මම මේ මගේ ෆොරින් ට්‍රේනින් වලට ඔසී ඇවිත් ඉන්නේ. සිස්ටම් අවුල් කියන්නේ පට්ටම චාටර්
මගේ speciality එක O & G. Uterine procidentia එකකට සර්ජරි බුක් කලාම automatically එන්නේ category 3 class එකට(ලංකාවේ උපරිම සති දෙකයි). ඒ කිව්වෙ අවුරුද්දක් වගේ යනකන් දිනයක් ලැබෙන්නේ නෑ. දවසට උපරිම Major cases 2යි. (ලංකාවේ අපි දවසට 8 ක් කරනවා) ED එකට ලෙඩෙක් ආවම Triage කරලා උන්ගේ waiting time 10-12 hours. ඔය මචන් Hb අඩු, bleed වෙන miscarriages

(ලංකාවේ විනාඩි5 යි 10 යි. කෙලින්ම HO stat ගහලා එවන්නේ) ආච්චිලා එනව ක්ලිනික් වලට නාහින් අඬ අඬා මෙහේ . ඔය ලෝක සෞඛ්‍යය දර්ශකයේ 22 ට ඉන්න රට. UK 33 සහ ඇමරිකාව 60+. ඒවල තරම හිතාගනින්කෝ Ausi එහෙමනම්. GP referral එකකින් ක්ලිනික් එකක් ලැබෙන්න මාස 3 ක් හෝ වැඩියෙන් යනවා. (ලංකාවේ අද ක්ලිනික් ආවනම් අද බලනවා) මෙහේ දවසට ක්ලිනික් එකේ ලෙඩ්ඩු 10 යි 12 යි recalls, 1st visit 3-4 යි. (ලංකාවේ 1st Visit castel එකේ ඉද්දි මම දවසට 100+ බලලා තියෙනවා registrar කාලේ)
ලංකාව ඉන්නේ ඔය දර්ශකයේ 40 ට. ලංකාවේ ඔය උඩ කිව්වා ඒවා එකක්වත් waiting නෑ මම වැඩ කරපු boss ලා එක්ක. මගෙ SR කාලෙත් Procientia දැක්කම මම ඊගාව සතියේ කරලා තියෙනවා.
ලංකාවේ ඉන්න ලිං මැඩියෝ හිතන් ඉන්නේ මේ රටවල health sector wow කියලා. මට නම් ඇති wow එකක් නෑ. මෙහේ තියෙන facility ලංකාවේ තිබ්බනම් ලංකාවේ දොස්තරලා ලංකාවා ලෝකේ හොඳම health care countries වල පලවෙනි 10 ඇතුලට ගෙනල්ලා.
මට නම් වැඩ නැතිව ice ගහලා ගහලා අප්පිරියා වෙලා තියෙන්නේ. සාක්කුව බර වෙන්නනම් ලැබෙනවා ඉතින් සති දෙකෙන් දෙකට මෙහේ, ලංකාවේ මාස 6 ක OT එක්ක full salary එකම සති දෙකට.