දේශපාලන හිතවත්කම් මත

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
දේශපාලන හිතවත්කම් මත

දේශපාලන හිතවත්කම් මත ජල මණ්‌ඩලයට
අලුතින් 600 ක්‌ බඳවාගෙන!


සිරිමන්ත රත්නසේකර

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල පරිපාලනයේ අනුමැතිය නොමැතිව දේශපාලන හිතවත්කම් මත අලුතින් සේවක සේවිකාවන් හයසියයකට ආසන්න පිරිසක්‌ වත්මන් රජය යටතේ එම මණ්‌ඩලයට බඳවාගෙන ඇත.

දේශපාලන ලැයිස්‌තුවක්‌ මත මෙම සියලු බඳවාගැනීම් සිදුකර ඇති අතර මේ සඳහා භාණ්‌ඩාගාර අනුමැතිය ද ලබාගෙන තිබේ.

"විවිධ කාර්යයන් සඳහා බඳවා ගන්නා පුහුණුකරුවන්" යෑයි කියමින් ලිපිකරුවන්, මනුසටහන්කරුවන්, වෙනත් ලිපිකරු හා සමාන්තර සේවා සඳහා මෙසේ බඳවාගැනීම් සිදුකර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා "දිවයින" ට පැවසීය.

මණ්‌ඩලයේ සේවකයන්ට නව වැටුප් ඉහළ දැමීම සිදුකෙරෙන අවස්‌ථාවේදී මණ්‌ඩල පරිපාලනය වෙත මුදල් අමාත්‍යාංශය අලුතින් සේවකයන් බඳවා නොගන්නා ලෙස කොන්දේසියක්‌ පනවා තිබියදීත් මෙම නව බඳවාගැනීම් සිදුකර ඇති බවත් මෙම බඳවාගැනීම් සමඟ මණ්‌ඩලයේ සේවක අතිරික්‌තයක්‌ මතු වූ බවත් හෙතෙම සඳහන් කළේය.

කොන්දේසි හා විරෝධතාවලින් රිංගා යැම සඳහා "පුහුණුවකට" යෑයි සඳහන් කරමින් මෙම බඳවාගැනීම් සිදුකර ඇතත් පත්වීම් ලිපිය අනුව මාස හයකට පසු මොවුන්ගේ සේවය ස්‌ථිර කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම පිරිස ඉතා කඩිමුඩියේ බඳවාගත් බවත් ඔවුන් නිසි සම්මුඛ පරීක්‍ෂණයකට ලක්‌කර නොමැති බවත් මෙසේ අලුතින් බඳවාගත් සේවක සේවිකාවන් දිවයින පුරා පිහිsටි මණ්‌ඩල, කාර්යාල වෙත යොමුකර ඇති බවත් උපාලි රත්නායක මහතා පැවසීය.


link