දොස්තරලට ගිය රට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දොස්තරලට ගිය රට

    ලෙඩෙකුට හදිස්සියකට බේතක් දුන්නම උසාවි යන්න වෙන්නේ
    පුදුම රටක් මේක
    FRlYicB.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    "ඊයේ ඉඳලා හෙම්බිරිස්සාව වගේ අනේ. අර ගිය පාර උණ හැදිච්ච වෙලාවේ ඩොක්ටර් දුන්න ඇමොක්සිලින් වගයක් තිබුණා. ඒ ටික ගත්තා. දැන් නම් ටිකක් අඩුයි වගේ."

    "ලොකු පුතාට කැස්සයි සෙමයි හැදිලා. ඊයේ ගිහින් හන්දියේ දොස්තරගෙන් බෙහෙත් අරන් ආවා. අද පොඩි එක්කෙනාටත් සෙම වගේ. ඒ නිසා ලොකු පුතාට ගෙනාපු බෙහෙත් වලින් ටිකක් දුන්නා. අඩු වෙන්නැතෑ."

    "මට කාලයක් තිස්සේ කැස්ස තිබුණා. හොස්පිට්ල් එකෙන් මාස 6කට ගන්න කියලා බෙහෙත් ටිකක් නම් දුන්නා. ඒත් අනේ ඉතින් ඔය වෙස්ටන් බෙහෙත් කියන්නේ කෙමිකල්ස්නේ. ඔහොම එකදිගට ගන්න එක ඇඟට හොඳ නෑනේ. ඒ නිසා මං මාස දෙකක් විතර අරගෙන කැස්ස අඩු වුණහම නවත්තලා දැම්මා."

    ඔබත් මේ වගේද...?


    එදිනෙදා ජීවිතයේදී ඔබට මේ වගේ කතා ඕනෑ තරම් ඇහිලා ඇති. සමහරවිට ඔබත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණහම මේ වගේ කරලා ඇති. වෛද්‍යවරයෙක් හමු වෙන්නට නොගිහින් ඔබ දන්න කියන ප්‍රතිජීවකයක් අරගෙන ඉඳලා ඇති. ඒත් ඔබ දන්නවාද, ඔබ සිදු කරන ඒ මුරණ්ඩු ක්‍රියාව නිසා සමහරවිට අනාගතයේදී ඊළඟ පරම්පරාවට නිව්මෝනියාව, ක්ෂය රෝගය වගේ බරපතළ ලෙඩ රෝග වලටත් බෙහෙත් නැති වෙන්න පුළුවන් බව?

    අපේ ශරීරයේ ලෙඩ රෝග ඇති වෙන්න විවිධ කරුණු හේතු වෙනවා. ඒවායින් ප්‍රධානතම එක තමයි ක්ෂුද්‍ර ජීවීන් විසින් සිරුර ආක්‍රමණය කිරීම. බැක්ටීරියා, වෛරස, දිලීර, ප්‍රොටොසෝවාවන් වැනි ජීවී කාණ්ඩ රාශියක් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. මේ අතරින් කා අතරත් ප්‍රචලිත බැක්ටීරියා නිසා වැළඳෙන ලෙඩ රෝගයි. ඕනෑම ක්ෂුද්‍රජීවී කාණ්ඩයක් දේහ අභ්‍යන්තරයට ඇතුළු වූ වහාම දේහයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එමගින් අදාල රෝගකාරකය හඳුනාගෙන (හෝ නැතුව) ඊට එරෙහිව පියවර ගන්නවා. උදාහරණයක් ලෙස බැක්ටීරියා ගිල දැමීම සඳහා අවශ්‍ය සෛල මුදා හරිනවා, එහෙම නැත්නම් වෛරසය හඳුනාගෙන ඊට එරෙහි වන ප්‍රතිදේහ නම් රසායනික සංයෝගයන් නිර්මාණය කර මුදා හරිනවා. හොඳ සෞඛ්‍ය තත්වයක පසු වන කෙනෙක්ට වැළඳෙන ලෙඩ රෝග වලින් බහුතරයක්ම කිසිම බාහිර ඖෂධයක උදව් නැතිව සුව කරගන්න ශරීරයට පුළුවන්. (නූතන ඖෂධ හොයා ගන්න කලිනුත් මිනිස්සු ජීවත් වුණානේ!) හැබැයි ඒ සඳහා කල් ගත වෙන්න පුළුවන්. ඒ අතරවාරයේදී රෝගියා දුර්වල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිය අතින් දුර්වල පුද්ගලයන්, ඒ කියන්නේ කුඩා දරුවන්, වයසක අය, දැනටමත් වෙනත් රෝගයකින් පීඩා විඳින අය හෝ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති අය මේ කාලය තුළදී රෝගය නිසා මිය යන්න හෝ දරුණු ආබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයට තනිවම සුව කර ගත නොහැකි මාරාන්තික ලෙඩ රෝගත් තියෙන බව අමතක කරන්න එපා.

