දොස්තර බල්ලන්ට ගහ පියවු

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික ‍තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.

    ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.

    වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.

    අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉ‍ටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"
    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සයිටම් එක ප්‍රමිතියකට ගෙනල්ල රජයෙන් පාලනය කරලා හරි, සල්ලි දීල යන්පින පුලුවන්ලි වෙන විදියෙ ගත් ක්‍රමවේදකට ඇතුල්වීම හැදුවොත් ඒකට කැමතිද ඔයාල :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක තමයි බන් මම කිවුවේ ඕවා ගනන් ගන්න එපා.ඔහොම තමයි ලෝකේ හැටි.මීඩියා කරයෝ තමන්ට ඕනි කොටස විතරයිනේ විකුණන්නේ.

    ලංකාවේ මිනිස්සුන්ට දෙයක් කරාට සත පහක කෙලෙහිගුණයක් නැහැ කියලා මම දැනගෙන ගොඩක් කල් බං. ඒ වෙද්දි මම මේ වෘතිය පටන් අරගෙනවත් නැහැ. වෘතියට ආවට පස්සේ කියනවනම් Intern කරද්දි මෙඩිකල් ඇපොයින්ට්මන්ට් ඩෙංගු ලෙඩෙක් පට්ටිකා විසි දාහට විතර අඩු වෙලා තියෙද්දි මම කලින් දා ඒ ලෙඩත් එක්ක තව අනික් පැත්තේ ඇඳේ ලෙඩා පොරගේ පට්ටිකා දහදාහට විතර අඩු වෙලා තිබ්බේ. එලි වෙනකන් දෙන්න නිසා ඇහැරලා හිටියා. එහෙමයි කියලා පහුවදා නිදා ගන්න බෑ. Internship කියන්නේ එහෙම දෙයක් උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ පහුව දාත්. එක්කෝ මුත්‍රා පිට වීම අඩු වෙනවා. නැත්නම් PCV කරන්න නැගිටිනවා. එකදිගට එලි වෙනකන් ඇහැරලා. ඔය පට්ටිකා 20 ට අඩු වෙලා තිබ්බ එකා වයස 35 ක විතර කෙනෙක්. මිනිහගේ තාත්තා ඇවිත් පහුවදා දවල් මටයි මගේ අනික් එකාටයි මිස්ලටයි බැනලා බලෙන් ටිකට් කප්ප්වගෙන ගියා. හේතුව කිව්වේ ඩෙංගු නිසා මොකුත් කරන්නේ නෑ. නිකන් සේලයින් එල්ලනවා පැනඩෝල් පෙත්තක්වත් දෙන්නේ නෑ කියලා. ඒක උන්ගේ නූගත් කම. ඊක දැකලා අනික් පැත්තේ ඇඳේ හිටි මනුස්සයගේ පුතා සහ ඒ ලෙඩා මොකද දන්නවද කලේ හවස් වෙද්දි මට අරගෙන ආවා අඩි එකහමාරක් විතර දිග පත ස්විස්ට්‍රලන්ඩ් චොකලට් එකක්. ඒක දීලා කිව්වා ඩොක්ටර් මම හොඳටම් දැක්කා ඊයේ එලිවෙනකන් ඔයා මමයි අනික් ලෙඩා වෙනුවෙනුයි කාපු කට්ට සහ අද හවස් වෙනකනුත් නින්දක් නෑ නේද. ඔව්වා ගනන් ගන්න එපා කියලා. ඒ වෙද්දි අර ප්ලේට්ලට් අඩු වෙලා දහදාහට අඩු වෙච්ච ලෙඩා රිකවර් වෙන්න බලලත් නැහැ. ලංකාවේ බහුතරයක් එහෙමයි බං ඒ නිසා ඔව්වා මට නම් කොහොමත් ගානක් නැහැ. ඔය එක සිද්දියක් විතරයි බං. ඔය වගේ ගොඩක් වෙලා තියෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මමත් ටික කාලෙකට කලින්ඩෙංගු වලට ඉස්පිරිතාලේ නැවතිලා හිටියා.වාට්ටුවේ ඩොක්ටස්ලා දෙන්නයි හිටියේ.උදේ බලනකොටත් උන් ඉන්නවා.හවස බලනකොටත් ඉන්නවා.රෑත් ඉඳලා පහුවෙනිදාත් ඉන්නවා.මම දවස් 3ක් හිටියා.දවස් 3 නේම පැය 24ම ඩොක්ටර්ස්ලා දෙන්නම වෝඩ් එකේ හිටියා.උන් පට්ට කැපකිරීමක් කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් ටික කාලෙකට කලින්ඩෙංගු වලට ඉස්පිරිතාලේ නැවතිලා හිටියා.වාට්ටුවේ ඩොක්ටස්ලා දෙන්නයි හිටියේ.උදේ බලනකොටත් උන් ඉන්නවා.හවස බලනකොටත් ඉන්නවා.රෑත් ඉඳලා පහුවෙනිදාත් ඉන්නවා.මම දවස් 3ක් හිටියා.දවස් 3 නේම පැය 24ම ඩොක්ටර්ස්ලා දෙන්නම වෝඩ් එකේ හිටියා.උන් පට්ට කැපකිරීමක් කරන්නේ.

