වෛද්‍යවරයෙකුගේ වැරදි නිසා වකුගඩු සැත්කමක් සඳහා රිජ්වේ ආර්යා රෝහලට ගිය මොහොමඩ් හම්දි නැමැති 3 හැවිරිදි දරුවා මියයාම රටේ ජනතාව අතර විශාල කම්පනයක් ඇති කරමින් රටවැසියන් සියළුමදෙනාගේ අවධානයට යොමු කරමින් සිටිනවා...
වැරදි ලෙස වකුගඩු සැත්කම කරලා මෙතරම් ඉක්මනින් පවුල් පිටින් රට පැන්න වෛද්‍යවරයා දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බවට හිරු නිව්ස් ඊයේ වාර්තා කලා.
මොහු ආචාර්ය නවීන් විජේකොන් ළමා රෝග විශේෂඥයා සහ වකුගඩු විශේෂඥයා කොළඹ, ගම්පහ සහ මීගමුව ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සායනයේ යෙදුණු කෙනෙක්ලූ...
හම්දිගේ වකුගඩු දෙකම ඉවත් කළ සැත්කමෙන් දින කිහිපයක් ඇතුළත මේ වෛද්‍යවරයා රටින් පැන ගියේය.
ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් සම්මන්ත්‍රණවලට සහභාගි වන බවද තහවුරු වී තිබේ