    ඉතින් මේ රෝගයන්ට පිළියමක් ලෙස බැක්ටීරියා මර්දනය කිරීමේ සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කාණ්ඩයක් තමයි ප්‍රතිජීවක, එහෙමත් නැත්නම් Antibiotics කියන්නේ. ප්‍රතිජීවක බොහෝමයක් එක් එක් බැක්ටීරියා කාණ්ඩයට සුවිශේෂීයී. ඒ නිසා රෝගකාරක බැක්ටීරියාව හඳුනාගත් පසු ඊට අදාළ ප්‍රතිජීවකය ලබාදීමෙන් ආසාදනය නවත්වන්නට පුළුවන්. ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං විසින් 1928දී මුල්ම ප්‍රතිජීවකය වන පෙනිසිලින් සොයා ගත් දා පටන්, බැක්ටීරියා ආසාදන මැඬලීමට ප්‍රතිජීවක විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදු කර ඇති මෙහෙය අපමණයි. [වෛරස වලට එරෙහිව ප්‍රති වෛරස (antiviral) ඖෂධත්, දිලීර වලට එරෙහිව ප්‍රති දිලීරමය (anti fungal) ඖෂධත් යනාදී වශයෙන් වෙනත් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ වලට එරෙහිවත් ඖෂධ වර්ග තියෙනවා. නමුත් ඒවා ප්‍රතිජීවක නෙවෙයි.]

    නමුත් කාලයක් යද්දී වෛද්‍යවරුන්ට සහ විද්‍යාඥයින්ට තේරුණා, අතීතයේදී සමහර ලෙඩ රෝග වලට එරෙහිව සාර්ථකව සටන් වැදුණු ප්‍රතිජීවක සමහරක්, පසුකාලීනව එහෙම සාර්ථක නොවුණු බව. මෙයට හේතුව ලෙස සොයා ගැනුණේ සමහර බැක්ටීරියා විසින් මේ ප්‍රතිජීවක වලට එරෙහිව ප්‍රතිරෝධයක් (resistance) ගොඩනගාගෙන ඇති බවයි. කාලයක් තිස්සේ යම් ප්‍රතිජීවකයකට මුහුණ දෙන විට, බැක්ටීරියාව තුළ තිබෙන DNA අණු වල සිදු වන වෙනස්කම් මගින් අදාල ප්‍රතිජීවකයට ඔරොත්තු දිය හැකි නව බැක්ටීරියා පරම්පරාවක් නිර්මාණය කරගන්න ඒවාට හැකියාව තියෙනවා. මේ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයට ලොකු අභියෝගයක් එල්ල වුණා. බැක්ටීරියා වලින් සෑදෙන ලෙඩ රෝග, ප්‍රතිජීවක මගින් හොඳ කරන්නත් ඕනේ. හැබැයි ඒ ප්‍රතිජීවක වලට බැක්ටීරියා තුළ ප්‍රතිරෝධයක් ගොඩ නගා ගන්න ඉඩ තියන්නත් බැහැ.

