ඇන් පි පොන්න වහලෙක්නෙ..රනිලගෙ පුක ලෙවකකා ඉදපු පොන්සිය දැන් වහල්කම ගැන තෙර්ඩ් දානව..🤣🤣🤣🤣🤣🤣
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    👆 මේ උඩ ඉන්න එකාටත් රැවටෙන එවුන් ඉන්න එකේ ඔව්ව මොනාද
     
    • Haha
    Reactions: Identity

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මේ තෙර්ඩ් එක දාපු එකත් ගු ඇන් පි පොන්න වහලෙක්නෙ..රනිලගෙ පුක ලෙවකකා ඉදපු පොන්සිය දැන් වහල්කම ගැන තෙර්ඩ් දානව..🤣🤣🤣🤣🤣🤣
    ඉදල හිටල එන දවසටවත් වහලෙක් කියල තියෙන නූල් වලටම රින්ගල රිදෝගෙන නටන්න එපා පොන්ස් අර පොහොට්ටු බුද්ධිමතාගෙ නූල්, රසායනික පොහොර වලින් පිළිකා හැදෙන නූල් වලට එහෙම ගිහින් ඒව අප්ඩේට කරල අපිටත් ආණ්ඩුව ගැන පොසිටිව් විදියට හිතන්න පොයින්ට්ස් ටිකක් දියන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදල හිටල එන දවසටවත් වහලෙක් කියල තියෙන නූල් වලටම රින්ගල රිදෝගෙන නටන්න එපා පොන්ස් අර පොහොට්ටු බුද්ධිමතාගෙ නූල්, රසායනික පොහොර වලින් පිළිකා හැදෙන නූල් වලට එහෙම ගිහින් ඒව අප්ඩේට කරල අපිටත් ආණ්ඩුව ගැන පොසිටිව් විදියට හිතන්න පොයින්ට්ස් ටිකක් දියන්
    තෙර්ඩ් එකට අදාල දෙයක් කිපන් ගොන් වහලො..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළවෙනි ලයින් එක කියවපන් ගොන් වහලෝ
    පල පල ගු ඇන් පි වහල යන්ඩ බයිල , මෙච්චර ලැගගෙන ඉදලත් මේකෙ තෙර්ඩ් එකකට රිප්ලයි කරන විදිහක් නොදන්න හරක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    පල පල ගු ඇන් පි වහල යන්ඩ බයිල , මෙච්චර ලැගගෙන ඉදලත් මේකෙ තෙර්ඩ් එකකට රිප්ලයි කරන විදිහක් නොදන්න හරක
    ත්‍රෙඩ් එකට අදාලව රිප්ලයි කරපන් පොන්ස් ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ දේශපාලන වහල්ලු ගැන හොයන්නෙ රිප්ලයි කරන විදිය. 🤭 🤭 🤭
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මිනිහෙක් දේසපාලන පක්ෂයක් වෙනුවෙන් කවර තත්වයකදී වුණත් පෙනී ඉන්නව නම්, ඒ මිනිහා එහෙම ඉන්න හේතුවක් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහෙක් දේසපාලන පක්ෂයක් වෙනුවෙන් කවර තත්වයකදී වුණත් පෙනී ඉන්නව නම්, ඒ මිනිහා එහෙම ඉන්න හේතුවක් තියෙනවා.
    ඒක හරි ,තමන්ට කැමති දේශපාලන පක්ශ වෙනුවෙන් පෙනී ඉන්ඩ පුලුවන්,ඒත් තමන් පක්ශවලට පෙනි ඉන්න ගමන් අනිත් පක්ශවලට පෙනි ඉන්න උන්ට වහල්ලු කියන එකයි ජෝක් එක..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි ආණ්ඩුවට තාම කට උත්තර නැති වෙලා නැත්තෙ???

    විකල්පයක් නැති කම. :-)

    ඇයි ඒක ඔච්චර හෑල්ලක් ලියපු රසික ජයකොඩි ට තේරෙන්නෙ නැත්තෙ?? උගෙ, දේශපාලන වහල්කම. :-)
     
    • Like
    Reactions: malakadss