    Internship කියන එක එහෙම දෙයක් තමයි බං. අවුරුද්දක් ට්‍රේන් කරනවා මාස 6 ඇපොයින්ට්මන්ට් දෙකක. ඔය කාල සීමාවේ පැය 24 ම වැඩ. දවස් 365 ම වැඩ. කොන්සා ගෙදර යන්න නිවාඩුවක් දුන්නොත් තමයි යන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Internship කියන එක එහෙම දෙයක් තමයි බං. අවුරුද්දක් ට්‍රේන් කරනවා මාස 6 ඇපොයින්ට්මන්ට් දෙකක. ඔය කාල සීමාවේ පැය 24 ම වැඩ. දවස් 365 ම වැඩ. කොන්සා ගෙදර යන්න නිවාඩුවක් දුන්නොත් තමයි යන්න පුලුවන්.

    උන් ඉන්ටර්න් වෙන්න බෑ බන්.අවු 30 ක විතර දෙන්නෙක්.
     
    • Like
    Reactions: Ridila™

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    GMOA warns that university students who have been protesting over SAITM issue will be compelled to take arms if Govt didn't give a solution
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ මිනිස්සුන්ට දෙයක් කරාට සත පහක කෙලෙහිගුණයක් නැහැ කියලා මම දැනගෙන ගොඩක් කල් බං. ඒ වෙද්දි මම මේ වෘතිය පටන් අරගෙනවත් නැහැ. වෘතියට ආවට පස්සේ කියනවනම් Intern කරද්දි මෙඩිකල් ඇපොයින්ට්මන්ට් ඩෙංගු ලෙඩෙක් පට්ටිකා විසි දාහට විතර අඩු වෙලා තියෙද්දි මම කලින් දා ඒ ලෙඩත් එක්ක තව අනික් පැත්තේ ඇඳේ ලෙඩා පොරගේ පට්ටිකා දහදාහට විතර අඩු වෙලා තිබ්බේ. එලි වෙනකන් දෙන්න නිසා ඇහැරලා හිටියා. එහෙමයි කියලා පහුවදා නිදා ගන්න බෑ. Internship කියන්නේ එහෙම දෙයක් උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ පහුව දාත්. එක්කෝ මුත්‍රා පිට වීම අඩු වෙනවා. නැත්නම් PCV කරන්න නැගිටිනවා. එකදිගට එලි වෙනකන් ඇහැරලා. ඔය පට්ටිකා 20 ට අඩු වෙලා තිබ්බ එකා වයස 35 ක විතර කෙනෙක්. මිනිහගේ තාත්තා ඇවිත් පහුවදා දවල් මටයි මගේ අනික් එකාටයි මිස්ලටයි බැනලා බලෙන් ටිකට් කප්ප්වගෙන ගියා. හේතුව කිව්වේ ඩෙංගු නිසා මොකුත් කරන්නේ නෑ. නිකන් සේලයින් එල්ලනවා පැනඩෝල් පෙත්තක්වත් දෙන්නේ නෑ කියලා. ඒක උන්ගේ නූගත් කම. ඊක දැකලා අනික් පැත්තේ ඇඳේ හිටි මනුස්සයගේ පුතා සහ ඒ ලෙඩා මොකද දන්නවද කලේ හවස් වෙද්දි මට අරගෙන ආවා අඩි එකහමාරක් විතර දිග පත ස්විස්ට්‍රලන්ඩ් චොකලට් එකක්. ඒක දීලා කිව්වා ඩොක්ටර් මම හොඳටම් දැක්කා ඊයේ එලිවෙනකන් ඔයා මමයි අනික් ලෙඩා වෙනුවෙනුයි කාපු කට්ට සහ අද හවස් වෙනකනුත් නින්දක් නෑ නේද. ඔව්වා ගනන් ගන්න එපා කියලා. ඒ වෙද්දි අර ප්ලේට්ලට් අඩු වෙලා දහදාහට අඩු වෙච්ච ලෙඩා රිකවර් වෙන්න බලලත් නැහැ. ලංකාවේ බහුතරයක් එහෙමයි බං ඒ නිසා ඔව්වා මට නම් කොහොමත් ගානක් නැහැ. ඔය එක සිද්දියක් විතරයි බං. ඔය වගේ ගොඩක් වෙලා තියෙනවා.
    අපේ අයියටත් ඩෙංගු හදුනාම් හොස්පිටල් එකේ නැතුන වෙලේ ඩොක්ටර්ස් ල හිටියා දවස් දෙඅකක්, ඊට පස්සෙ ඉන්ටර්න් හිටපු කෙල්ලෙක් හිටියේ, අර කට්ටිය ඔක්කෝම නිවාඩු දාල මෙයාට ඔක්කෝම බාරදීල ගිහිල්ල , එයාටත් නිදාගන්න වෙලාවකුත් නැ කියල කීවෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ බේත් දෙන්නෙ නැතුව හවසට සල්ලි වලට බේත් දෙන කොට

    ඉස්සෙල්ලාම phone ඒකෙන් vedio කරගන්න
    ඊට පස්සේ සිරසට දීලා කීයක් හරි හොයාගන්න ..
    Doca ටත් nelapan හොදටම
    සල්ලි ටිකත් ගනින්
    කාර් එකටත් ගලකින් ගහල වරෙං .....

    මිනිස්සු වුණාම මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඕනි ...

    අන්න හරි ගහන්න ඕනි ප්‍රවර්ට් බෙහෙත් දෙන එවුන්ට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්න හරි ගහන්න ඕනි ප්‍රවර්ට් බෙහෙත් දෙන එවුන්ට

    සිරාවට ඔය වැඩේ නම් 10000000% ක් එක හෙලා අනුමත කරනවා. පොරගේ නම, SLMC reg. No. එක, වැඩකරන හොස්පිටල් එක ඔය හැමදේම දාන්න ඕනේ TV එකේ. :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි බං මෙව්වා ගැන මෙතන කියලා වැඩකුත් නැහැ මොකද ඔලුව අත් ගෑවම ලාවට මූදු වේගන එන උන් රෙද්ද උස්සන් එන්න බලාගෙන ඉන්නේ මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන්. ඒ උනාට කියන්නම්. ස්ට්‍රයික් කිව්වට කරන මහ ලොකු ස්ට්‍රයික් එකක් නැහැ. කරන්නේ වෙනදට කරන routine clinic සහ OPD එකෙන් එක එක අමාරු කියාගෙන එන ඇඩ්මිට් නොකලයුතු ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් දීලා යවන එක නොවෙන එක විතරයි. නමුත් ඒකෙනුත් ගොඩක් ඉස්පිරිතාල වල clinic එන ලෙඩ්ඩුන්ට මාසයක් ආයේ බෙහෙත් නොලැබෙන නිසා (ඊ ගාව සතියේ ක්ලිනික් එන්නේ නැතුව හිටියොත් විතරයි) මිනිස්සු පව්නේ කියලා කාර්ඩ් ටික බෙදා දෙන්නේ නැතුව බෙහෙත් කාමරෙන් ගේන කාර්ඩ් ටික ආව ලෙඩ්ඩුන්ගේ එව්වා ටික නම් කියෝලා ඒ ටික ‍තෝරලා කාර්ඩ් ලකුණු කරලා දෙනවා ඒ බෙහෙත් ටික ගන්න කියලා. පොඩි ළමයි වඩාගෙන ආවොත් උන්ට බෙහෙත් ගන්න හෙමින් ඇතුලට යවනවා බෙහෙත් දීලා ගෙදර යවන්න. තුවාල වලට බෙහෙත් දාන එව්වා, මැහුම් කපන එව්වා උණත් ඇතුලට අරන් කරනවා. OPD බෙහෙත් දෙන එක විතරයි නොකරන්නේ. නමුත් ඩෙංගු කාලයක් නිසා උණ ගැනිලා එන ලෙඩ්ඩු බලනවා OPD එකෙන් ගොඩාක් ඉස්පිරිතාලවල.

