දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට

    දේශීය තරුණියන්ගේ දරු ගැබ් ඉවත් කිරීමට හා ගැබ් ගැනීම් වැලැක්වීමට පාකිස්ථානයෙන් ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වූයේ වරක් දෙවරක් නොවේ

    පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පකිස්ථානයෙන් ගෙන්වන ලද නීති විරෝධී උපත් පාලන එන්නත් 30,000ක් වරායේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර ඒවා සඟවා තිබුණේ අර්තාපල් කන්ටේනරයක සූක්ෂම අයුරිනි.

    අනතුරුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ආ පාකිස්තානු ජාතිකයකු ගුවන්තොටුපොළෙන් පිටට එද්දී අත්අඩංගුවට ගනු ලැබූවේ උපත් පාලන එන්නත් කුප්පි 4,000ක් රැගෙන ඒමේදීය.

    එම සිද්ධීන් දෙකට අමතරව පසුගිය වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලයේදී කටුනායක රේගුව විසින් පාකිස්තානු ජාතිකයන් විසින් රැගෙන ආ මෙවැනි අන්දමේ උපත් පාලන එන්නත් කුප්පි 38,000ක් තොගයක් එවකට රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විනාශ කර තිබිණි.

    ඊයේ පිටකොටුවේ ස්ථාන කිහිපයකින් සොයාගත් සූදුරු වල "සත කුප්පා" අඩංගුවී තිබෙන බව පාරිභෝගික අධිකාරිය විසින් කල වැටලීමකදී සොයාගන තිබේ.

    පාකිස්ථානයෙන් ගෙන්වා තිබෙන එම සූදුරු වල බර ප්‍රමාණයෙන් 15%ක් සතකුප්පා අඩංගුය. එලෙස සොයාගත් සූදුරු ප්‍රමාණය කිලෝ 22,000කි. මෙම සතකුප්ප නිසා කාන්තාවන් වඳ භාවයට පත්විය හැකි අතර ගැබිනි මව් වරුන්ගේ කලලය ගබ්සා වීමක් සිදුවිය හැකිය.

    සූදුරු මෙන්ම එම සූදුරු කලවම් කර සෑදූ තුන පහ ද මේ දින වල වෙළඳපොළේ තිබෙන බවයි පාරිභෝගිකසේවා අධිකාරිය පවසන්නේ.

    සූදුරු වල හැඩයම ගන්නා සතකුප්ප දිගින් අඩුය, මහතය. රසයෙන් තිත්තය. මේ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රෝහලේ වෛද්‍යවරියක් පවසන්නේ මෙවැන්නක්.

    "සතකුප්ප කියන්නේ තනිකරම ආයුර්වේද චිකිත්සාවේ තිබෙන ඖෂධයක්. නමුත් ඒක යොදන්න ඕනේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව. ගැබ් ගත් කාන්තාවකට මේක යෙදුවොත් ඒ ගැබ විනාශවීමට බලපානවා. මේක දිගින් දිගටම කාන්තාවන්ට තුනපහත් එක්ක මිශ්‍ර වෙලා යනවා නම් දරුවන් නැති කරන තත්ත්වයක් ඇතිකරන්න පුළුවන්."

    දේශීය තරුණියන් වඳ කිරීමට පාකිස්ථානයෙන්ම ලංකාවට ඖෂධ හොර රහසේ ගෙන්වන්නේ ඇයි? ලාභ ලැබීම සඳහා සූදුරු වලට සතකුප්ප කලවම් කළාද නැත්නම් උපත් පාලන එන්නත් ගෙන ඒමේදී හසුවන නිසා රේගු ඇසට වැලි ගසා ගර්භනී කාන්තාවන්ගේ දරු කලල විනාශ කිරීමට මේවා ගෙන්වූවාද? සිතා බැලිය යුතු ගැටළු රාශියක් පැන නඟී.


    Read more: http://www.33000.tv/2014/02/Sathakuppa-mix-with-cumin-for-abortion.html#ixzz2uVCVkT7n
    Follow us: 33000lk on Facebook

    Abortion+tablets-+33000lk-++(1).jpg

    Abortion+tablets-+33000lk-++(3).jpg