දොස්තරලා & නර්ස්ලා ගල් වීම.

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සුභ නව වසරක්!
    මීට වසර 35/40කට පෙර අපේ ගමේ යාලුවෙකුගේ ගෙදර තොවිලයක් තිබුනා. ඒක හොර රහසේ කරපු දෙයක් උනත් මටත් එදා රෑ එහෙ එන්න කිව්වා. තොවිලය කරපු කට්ටඩියාව රාත්‍රියේ තුං මං හන්දියකට උස්සාගෙන යන්න පිරිමි 4 දෙනෙක් ඕනෑ නිසා මටත් එන්න කියූ බව දැනගත්තේ එහි ගියාමයි. කට්ටඩියාව උස්සාගෙන ගියේ හරියටම මේ වීඩියෝ එකේ තියන විදියටමයි. වෙනස, මෝල්ගස් දෙක උඩට පං පැදුරක් එලීම පමණයි. අඩුම තරමින් විනාඩි 4/5 වත් ඒ මිනිහා (මෑන් වයස හැත්තෑව පැනපු මහලු කෙනෙක්) මෝල්ගස් දෙක උඩ හිටියා. අපි මිනියක් ගෙනියනවා වාගේ කරට ම උස්සලා තමයි මෑන් ව අරන් ගියේ. මම මන්තර ගුරුකම් විශ්වාස නොකරන නිසා මේ දේ උනේ කොහොමද කියලා නොවිසඳුන ප්‍රශ්නයක් මෙච්චර කල් මගේ හිතේ තිබුනා. අද ඒකට පිළිතුරු ලැබුනා.
    ආරියසේන යූ ගමගේ මහතාට නිවන් සුව.