"දොළහක්" අනිවාර්යෙන් නැරබිය යුතු විශිෂ්&#3

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "දොළහක්" අනිවාර්යෙන් නැරබිය යුතු විශිෂ්&#3

    Athula_Pathirana_Dolahak_CD_REV1.jpg


    උපුටාගැනීම: බිබිලි නගින බෙලිකටු බ්ලොග් අඩවියෙන්
    ලයනල් වෙන්ඩ්ට් එකේ “දොළහක්” බලන්න ගියා. කට කපලා සෙනග… “ඇඩ්වර්ටයිසින්” “ඉන්ග්ලිෂ් තියටර්” “ජෝන් ද සිල්වා” නළු නිළියන් සහ පොලිටික්කන් හැම කාණ්ඩෙකම කට්ටිය එක ඕඩියන්ස් එකක. “බකමූණා” වගේම තව ජෝක් පොලිටිකල් වැඩක් වෙන්න ඇති කියල මට හිතුණ. නාට්ටිය පටන් ගත්ත. ජූරි කාමරයක් ඇතුලෙ සෙට් එකක්, කොල්ලෙක් විසින් තාත්තාව පිහියෙන් ඇන මරා දැමීමක් ගැන විනිශ්චයකාරවරයාගේ කතාවක් ඇහෙන්න ගන්නවා. ජූරි කාමරේ හිස් පුටු උඩ ඒ ගැන ඒකමතික තීරණයක් අරන් එන්න ජූරියෙ දොලොස් දෙනා කාමරේට එනවා, අම්මට හුඩු…! ඒ නළුවො දොලොස් දෙනා එකට එකතු කර ගත්තෙ කෙහොමද කියල පුදුම හිතුණ. මේ තරම් මෙගා තියෙද්දි කොහොම රිහර්සල් ආවද? ඒ තරං කැපකිරීමක් වත් කරන්න ඉඩක් ඉතුරු වෙලා තිබ්බ එක ගැන ඒ දොළහට රඟපාපු දොලහට මගේ ප‍්‍රණාමය!

    නාට්ටිය පටන් ගත්තා, මට පරිවර්තන නාට්ටි දිරවන්නෙම නෑ, හිම කබා ඇඳගෙන තොප්පි දාගෙන සිංහලෙන් කතා කර කර ලංකාවෙ වේදිකාවෙ ඒ චරිත කරද්දි මට එන්නෙ අප්පිරියාවක්. ඒ නාට්ටි වල දෙබස් කියන්නෙත් දැදිගම රුද්‍රිගූ ගේ පරිවර්තන පොත්වල භාෂාවෙන්. ඒත් “දොළහක්” එහෙම තිබුණෙ නෑ, පරිවර්තනයෙන් හරිම සියුම් අනුවර්තනයක් දක්වා අතුල පතිරණ නාට්‍ය අරගෙන ගිහින් තිබුණ. ඒ වෙනස හරිම සියුම් වෙනසක්, හාඩ්කෝර් වෙනසක් නෙමෙයි. මුලදි නාට්ටියේ රංගනය එහේ මෙහේ යනවා මං දැක්කා, ඩබ්. ජයසිරි වෙන කොහේදෝ තැනකින් දෙබස් පටන් ගත්තෙ. ඒත් අටවෙනි ජූරි සභිකයා (මෙයා තමයි ප‍්‍රධාන චරිතය) ඊට වෙනස්ම අන්තයකින් රංගනයට ඇතුල් වෙනවත් එක්ක දොළහම බැලන්ස් වෙන්න පටන් ගත්ත.


    ඒක හරිම හොලිවුඩ් ලක්ෂණ තියෙන නාට්‍යයක්. එකම කාමරයක් ඇතුලෙ ගතවුණත් හරිම ප්ලොට් පොයින්ට් වලදි නාට්ටිය වෙනස් වෙන්න ගත්ත. ඒක ඇමරිකන් පරිවර්තනයක්. ඉස්සර යුරෝපීය පරිවර්තන වලටම ගිය අපේ වේදිකාව වෙනස් වෙලා, දැන් ඇමරිකානු කතා හොයාගෙන යන්න පටන් අරගෙන “දොළහක්” “කලම්බු කලම්බු”වගේ නාට්ටි බලන්න එන ඕඩියන්ස් එකේ මං කලින් කියපු වෙනසට ඒකත් හේතුවක්. නාට්‍යයේ පෙළත් එක්ක මට ආස හිතුණා දොළහක් මුල් කෘතිය හොයාගෙන යන්න.


