දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන්න

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන්න

:)►►දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන්න◄◄:)
හේ හේ.jpg


මේක ඇමරිකාවේ සිද්ධ වුන කථාවක්. ඇෆ්ගනිස්ථානයේ සටන් බිමේ හිටිය සෙබලෙකුට එයාගේ ආදරවන්තියගෙන් මෙහෙම ලිපියක් ලැබුනා.

ආදරණීය රිකී,

මට තව දුරටත් අපේ සම්බන්ධතාවය පවත්වන්න බෑ. අපි දෙන්නා ගොඩක් ඈත් වෙලා ඉන්නේ. අපි අපේ සම්බන්ධතාවය නතර කරමු. මට සමාවෙන්න.
මම ඔයාට එවපු මගේ ෆොටෝ එක මට ආපහු එවන්න.
මීට ආදර
බෙකී. :no:


මේ ලියුම කියවපු සෙබලාට ගොඩක් දුක හිතුනා,ඉතින් මෙයා මෙයාගෙ සහෝදර සෙබලුන්ට කතා කරලා ඒ අය ලග තියන එයාලගේ පෙම්වතියන්ගේ සහෝදරියන්ගේ,භාර්යාවන්ගේ සියලුම ඡායාරූප ටික එකතු කර ගත්තා.

එකතු කරගෙන ඉවර වෙලා බලනකොට ලස්සන ගෑනු ළමයි 30ක 35කගේ ඡායාරූප තියනවා. අන්තිමට මේ සෙබලා එයාගේ පෙම්වතිය වුනු බෙකීගේ ෆොටෝ එකත් අරගෙන ඔක්කොම එක පාර්සලයකට දාලා මේ වගේ ලියුමක් එක්ක එයාගේ පෙම්වතිය වුනු බෙකීට යැව්වා.

ආදරණීය බෙකී,

මට සමාවෙන්න.ඒත් මට ඔයා කවුද කියන්න හරියටම මතක නෑ.
ඒ නිසා මේ ලියුමත් එක්ක එවලා තියන පාර්සලයෙන් ඔයාගේ ෆොටෝ එක අරගෙන මට අනිත් ෆොටෝ ටික එවන්න.
මීට රිකී. :shocked:


ඔබේ දෛවය ඔබට වෙනස් කල නොහැකි නම් දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන්න.:yes:

:yes::yes::yes:
:rofl: මුහුණු පොතේ තිබිලා ඉස්සුවේ. :rofl:
කැමතිනම් Rep පාරක් දාලා Bump එකකුත් දීලා ගියාට දොසක් නැ
:D:yes::D


 
  • Like
Reactions: 9dimuthu

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැබැයි මට බුදු ෂුවර් මිනිහ ගෙදර එනකන් ගෑණි කොහෙවත් යන්නෙ නෑ.ඌව මරන් කන්න බලාගෙන ඉන්නව ගෙදර එනකන් :lol: