දේශිය චන්ද දායකයන් සති අන්තයේ නුවරඑලිය වනසති

thomian

Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113

    දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..

    1644236648934.png



    හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් දේශිය සංචාරකයන් විසින් පරිසරයට මුදා හැරි අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ලිදුල පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින් , තලවකැලේ ලිදුල නගර සභාවේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබුහ.

    ලිදුල පොලිස් වසම ආවරණය වන පරිදි ලිදුල සිට නානුඔය පොලිස් වසම දක්වා වු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දෙපස මෙම පරිසර වැඩසටහන සිදු කරනු ලැබුහ.

    සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් හැටන් සිට නුවරඑලිය දක්වා වු ප්‍රධාන මාර්ගයට කැලි කසල අපද්‍රව්‍ය බැහැර කිරිම නිසා එම මාර්ගය දෙපස විශාල පරිසර හානියක් සිදු වි ඇත.

    එම මාර්ගයේ පසුගිය දිනවල පැමිණි ඇතැම් සංචාරකයන් විසින් ඔහුන් පැමිණි වාහන හැටන් සිට නුවරඑලිය දක්වා වු ප්‍රධාන මාර්ගයේ ඇතැම් ස්ථානවල ගාල් කර ආහාර පාන අනුභව කර ඉතිරිවන පොලිතින්, ප්ලාස්ටික් , මුඛ ආවරණ , හිස් වතුර බෝතල් , මත්පැන් බෝතල් ප්‍රධාන මාර්ගය අභියස සහ ඒ අභිසය පිහිටි තේ වතුයායට බැහැර කර ඇත.

    එසේ බැහැර කර ඇති අපද්‍රව්‍ය අයාලේ යන සුනඛයන් විසින් ඇද දැමිම නිසා හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පරිසරයට හානියක් සිදු වි ඇති අතර , ඇතැම් ස්ථාන වල දැඩි දුගන්ධයක්ද හමනු ලබයි.

    – හැටන් රංජිත් රාජපක්ෂ

    Source
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපි නම් කොහේ ට්‍රිප් එකක් ගියත් වාහනේ වෙනම බෑග් එකක් 4l ඖඉස් පෙටියක් තියෙනවා කුණු දාන්න ලග කඩයක නවහ්තුවාම කුණු ටික දානවා 😊😊