    12-Angry_Men_Sidney_Lumet_CD.jpg


    දොළහක් මුලින්ම එන්නෙ 1954 “ටුවෙල් ඇන්ග්රි මෙන්”(Twelve Angry Men) කියල ටෙලි සීරිස් එකක් විදිහට. මේක ලියන්නෙ රෙජිනෝල්ඩ් රෝස්, නාට්‍යය බලාගෙන යද්දි මට පුදුම හිතුණෙ මේ තරම් වෙනස්කම් ගොඩක් එක්ක රචකයෙක් (රෝස්) වැඩ කරන්නෙ කොහොමද කියන එක. චරිත දොළහක්, ටිකින් ටික වෙනස් වේගෙන යන ජූරි තීරණයක්. ඒ ඇතුලෙ එලියට පුද්ගලික ආත්මීය ස්වභාවයන්, හුඟක් සියුම් දේවල්, කොහොමද මේක ලිව්වෙ?
    මේක රෙජිනෝල්ඩ් රෝස් ගේ පුද්ගලික අත්දැකීමක් උඩයි ලියවෙන්නෙ. එයා දවසක යනවා ජූරි සභිකයෙක් විදිහට, එතනදි වෙන වෙනස්කම් දැක්කම රෝස්ට හිතෙනවා මේක මාරයි කතාවකට කියල. ටුවෙල් ඇන්ග්රි මෙන් ලියවෙන්නෙ ඒ විදිහට. ඒත් රෙජිනෝල්ඩ් පුදුම තරම් සමීපව චරිත දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙක්. උදා විදිහට ටෙලි සීරිස් එකේ අටවෙනි ජූරි සභිකයා මුල් වතාවට මරණයට කැපවුණු කොල්ලා වෙනුවෙන් අඩුම තරමේ පැයක සාකච්ඡාවක් ඉල්ලද්දි, හැම දෙයක්ම මේ තරම් පැහැදිලි නිසාම තමන්ට මේ ගැන සැකයක් තියෙන වග කියද්දි එයාගෙ කටහඬ ඇතුලෙන් වෙව්ලන්න ගන්නවා. (මේ ටෙලි සීරිස් එක මං බලලා නෑ, මං මෙතන කියන්නෙ ඒ ගැන විචාරකයන් පළ කරන අදහස්) ඒක මේ චරිතය නිරූපණය කරපු රොබර්ට් කමින්ග්ස් ගේ සුවිශේෂ දක්ෂතාවයක් විදිහට කතා බහ වෙනවා. අතුලගේ නාට්‍යයේදිත් අටවෙනි ජූරි සභිකයා “විශ්වජිත් ගුණසේකර”මුලින් කතා කරද්දි අපිට මේ වෙව්ලිල්ල ඇහෙනවා. ටෙලියේ අතිශය සියුම් වුණු මේ වගේ වෙනසක් පවා වේදිකාවට අරන් එන්න පුළුවන් වීම අතුලගේ දක්ෂකම.


    ඊට පස්සෙ මේ ටෙලි සීරිස් එක වේදිකාවට එනවා. අතුල පෝස්ටරය පවා ඩිසයින් කරන්නෙ මේ ඔරිජිනල් ස්ටේජ් ප්ලේ එකේ විදිහට. මේක තනිකරම පිරිමි නාට්‍යයක්. පිරිමි දොළහකගේ කතාවක්, සාක්කි දෙන්න ආපු ගෑණු චරිතයක් ගැන ඇරෙන්න කතාවෙ කොතනකවත් ගෑණු පුළුටක් නෑ. ඒත් නීතිය වගේ තාර්කික කාරණයක් හරහා කියාගෙන යන කතාවක පිරිමි විතරක් ඉන්න එක්ක කොච්චර ගැලපෙනවද? ඒත් රෝස් මේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදන කීපයක් කරනවා. එයා එකපාරක් “ටුවෙල් ඇන්ග්රි විමෙන්” කියල ගැහැණු ජූරි සභිකයො දොළොස් දෙනෙක් එක්කත් මේ නාට්‍යය කරනවා, මට හිතෙන්නෙ ඒක වැරදීමක්.


    1957දි මේ කතාව සිඩ්නි ලූමේ අතින් චිත‍්‍රපටියකට එනවා. ඒ චිත‍්‍රපටිය මං බැලූවා. නාට්‍යයේදී අධිරංගයක් විදිහට එන හැඟීමක් ෆිල්ම් එකේ ක්ලෝස් අප් එකේදි සියුම් තාත්විකත්වයෙන් නිර්මාණය වෙන විදිහ විඳින්න මරු අත්දැකීමක්. 1957 වගේ කාලෙක එකම සෙට් එකක් ඇතුලෙ, එකම නමක් වත් පාවිච්චි නොවී (නම් දෙකක සුළු හුවමාරු වීමක් ඇරණම) ලූමේ කරන මේ ෆිල්ම් එක සිරා වැඩක්. අතුලගේ නිෂ්පාදනය මට දැණුනෙ ෆිල්ම් එකට ගොඩක් ළඟයි වගේ. දොළහක් වේදිකා නාට්‍යය බලපු හැමෝටම මං කියන්නෙ ටොරන්ට් එක ඩවුන් ලෝඩ් කරලා සිඩ්නි ලූමේ ගේ ෆිල්ම් එකත් බලන්න. [Link] ඊට පස්සෙ 1997දි මේක ආයිමත් ෆිල්ම් එකකට එනවා. විලියම් ෆ්‍රෙඩ්කින් කරන ඒ වැඩේට 57 දි කරපු එකේ ළඟටවත් එන්න බැරි වෙනවා.


    අතුල වේදිකාවට අරගෙන එන්නෙ මේ වගේ ලොකු ඉතිහාසයක් තියෙන වැඩක්. ඒ හින්දම වඩාත් පිරිමැදුණු කෘතියක් කරන්න ඕන තරම් සම්පත් අතුලට තියෙනවා. මේ ප්‍රොඩක්ෂන් එක වුණත් අඩු වියදමකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අතුල ලංකාවෙ මේ මොහොතෙ කලාත්මක වෙළඳ අගයකින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම “තරු” මෙතනදි පාවිච්චි කරනවා. ඒක හොඳ වැඩක්. ඕඩියන්ස් එකක් ගැන අදහස අතුලට තිබුණ එක අගය කරන්න ඕන. ලංකාවෙ වේදිකාවට කෙළවුණෙම මේ අදහස නැති දාර්ශනික මනස්ගාතම වේදිකාවට ආපු එකෙන්. ඒ වගේම ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ, රාජිතගේ, දැන් අතුලගේ විදිහට ගොඩනැගෙන අලූත් වේදිකාවෙ ආයිමත් චරිත ගොඩක් හැසිරෙන්න ගන්න එකත් විශේෂයක්. වේදිකාව චරිත දෙකෙන් එක චරිතය දක්වා අඩුවෙලා ගිහින් වින්දනය කියන නාමයක් නැති තැනකට වැටිලයි හිටියෙ. දැන් ආයිමත් එකිනෙකට වෙනස් චරිත ගණනාවක විචිත‍්‍රත්වය වේදිකාවට එන්න පටන් අරං. ඒක සාධනීය ලකුණක්.


    1954 ලියවෙන මේ කෘතිය 2012ටත් විඳින්න පුළුවන් එකක් වීම රෝස් ගේ පරිණතකම ගැන සාක්කියක්. නිශ්චිත කාල වකවානු, දේශපාලන හෝ දාර්ශනික රාමුවල හිර නොවී මේක නීතිය (තර්කය) ඇතුලෙන් ජීවිතය ඇතුලට රිංගන්න කරන නිර්මාණාත්මක උත්සාහයක්. ඒක නිසාම කිසිම රටකටවත්, ජාතියකටවත් සීමා නැති ලොකු පාරාසයක් දක්වා පැතිරෙන්න “කේන්තිකාර පිරිමි දොළහට” පුළුවන් වෙනවා. ඒ කොහොම වුණත් අතුලගේ පරිවර්තනය හෑල්ලූ කරන්න බෑ. ඒක පරිවර්තනයකට වඩා අනුවර්තනයකට කිට්ටු වෙනවා. වේදිකාව උඩ පරාරෝපිත දෙයක් දිහා බලාගෙන ජරාජීර්ණ රසයක් විඳිනවා වෙනුවට අපිට ළඟ දෙයක් එක්ක ළඟ සංවාදයකට යන්න අතුල ඉඩ හදනවා. මං මේ නාට්‍ය පුරාම දකින සුවිශේෂීම නැත්නම් අතුලට අනන්‍යම දෙයක් වෙන්නෙ මේ සියුම් කම. ඒක එහේ හෝ මෙහේ කියන අන්ත දෙක අතර වෙනස් තැනක පිහිටන්නෙ. ඒක අලූත් ගණුදෙනුවක්. ලංකාවෙ ගොඩක් නාට්‍ය විහින් පරිවර්තන තැනකට යන්න ට‍්‍රයි කරද්දි, අතුල පරිවර්තනයක් අපේ තැනකට ගේන්න ට‍්‍රයි කරනවා.


    අපේ කට්ටිය මේක ගන්නෙ ලංකාවෙ අධිකරණය ගැන කතාවක් වගේ හුඟක් පටු තැනකින්. ඒත් දොළහක් කියන්නෙ දේශපාලනය ගැන කතාවක් නෙමෙයි, දේශපාලනයේ දේශපාලනය ගැන කතාවක්. මට අනුව 54දි රෙජිනෝල්ඩ් රෝස් “පර්වර්ට්” නැත්නම් විකෘතිය කියන එක මේක ඇතුලෙ එලියට ගේනවා. ධර්මප‍්‍රිය ඩයස්නිරූපණය කරන තමන්ගේ පුතා මරණයට පත්කිරීමට වේදනාත්මක ආශාවකින් පෙළෙන පියා මට අනුව ඒ විකෘතියේ හොඳම ප‍්‍රකාශනය. වයසකම ජූරි සභිකයා සතු පැහැදිලි, සංයමයක් සහිත දැක්ම මේ වෙනස කපලා මතු කරනවා. මේක පුතා අතින් නොදැනුවත්ව හෝ අවිඥාණිකව පියා ඝාතනය වීමට එරෙහිව පියා විසින් දැනුවත්ව සවිඥාණකව පුතා මරා දැමීමට සැලසුම් කරන සමාජයක් ගැන යටි පෙළක්. ඒක ඇතුලෙ “ක‍්‍රිකට්” “කොටස් වෙළඳපොල” “ඇඞ්වර්ටයිසින්” වගේ ගොඩක් දේවල් එහා මෙහා මාරු වෙන්න පුළුවන්. ඒත් මේ හුඟක් පැහැදිලියි වගේ පේන සැලසුම ප‍්‍රශ්න කරන කෙනෙක් ඉන්නවා. ඒ ප‍්‍රශ්න කිරීම බාරගන්නවත් පුළුවන් තරම් තැනක ඉන්නෙ ඒ වෙද්දි සීයාවරුන්ගේ වයසට ආපු ජූරි සභිකයා විතරයි. අනිත් අය තමන්ගේ පුද්ගලික අනාරක්‍ෂිතතා සහ ආශාවන් අතර තීරණ වලට එද්දි ඒ වයස්ගත සාමාජිකයා හුඟක් දේවල් බලාගෙන ඉඳලා තියෙනවා. මට අනුව “දොළහක්” කියන්නෙ නීතිය කියන ස්ථාවරය පිටිපස්සෙ ඇති “පර්වර්ට්” නැත්නම් විකෘතිය ගැන මනුස්ස සංවාදයක්. ඒක දැන් තියෙන දේශපාලනික රාමුවක් ඇතුලෙ නිශ්චිත කරන එකම ආයිමත් අර මැච් එක බලන්න යන්න බලන් ඉන්න ජූරි සභිකයා විසින් කොල්ලා නිවැරදියි කියන එකට එකඟ වීම වගේමයි. ඒක තේරුම් ගැනීම වෙනුවට රාමුවක් තෝරා ගැනීමක්.


    රෝස් නාට්‍යය ඉවර කරන්නෙත් දොළහක් ඉවර වෙන්නෙත් එකම තැනකින්. ඒ තාත්තා පුතා ගැන ඇති තමන්ගේ වෛරය පිළිබඳ ආත්මීය පශ්චත්තාපයකට යන තැනින්. ඒක 54දි සෙට් වුණාට 2012 වෙන්ඩ්ට් එකේදි මට අවුලක් දැනුනා. හුඟක් පරණ තැනක්. පෝය නාට්‍යයක අවසානයක් වගේ. මට අනුව මේ යතාර්ථවාදී අවසානය පහුවෙලා හුඟක් කල්. මේ විපරීතය මෙබඳු වටහාගැනීමේ අවසානයක් කරා යයි කියන බලාපොරොත්තුව 54දි තියෙන්න පුළුවන් වුණාට මේ වෙද්දි ඒක එහෙම නෙමෙයි කියල ඔප්පු කරලා ඉවරයි. මේ අවසානයත් එක්ක නාට්‍යය ගොඩක් බැස්සා.


    ඒ වගේම ඩබ් ජයසිරි ඕඩියන්ස් එකේ විසිල් එකට තමන්ගෙ ටෙම්පො එක උස්පහත් කරන්න ගන්න එක හුඟක් අවලස්සනට පෙණුන. ඒක නාට්‍යයේ රිද්මය අවුල් කරනවා. ගිහාන් ඩි චිකේරා මුඩුක්කුවෙන් ආපු කොල්ලගෙ චරිතයට කොයි විදිහෙකින්වත් සාධාරණයක් කරන්නෙ නෑ. ලක්ෂ්මන් මෙන්ඩිස් කල්පනා කරනවා වගේ වේදිකාව ඉස්සරහට ඇවිත් උඩ බලන් ඉද්දි එයා නිකංම හිටගෙන ඉන්නවා විතරයි කියල නිතර පේනවා. මේ විදිහට සීරියස් විදිහට නිකං බලාගෙන ඉන්න එක අපේ නළුනිළියන්ට තියෙන සම්භාව්‍ය රෝගයක්. මේ වගේ බලා ඉඳීමකදි පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්න ඕන එයාගෙ ඇතුලෙ සිද්ද වෙන මානසික පෙරළිය. වේදිකාව ඉස්සරහ ලයිට් එකක් යටට එයාව පේන්නෙ සාත්වික අභිනයන්ට පවා වැඩි ඉඩක් හදන්න. ඒත් ලක්ෂ්මන් මේකෙන් ප‍්‍රයෝජනයක් ගන්නෙ නෑ.


    ඒ කොහොම වුණත් දොළහක් බලලා එලියට එද්දි මට දැණුනෙ පරිපූර්ණ හැඟීමක්. නිකම් විනෝදාස්වාදී නාට්‍යයක් බලලා එද්දි දැනෙන හිස්කම වෙනුවට ඔළුවට වින්දනයක් (බ්රේන් එකක්) ඒ පැය දෙක පුරා අතුල අරගෙන ආවා. ඒ රසය ලංකාව ඇතුලෙ ගොඩ කාලයකට නොදැණුන රසයක්. මං දොළහට කැමති ලොකුම හේතුව ඒකයි. ඒක මොළේ කිතිකැවිලා එන ත‍්‍රිල් එකක්.


    ඒ පරිපූර්ණ අත්දැකීමට අතුලට පහක් දාන්න ඕනි!!!

     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    tfs..:)
    බකමූණා වීදි බසියි නම් මම බැලුවා.. පට්ට ඒක නම්. ආයිත් වේදිකා නාට්‍යයක් බලන්න ආසයි අෆ්ෆා....
     
    • Like
    Reactions: mldarshana

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තැන්ක්ස් අපි ඉතින් කොහොම බලන්න යන්නද
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Seems to be an interesting drama .......... Thanks for sharing!!!!!!!!

    11.gif



    :cool:

    tfs..:)
    බකමූණා වීදි බසියි නම් මම බැලුවා.. පට්ට ඒක නම්. ආයිත් වේදිකා නාට්‍යයක් බලන්න ආසයි අෆ්ෆා....

    බකමූණා වීදි බසියි එකත් බලන්න ඕන :yes:

    තැන්ක්ස් අපි ඉතින් කොහොම බලන්න යන්නද

    තෙල් ළිඳ තමයි :D ... අපි නම් හෙට යනව බලන්න :nerd:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එලකිරි එකේ මෙවන් විවිදාංග එක් කිරීමට සිතීම ගැන ඔබට ස්තුතියි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එලකිරි එකේ මෙවන් විවිදාංග එක් කිරීමට සිතීම ගැන ඔබට ස්තුතියි

    12.gif


    Thanks for sharing rep 3+
    ලයනල් වෙන්ඩ්ට් එකේ 10 වෙනිදා 6.30 තියෙනවා නේද??

    සතියෙ දවස්වල හැමදාම 6:45 තියෙව ලයනල් වෙන්ඩ්ට් එකේ :yes:


    :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Thanks for sharing rep 3+
    ලයනල් වෙන්ඩ්ට් එකේ 10 වෙනිදා 6.30 තියෙනවා නේද??

    සතියෙ දවස්වල හැමදාම 6:45 තියෙව ලයනල් වෙන්ඩ්ට් එකේ :yes:

    සොරි බන් 10 වෙනිදලු තියෙන්නෙ ... 6:45 pm :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තැන්ක්ස් අපි ඉතින් කොහොම බලන්න යන්නද