    ඔය උඩ ටික විතරයි ස්ට්‍රයික් කියලා කොරන්නේ. නමුත් හැම වාට්‍ටුවක්ම වැඩ. බබාල හම්බුවෙන වාට්‍ටුවක නම් ලේබ රූම් එක වැඩ, ලේබ රූම් අම්මලා මොකක් හරි අවුලක් ගිහින් සීසර් කරන්න උනොත් තියටර් දක්වලා එතන සීසර් එක කරනවා, කොටින්ම කලින් සීසර් කරලා දෙවනි බබා සීසර් කරනවනම් සති 38 න් බබා ගන්න ඕනේ. එතකොට පරක්කු කරන්න බැහැ. එහෙම එව්වා හදිසි ප්‍රතිකාර හෝ සැත්කම් නොවුනට හදිසි සැත්කම් කියලා දාලා කරනවා. එතකොට ICU - Intensive care unit,HDU - High dependancy unit, SCBU/PBU - Special babycare unit/ premature baby unit සහ ඔක්කොම වාට්‍ටු පැය 24 ම වැඩ. ස්ට්‍රයික් කිව්වට පැය 24 ම වැඩ. වෙලාවට බෙහෙත් දෙන එක වෝඩ් රවුන්ඩ් යන එක හැම දේම වැඩ. ඇක්සිඩන්ට් වෙලා අත පය කඩාගෙන එන අයට හදිසි සැත්කම් ඔක්කොම කරනවා, උණ්ඩුක පුච්චේ පුපුරලා ආවත් එව්වත් කරනවා. කොටින්ම ස්ට්‍රයික් නිසා ලෙඩ්ඩු අමාරුයි කියලා ආවොත්වෙනදට බෙහෙත් දීලා ගෙදර යවන අයව කෙලින්ම වෝඩ් වලට ඇඩ්මිට් කරන එක කරන්නේ. එතකොට ස්ට්‍රයික් දවස් වලට වෙන්නේ වෙනදට වඩා වෝඩ් එකේ ලෙඩ්ඩු වැඩිවීම සහ ඒ නිසා වාට්‍ටු වෙනදට වඩා කාර්‍යය බහුල වීම.

    වෙන ඕනේම ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සමිතියක් උන් කිසිම වැඩක් කරන්නේ නෑ. සරළ උදාහරණයක් කියනවනම් 2014 හෙදියන්ගේ වර්ජනයක් තිබ්බා. උන් කෙලින්ම බෙහෙත් කබඩ් ලොක් කරලා යතුරු හංගලා ගිහින් තිබ්බේ. ඒ යතුරු නැති නිසා ඉබ්බෝ කඩලා ලෙඩ්ඩුන්ට වෙනදා නර්ස්ලා කරන වැඩත් එක්ක බෙහෙත් කලේ වෛද්‍යය වරු. බස් සංගම් වර්ජනය නම් බස් දුවනවද බං පාරේ? නමුත් ස්ට්‍රයික් කියලා OPD විතරක් වහගෙන අනික් ඔක්කොම වැඩ කරන එකම කොට්ටාශය තමයි ලංකාවේ වෛද්‍යය වරු.

