දොඩන්ගොඩ_පොලිස්
දොඩම්ගොඩදී යතුරුපැදිකරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්
කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පහරදුන් පොලිස් නිළධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසනවා. මේ වන විටත් එම පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේදී යතුරපැදියකින් ගමන් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පහර දෙන ආකාරයේ වීඩියෝවක් පසුගියදා මාධ්‍ය ඔස්සේ විකාශය වුණා. එම වීඩියෝව විකාශනයෙන් අනතුරුව සිද්ධියට අදාල පොලිස් නිළධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ දොඩංගොඩ පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේයි. රියදුරු බලපත්‍රයක් නොමැතිව අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු අසල සිටි පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණා.
පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවා.