හරි මන් මහින්දට කඩේ යනවා .. මන් පිලිගන්නවා .. දැන් උඹට ඔප්පු කරන්න ඕන උන දේ මම පිළිගත්තනේ .. දැන් මම කිව්වනේ රටේ පාරවල් හැදිලා රට යම්තාක් දුරට සංවර්දනයක් වෙලා කියලා .. මේක මම ඇහින් දැකපු දේවල්.. ඕනේ නම් මම ඔප්පු කරන්නම් .. ITN එකෙන්වත් ... කවුරුත් කියපු දේවල් නෙවෙයි .. දැන් උඹ කියනවනේ ණය වෙලා හදන පාරවල් දැකලා මම ඇන්දිලා කියලා .. දැන් එහෙනම් උඹ කියපන් ණය නොවී මේ රට දියුණු කරන්නේ කොහොමද කියලා .. එහෙම ණය නොවි රට සංවර්දනය කරන්න පුළුවන් නායකයා කවුද කියපන් බලන්න .. මමත් උට චන්දෙ දෙන්න කැමැති .. සිරාවට කියන්නේ .. මොකෝ මම කැමැති නැහැ ණය වෙන්න .. රට දියුණු වෙලා .. හොදට කාලා බිලා ඉන්න මාත් කැමැති ..මොකද මහින්දවත් , රනිල්වත්, ෆොන්සේකාවත් මට කියක් වත් දෙන් නැ මම කඩේ යනවට .. රට දියුණු උනොත් හරි විදිහට මට ඊට වඩා ලාබයක් තියෙනවා .. දැන් ඉතින් උඹ මට ඇඟිල්ල දික් කරන්නේ උඹ උත්තරේ දැනගෙනනේ ... ප්රශ්නෙන් පයින් නැතුව .. නිකන් බොරු ජෝක් දාන් නැතුව කියපන් බලන්න කොහොමද කියලා ..