දේශභිමානී ගී

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය, මතකද මීට අවුරුදු කීපයකට කලින් ගුවන් විදුලියෙ තිබුනා දේශාභිමානී ගීත වැඩසටහන් කීපයක්.

    දැනුත් ඒ ගීත අතරින් පතර විකාශනය වෙනව.. ඒත් දේශාභිමානි ගීත වලට පමණක් වැඩසටහන් දැන් හදන්නෙ නෑ වගේ නේද ?

    අපි හැදුනෙ වැඩුනෙ ඒ ගීත අහන ගමන්.. උදේ පාන්දර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට, පිරිත් අහල නිවෙන හිත මේ ගීත වලින් රට ගැන ආදරයෙන් පිරෙව්වා මතකයි.

    මම හිතුවා ආයෙමත් ඒ ගීත අරන් එන්න.. අපි මෙතන පොස්ට් කරමු.

    image002xu.jpg


    මගේ ආදරණීය යාළුවනේ, මේ ත්‍රෙඩ් එක අපි දේශාභිමානී ගීත රසාස්වාදයට පමණක් තියාගමු. කිසිම ජාතියකට, ආගමකට, ගරහන්නෙ නැතුව ....




    Buddanubawena_Nanda_Malani.jpg
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං ආසම ගීතය තමයි "ඉඳුනිල් ගඟුලැල්"

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතා ම වටින වැඩක්.
    මම ඉතා ම ප්‍රිය කරන ගීතය

    රත්නදීප ජන්ම භූමි - පණ්ඩිත්, පද්ම ශ්‍රී ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන අපේ යුගයේ විශිෂ්ඨතම ගීත රචකයා වන මහගම සේකරයන් රචනා කළ ගීතය.

    මම ඉතාමත් දුක් මහන්සියෙන් කට්ටක් කා ලබා ගත් මේ ගීතයේ පළමු ගුවන් විදුලි පටිගත කිරීමේ හඩ ගොණුව අපේ දේශමාමක සොයුරු සොයුරියන් ගේ පහන් සංවේගය පිණිස මෙසේ මෙහි බහාලමි. බාගත කරගනිත්වා!!!

    රත්නදීප ජන්ම භූමි-පළමු පටිගත කිරීම
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ස්තුතියි යාළුවනේ

    ඉතා ම වටින වැඩක්.
    මම ඉතා ම ප්‍රිය කරන ගීතය

    රත්නදීප ජන්ම භූමි - පණ්ඩිත්, පද්ම ශ්‍රී ආචාර්ය අමරදේවයන් සංගීතවත් කරමින් ගායනා කරන අපේ යුගයේ විශිෂ්ඨතම ගීත රචකයා වන මහගම සේකරයන් රචනා කළ ගීතය.

    මම ඉතාමත් දුක් මහන්සියෙන් කට්ටක් කා ලබා ගත් මේ ගීතයේ පළමු ගුවන් විදුලි පටිගත කිරීමේ හඩ ගොණුව අපේ දේශමාමක සොයුරු සොයුරියන් ගේ පහන් සංවේගය පිණිස මෙසේ මෙහි බහාලමි. බාගත කරගනිත්වා!!!

    රත්නදීප ජන්ම භූමි-පළමු පටිගත කිරීම

    ගොඩාක් ස්තුතියි මචන්..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    හෙළ දෙරණේ කඳුළ සුසුම


    හෙළ දෙරණේ කඳුළ සුසුම
    සිනහව සොම්නස මගේය...
    මා ගයනා මේ ගීයේ
    උරුමය මා දිනු රටේය…

    තරු පායා සිනාසේය...
    සඳ පායා සිනාසේය...
    මට මා දිනු මේ දේශය
    ජල බිය ගිනි බිය නොදේය…

    එතෙරක රස බොජුන් එපා...
    රන් සළු පිළි යහන් එපා...
    උපන් රටට පිටු පානා
    හෙළයන් හෙළ බිමට එපා…


    ~ ගායනය: නන්දා මාලිනී මහත්මිය

     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රත්නදීප ජන්ම භූමි ගීතය ලන්ඩන් වල ගායනා කරන්න ආරම්භ කරත්දී මුළු ශාලාවේම ප්‍රේක්ෂකයො ආසන වලින් නැගිට්ටා...
    කියලා පණ්ඩිත් අමරදේව කියලා තිබුනා...
    ඒ වගේම
    සොඳුර මට සමුදෙන්න!සමුදෙන්න!! ගීතයත් ඒ නිතරම උදේට ඇහුනු ගීයක්...
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රත්නදීප ජන්ම භූමි ගීතය ලන්ඩන් වල ගායනා කරන්න ආරම්භ කරත්දී මුළු ශාලාවේම ප්‍රේක්ෂකයො ආසන වලින් නැගිට්ටා...
    කියලා පණ්ඩිත් අමරදේව කියලා තිබුනා...
    ඒ වගේම
    සොඳුර මට සමුදෙන්න!සමුදෙන්න!! ගීතයත් ඒ නිතරම උදේට ඇහුනු ගීයක්...

    ස්තුතියි යාළුවනේ

    මෙන්න "සොඳුර මට සමුදෙන්" ගීතය මචන්
    මහවැලි කඩිනම් ව්‍යාපාරය යටතේ ගිරාඳුරු කෝට්ටේ වැනි ජනපද බිහිවෙන මුල් කාලයේ මතක සටහන් අළුත් කරන ගීතයක්.
    අපේ මුතුන් මිත්තෝ රටේ අභිව්ර්‍ද්ධිය උදෙසා තම ගම් බිම් හැරදා නුහුරු නොපුරුදු ප්‍රදේශ වලට ගිය අයුරුයි. ඔවුනුත් ඇත්තටම මේ පින්බිමේ වීරයෝ

    ---------------------------------------
    සොඳුර මට සමුදෙන්-සමුදෙන්
    ඈත ගමේ සරු පස පෙරළන්නට
    මා යනවා අද උදෑසනින් - මා යනවා අද උදෑසනින්
    සොඳුර මට සමුදෙන් - සමුදෙන්

    ගමේ තුරු හිස් අතර පාවී
    සවන වැකෙනා කුරුළු ගීතය
    ඔබේ මෘදු ප්‍රිය වදන් වාගේ
    නිවාලනු මැන මගේ සරතැස

    අස්වනු පීදී - කරළින් බරවී
    මුළු රට ඉතිරේ ජය පානේ
    ඉර හඳ පායන වසන්තයේ
    අපි බොමු මංගල මධු පානේ


    ~ ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා
    ~ ගායනය: ඩී. ඩී. ගුණසේන මහතා


     
    Last edited: