කතාව කියවනකොට නම් පේන්නේ අනවශ්‍ය විදිහට දෙමව්පියන්ට විරුද්ධව කැරළි ගහන්නට උත්සහ කිරීමක් වගේ දෙයක්. උසස් පෙල විශයන් තෝරා ගැනීම තෙක් හොඳට ඉඳල තියන නිසා ප්‍රශ්ණය ඇත්තටම ඇති වෙලා තියෙන්නේ ඒ කාලයේදී (ඉතුරු ටික අතින් දාලා ලියපුව කියල හිතන්න පුළුවන්.)
තමන්ට ඕන teacher කෙනෙක් වෙන්න නම් විද්‍යා, කලා, වානිජ ඕනෑම ධාරාවකින් උසස් පෙළ කරල teacher කෙනෙක් වෙන්න පුළුවන්.
ළමයගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කෙසේ හෝ අම්ම කියන දෙයට විරුද්ධව යාමයි.
අනික් අයට කරන්න තිබ්බේ මේ කැරැල්ලට උල්පන්දන් දෙන්නේ නැතිව "විද්‍යා විශයන් කරල වෛද්‍යවරියක් නොවී ගුරුවරියක් වෙන්න" කියල උපදෙස් දීමයි.
අනික් කරුණ නම් බොහෝ දෙනෙක් විශයට වඩා වෘත්තිය ඉලක්ක කිරීම වැරදියි. "මට ඕන අහවල් වෘත්තීය..." කියල තීරණය කරන්න අදාළ වෘත්තිය, එය ක්‍රියාත්මක වන හැටි, බඳවා ගන්නා හැටි, වාසි අවාසි ආදිය ගැන දැනුමක් අවශ්‍යයි. එම දැනුම නැති ළමයින්ට අනවශ්‍ය "වෘත්තිය බරක්" පැටවීම වැරදියි.
අම්මටත් කරන්න තිබ්බේ ගුරු වෘත්තියේ වාසි,අවාසි, වරප්‍රසාද, වැටුප් ආදී කරුණු හොයල ළමය දැනුවත් කරල හොඳ තීරණයක් ගන්න උනන්දු කිරීමයි (උදා- "උගන්නන්න ඕන නම් කථිකාචාරිණියක් වෙන්න පුළුවන්" කියන අදහස)