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් නැත්නම් නිකන් හිටපන් අපිත් ඊයේ අපේ ක්ලිනික් එක කලා. ලෙඩ්ඩු එක්කෙනෙක් ගෙදර යැව්වේ නෑ නිකන් හරවලා. අපේ මහ එකා හැම ලෙඩෙක්වම බැලුවා අපි ලෙඩාගේ තොරතුරු පොතේ සටහන් කරලා ඌට යැව්වම. අනික මම ඔන්කෝල් ඊය උදේ 8 ඉඳන් අද උදේ 8 වෙනකන්. ඊයේ හවස සීසර් සැත්කම් තුනක් කලා තුනෙක් දෙකක් හදිසි එව්වා නෙමෙයි නමුත් සති 38 + බබා ගන්න ඕන එව්වා නිසා හදිසි කරලා දාලා කලා. මම ඊයේ රෑ නිදියද්දි 1 යි. වෙනදට කලින් නිදියනවා රෑට වාත උනොත් ඇහැරන් ඉන්න වෙන නිසා. නමුත් ස්ට්‍රයික් නිසා අමාරු වෙනකන් ඉඳලා රෑ 9 - 10 වෙද්දි බබා ලැබෙන්න අමාරු වෙලා අම්මලා 5- 6 ක් ආවා. ඒ අය එක්ක ඔට්‍ටු වෙලා නිදියද්දි අර වෙලාව. අද උදේ 5. 30 වෙද්දි වාට්‍ටුවේ පොඩි එකා කෝල් කරනවා ගෑණියෙක් ඇවිත් ලේ පෙරාගෙන ඇබෝශන් කරගෙන (septic abortion) අපි කිසිම දවසක එහෙම එන මනුස්සයෙක්ව පොලීසියට කම්ප්ලේන් කරලා නෑ. ඒ වෙලේම තියටර් දුවලා බඩ හේදුවා. අද උදේ ඉඳන් ඒත් තියටර් එකේ. අපේ වෙන කෙනෙක් ඔන් කෝල් නමුත් අපිත් ගිහින් උදව්වට සීසර් කරලා දුන්නා, ඒ අස්සේ ගර්භාශෙන් පිට බබෙක් හිටලා ඒකත් ඉක්මනට අයින් කලා. අද මම ගෙදර එඩ්දි වෙනදට වඩා පරක්කුයි. ඔය උඩ මම කිව්ව එකක් හරි බොරුවක් නම් මට හෙණ වැදිලා මැරෙන්න ඕනේ.හැබැයි මිනිස්සු කීයක් අපිට හෙණ ගහපන් කිව්වත් අපිට හෙණ ගහන්නේ නෑ නමුත් අපි වැඩ කරනවා. ඔව් අපේ රස්සාව නමුත් ස්ට්‍රයික් එකක් කරන කොට ලංකාවේ වෘතීය සංගමයක් ඒ අස්සේ ස්ට්‍රයික් කිය කියා වැඩ කරන එකම ජීවී කොට්ථාසය වෛදය වරු නිසා.. මොකද මීඩියා කාරයෝ ලකුණු දාගන්න බලාගෙන ඔය එකක්වත් මාධ්‍යයට දෙන්නේ නෑ. උන් OPD එකෙන් ඇතුලට එන්නේ නෑ වාට්‍ටු වලට කැමරාව උඩ්ඩන් එක බල්ලෙක් ICU එකට එබිලා බලන්නේ නෑ. මොකද එහෙම උනොත් උන්ට මාකට් කරන්න නිවුස් නෑ.

    අන්තිමට මේක කියන්නම් ලංකාවේ වෛද්‍යවරු හරියට ස්ට්‍රයික් කලොත් අන්න එදාට දවසක් ඇතුලේ ලංකාව පුරා ගොඩ ගැහෙන මිනී ගනන උඹට හිතා ගන්නවත් බැරි වේවි.මේ ගැන මෙතනින් එහාට කිසිම දෙයක් කියලා වැඩක් නෑ. "ඉ‍ටුකොට කළ යුතු යුතුකම් - ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්"

    උස්සන්නද ?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :yes::yes:ප්‍රයිවට් තියෙන්න ඕන අනිවා, :yes::yes:
    ඔවුන්ගේ ලොකුකම් නැතිවෙන්න ,