    ඒ අනුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රතිජීවක අවභාවිතය වළක්වන්න නීති සම්පාදනය කළේ. ඒ අනුව සමහර ප්‍රතිජීවක ආවාට ගියාට නියම කරන්න වෛද්‍යවරුන්ට බැහැ. ඔබ ගන්නා ප්‍රතිජීවක වලට යම් ප්‍රතිරෝධයක් ඔබේ සිරුරේ සිටින බැක්ටීරියා ඇති කර ගත්තොත්, ඔබ කසින, කිවිසන විටදී ඒ ප්‍රතිරෝධී බැක්ටීරියා අවට පරිසරයට මුදා හැරෙන්න පුළුවන්. ඒවා වෙනත් පුද්ගලයෙක් තුළට ඇතුළු වුණහමත් ප්‍රරතිරෝධී ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන එක අද කාලේ වගේ ලේසි වෙන එකක් නෑ. අපි අද හැකිතාක් අඩුවෙන් ප්‍රතිජීවක භාවිතා කරනවා නම් අනාගතයට ඒවා ඉතිරි කරගන්න පුළුවන්.

    නමුත් ඊළඟ ලොකුම ගැටළුව තමයි සාමාන්‍ය මහජනතාව තම තමන්ගේ අභිමතය පරිදි ප්‍රතිජීවක භාවිතා කරන එක. හරියට උඩ අපි කතා කරපු උදාහරණ වල වගේ. හෙම්බිරිස්සාව වගේ ලෙඩක් ගත්තොත් එය ඇති වන්නේ ඉන්ෆ්ලුවෙන්සා කාණ්ඩයේ වෛරසයක් මගින්. ඉතින් හෙම්බිරිස්සාව හොඳ වෙන්න කියලා ප්‍රතිජීවක ගන්න එකෙන් ඵලක් නැහැ. මොකද ප්‍රතිජීවක වැඩ කරන්නේ බැක්ටීරියා වලට එරෙහිව පමණයිනේ. හැබැයි ඒකෙන් ඔබේ ශරීරය තුළ නිද්‍රාගතව ඉන්න වෙනත් භයානක බැක්ටීරියාවක් ඒ ප්‍රතිජීවකයට ප්‍රතිරෝධය්ක් ගොඩ නගා ගන්න පුළුවන්. එතකොට යම් දවසක ඔබට ඒ බැක්ටීරියාව මගින් ඇති කරවන රෝගයක් වැළඳුණොත්, එයට එරෙහිව අර ප්‍රතිජීවකය යොදා ගන්නට නොහැකි වෙනවා.

    හිතලා බලන්න. ඔබට පසුගිය වතාවේදී හෙම්බිරිස්සව සහ උණ සෑදුණු අවස්ථාවේදී, රෝග ලක්ෂණ අනුව බැක්ටීරියාවක් සහ වෛරසයක් යන දෙකම ආසාදනයට හේතු වී තිබුණා නම් වෛද්‍යවරයා ඔබට එහිදී ප්‍රතිජීවක ලබා දෙන්න ඇති. නමුත් දැන් ඔබ අලුතෙන් සෑදුණු පොඩි හෙම්බිරිස්සාවටත්, වෛද්‍ය උපදෙස් නොමැතිව ඒ ප්‍රතිජීවක භාවිතා කරන්නට යෑමෙන් සිදු වන්නේ ප්‍රතිරෝධීතාවයට අත වැනීමක් පමණයි. ඒ වගේම වෙන කෙනෙකුට දුන් ප්‍රතිජීවක "එයාට හැදිලා තිබ්බෙත් මේ වගේ ලෙඩක්නේ" යැයි සිතා ඔබ භාවිතා කිරීමත් ඒ වගේම භයානකයි. එක වගේ රෝග ලක්ෂණ තියෙන ඒත් එකිනෙකට වෙනස් රෝග ඕනෑ තරම් තියෙන්න පුළුවන්.

    අනෙක් කරුණ තමයි තමන් හිතූ පමණින් ප්‍රතිජීවක භාවිතය අතහැර දැමීම. අපේ රටේ මේ තත්වය වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නේ ක්ෂය රෝගයට ප්‍රතිකාර ගන්න රෝගීන් අතරයි. ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාවට එරෙහිව ප්‍රතිජීවක කිහිපයක එකතුවක් මාස 6ක් පුරාවට ප්‍රතිකාර කිරීමෙන් ඒ බැක්ටීරියාව සම්පූර්ණයෙන්ම පාහේ තුරන් කරන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර අරඹලා මාස කීපයක් යද්දී, දේහයේ සිටින බැක්ටීරියා ප්‍රමාණය අඩු වීම නිසා රෝග ලක්ෂණ රාශියක් නැති වී යනවා. නමුත් තවමත් දේහ අභ්‍යන්තරයේ බැක්ටීරියා සැඟවිලා ඉන්නවා. ඉතින් බොහෝ රෝගීන් මේ අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් වලට පටහැනිව යමින් ඖෂධ ගැනීම නතර කරනවා. එමගින් දේහයේ තැන්පත්ව තියෙන බැක්ටීරියා වලට හැකි වෙනවා මේ ප්‍රතිජීවක වලට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩ නගා ගන්න. ඉතින් එහෙම නිර්මාණය වුණු ප්‍රතිරෝධී බැක්ටීරියා නැවත් ක්ෂය රෝගය ඇති කළ විට අර පරණ ප්‍රතිජීවක වලින් එයට පිළියම් කරන්නට බැරි වෙනවා.

    ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා වර්ෂ 2050 වන විට අපි සතුව තියෙන ප්‍රතිජීවක රාශියක්ම භාවිතය නවතා දමන්නට සිදු වන බවත්, ඒ නිසා බැක්ටීරියා රෝග වලින් විශාල පිරිසක් මිය යන්නට ඉඩ ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉතින් මේ තත්වය වළක්වා ගන්න නම්, ප්‍රතිජීවක අවභාවිතය නවත්වන්නට සිදු වෙනවා. ඔබත් සමහර විට මෙහෙම ප්‍රතිජීවක අවභාවිතා කළ කෙනෙක් වෙන්න ඇති. එහෙම නම් අද ඉඳලාවත් හිතාගන්න පොඩි කැස්සට හෙම්බිරිස්සාවට වෛද්‍ය උපදෙස් නැතුව ප්‍රතිජීවක ගැනීම හොඳ නැති බව. මේ පණිවිඩය හැකිතාක් මිතුරන් අතර බෙදා හැරලා ඔබටත් පුළුවන් ප්‍රතිජීවක අවභාවිතය නවත්වන්නට දායක වෙන්න.


    bump
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තර වට්ටෝරුවක් නියම කරාම ෆාමසිකාරය ඒක බෙහෙත් කොම්පැනියට රිපෝට් කරනව. මේ දොස්තර මේ බෙහෙත ලිව්ව කියල. ඊට පස්සෙ මාසෙ ගානෙ හරි අවුරුද්ද ගානෙ හරි ඩොකාට බෙහෙත් කොම්පැනියෙන් පිටරට සවාරි, සල්ලි , තෑගි ලැබෙනව.

    ඉතින් වට්ටෝරු නැතිව ෆාමසියෙන් බෙහෙත් දුන්නොත් දොස්තරලට රිදෙනව.

    ප්‍රතිජීවක නියම විදිහට පාවිච්චි නොකරන එකෙන් ප්‍රශ්න එන්න පුලුවන්. ඒත් දොස්තරල එහෙම දෙයක් ගැන හිතල මතල උණ හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක නොදී ඉන්නෙ නෑනෙ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දොස්තර වට්ටෝරුවක් නියම කරාම ෆාමසිකාරය ඒක බෙහෙත් කොම්පැනියට රිපෝට් කරනව. මේ දොස්තර මේ බෙහෙත ලිව්ව කියල. ඊට පස්සෙ මාසෙ ගානෙ හරි අවුරුද්ද ගානෙ හරි ඩොකාට බෙහෙත් කොම්පැනියෙන් පිටරට සවාරි, සල්ලි , තෑගි ලැබෙනව.

    ඉතින් වට්ටෝරු නැතිව ෆාමසියෙන් බෙහෙත් දුන්නොත් දොස්තරලට රිදෙනව.

    ප්‍රතිජීවක නියම විදිහට පාවිච්චි නොකරන එකෙන් ප්‍රශ්න එන්න පුලුවන්. ඒත් දොස්තරල එහෙම දෙයක් ගැන හිතල මතල උණ හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක නොදී ඉන්නෙ නෑනෙ.

    :):):):):) Rep++++
    kari dosthara paku ekka mala paninne oya welawata tamayi....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    hospital eketh antibiotics count karanawa bn, pharmacy wala eka tablet ekath den na prescription ekak nathuwa.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දොස්තර වට්ටෝරුවක් නියම කරාම ෆාමසිකාරය ඒක බෙහෙත් කොම්පැනියට රිපෝට් කරනව. මේ දොස්තර මේ බෙහෙත ලිව්ව කියල. ඊට පස්සෙ මාසෙ ගානෙ හරි අවුරුද්ද ගානෙ හරි ඩොකාට බෙහෙත් කොම්පැනියෙන් පිටරට සවාරි, සල්ලි , තෑගි ලැබෙනව.

    ඉතින් වට්ටෝරු නැතිව ෆාමසියෙන් බෙහෙත් දුන්නොත් දොස්තරලට රිදෙනව.

    ප්‍රතිජීවක නියම විදිහට පාවිච්චි නොකරන එකෙන් ප්‍රශ්න එන්න පුලුවන්. ඒත් දොස්තරල එහෙම දෙයක් ගැන හිතල මතල උණ හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක නොදී ඉන්නෙ නෑනෙ.

    මචන් සිරාවටම ඔහොම සිද්දියක් වෙනවද? මොන වගේ ෆාමසි වලද? :eek::eek:
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    දොස්තර වට්ටෝරුවක් නියම කරාම ෆාමසිකාරය ඒක බෙහෙත් කොම්පැනියට රිපෝට් කරනව. මේ දොස්තර මේ බෙහෙත ලිව්ව කියල. ඊට පස්සෙ මාසෙ ගානෙ හරි අවුරුද්ද ගානෙ හරි ඩොකාට බෙහෙත් කොම්පැනියෙන් පිටරට සවාරි, සල්ලි , තෑගි ලැබෙනව.

    ඉතින් වට්ටෝරු නැතිව ෆාමසියෙන් බෙහෙත් දුන්නොත් දොස්තරලට රිදෙනව.

    ප්‍රතිජීවක නියම විදිහට පාවිච්චි නොකරන එකෙන් ප්‍රශ්න එන්න පුලුවන්. ඒත් දොස්තරල එහෙම දෙයක් ගැන හිතල මතල උණ හෙම්බිරිස්සාවට ප්‍රතිජීවක නොදී ඉන්නෙ නෑනෙ.

    :(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කැරි දොස්තර පක්කු ගහලා එලවන්න ඕනේ. සයිටම් දොස්තරලා ආවොත් නම් ඔහොම කරන එකක් නෑ. සල්ලි ගෙවලා ඉගෙන ගන්නෙත් අපිට සේවය කරන්න තියෙන තද ආසාවටනේ.