    හැබැයි ප්‍රමිතියත් තියෙන්න ඕන,

    ඒත් අන්තරේ වයිද්දිය ශිශ්‍යයෝ කියන්නෙ ඇබොලිස් ඇබොලිස් මනේ
    ඔයා හිතනවද රාජිතයි කිරිඇල්ලයි එක්ක ප්‍රමිතිගත කරන්න? :rofl: රාජිතය අද ලැජ්ජ නැතුව කිව්වෙ සයිටම් එකට වඩා රජරටයි යාපනෙයි වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය අඩුයි කියල. :rofl: රාජිත කිරිඇල්ල එස්බී ඉන්නකන් ප්‍රමිතිගත කරන්නෙ නෑ... :rofl:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උන් ඉන්ටර්න් වෙන්න බෑ බන්.අවු 30 ක විතර දෙන්නෙක්.

    3rd shy A/L කරලා පාස් වෙච්ච කෙනෙක් ෆැකල්ටි එක ඇතුලේ බැජ් මිස් නොවී ආවොත් Internship කරද්දි වයස මචං 29 ක් වෙනවා. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ අයියටත් ඩෙංගු හදුනාම් හොස්පිටල් එකේ නැතුන වෙලේ ඩොක්ටර්ස් ල හිටියා දවස් දෙඅකක්, ඊට පස්සෙ ඉන්ටර්න් හිටපු කෙල්ලෙක් හිටියේ, අර කට්ටිය ඔක්කෝම නිවාඩු දාල මෙයාට ඔක්කෝම බාරදීල ගිහිල්ල , එයාටත් නිදාගන්න වෙලාවකුත් නැ කියල කීවෙ

    වීකෙන්ඩ් වලට ගොඩක් කොන්සෝ වාට්‍ටුවේ ඉන්න Intern Medical Officers ලගෙන් කැශුවල්ටි වීක් එන්ඩ් එකක් නෙමෙයි නම් ඒ කිව්වේ ඇඩ්මිශන් එන්නේ නැති වීකෙන්ඩ් එකක්නම් එකෙක්ට මාරුවෙන් මාරුවට ගෙදර යන්න දෙනවා. එතකොට අර ඉන්න එකා තමයි තනියම ඔක්කොම බලන්න ඕනේ වාට්‍ටුවේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා හිතනවද රාජිතයි කිරිඇල්ලයි එක්ක ප්‍රමිතිගත කරන්න? :rofl: රාජිතය අද ලැජ්ජ නැතුව කිව්වෙ සයිටම් එකට වඩා රජරටයි යාපනෙයි වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය අඩුයි කියල. :rofl: රාජිත කිරිඇල්ල එස්බී ඉන්නකන් ප්‍රමිතිගත කරන්නෙ නෑ... :rofl:

    :rofl::rofl:ඒක ඇත්ත තමා, ජනාදිපතිටත් කොන්දක් නෑනෙ:baffled::rofl:, මිනිහම ඕක මෙහෙම කරන්න ඕන කීවට කරන්නෙත් නෑනෙ :rofl::rofl:

    උසස් අද්‍යාපන හා මහාමාර්ග ඇමති කීවාම ඉතිං කොච්චර ගැලපෙනවද :rofl::rofl:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සයිටම් එක ප්‍රමිතියකට ගෙනල්ල රජයෙන් පාලනය කරලා හරි, සල්ලි දීල යන්පින පුලුවන්ලි වෙන විදියෙ ගත් ක්‍රමවේදකට ඇතුල්වීම හැදුවොත් ඒකට කැමතිද ඔයාල :confused:

    දැන් මේ ප්‍රශ්නෙට උත්තර දීල ම එපා වෙලා...:D:D
    ඔය ටික වෙනවා නම්, තව මොනවද? එත් ඒටික වෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ.
    අඩුම ගැනේ, ආණ්ඩුවෙන් කිව්වම ළමයි ගන්න එක නවත්තන්න කියල, එකවත් ඇහුවද? නැහැ නේ. ඉතින් එතනින් එහාට කවර කතා ද?

    මෙන්න මේකත් බලල ම ඉන්න.
    https://www.facebook.com/donnipuna.dilshan/posts/801691473313933

    Last edited: