"දෝණිගෙ පාඩම"

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    dhoani.jpg


    චුටි දෝණි කෙනෙක් එයාගෙ අප්පච්චිත් එක්ක ලස්සන වනන්තරයක් මැදින් කුරුළු ගීත අසමින් ලොකු ගමනක් ගියා. වනන්තරේ මැද්දෙන් ගලාගෙන යන ගඟ උඩින් තිබුනෙ ලී පාලමක්. අප්පච්චිට පොඩ්ඩක් බය හිතුනා. දෝණිගෙ අත අත හැරිල ගඟට වැ‍ටුනොත්!!. ඉතින් අප්පච්චි දූට මෙහෙම කිව්වා,
    "මගෙ රත්තරන් පැටියෝ, ඔයා මගෙ අත හයියෙන් අල්ල ගන්න, එතකොට ඔයා ගඟට වැටෙන එකක් නැහැ"
    දූ අප්පච්චිගෙ මූණ දිහා හොඳට බැලුව.
    "නෑ අප්පච්චි, ඔයා මගෙ අත හයියෙන් අල්ල ගන්න".
    අප්පච්චිට හිනා ගියා.
    "මොකද්ද පැටියෝ ඒ කතාව? මොකද්ද ඒකෙ තියෙන වෙනස?
    "ඇත්තටම ඔයා දන්නෙ නැද්ද?. ඒකෙ ඉතින් ලොකූම ලොකු වෙනසක් තියනවනේ"
    දූගෙ ආඩම්බර කතාවට අප්පච්චිට පුදුම හිතුනා.
    "මම ඔයාගෙ අත අල්ලගෙන මට මොනව හරි වුනොත් ඔයාගෙ අත මගේ අතින් අතෑරෙන්න ගොඩා...ක් ඉඩ වැඩියි. ඒත් ඔයා මගේ අතින් අල්ල ගත්තොත් ඔයාට මොනව වුනත් මගේ අත අතාරින්නෙ නෑ නේද අප්පච්චි?
    ඇත්ත තමයි. අප්පච්චිගෙ ඇස් වලට කඳුළු පිරුනා. ලෝකෙ පෙරලුනත් කවදද අප්පච්චිල දූලව අමතක කලේ?

    source :- http://menik-p.blogspot.com/

    ඒ කතාවේ ලොකු දෙයක් ගන්න තියනවා කියලා මට හිතෙනවා. අපිට අපේ අම්මල අප්පච්චිලා අත ඇරෙන්න ඉඩ තියෙනවා. ඒත් කවදාවත් එයාල අපිව අත අරින්නේ නෑ.

    හිතෙන දේ කියලා යන්න එන්න

     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Made feel Good thing! REP+++

    thanks for sharing +

    තැන්ක්ස් ඔයාල දෙන්නටම.

    ඔව් මටත් ඒක කියවපුවම මාරෙට වැදුනා. ඒකයි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ.

    ඔන්න දෙන්නටම මගෙන් 4 ගානේ


    :D:D:D
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඒත් ඔයා මගේ අතින් අල්ල ගත්තොත් ඔයාට මොනව වුනත් මගේ අත අතාරින්නෙ නෑ නේද අප්පච්චි?
    no! till the last breath of my life....

    rep+^6
    ඔව් අනිවාර්යෙන්.

    අදුනගන්න ලැබීම සතුටක්. මමත් ඔය ආදරය අත්විඳින කෙනෙක්. හැමදාම ඈ ලගින් ඉන්න ප්‍රර්ථනා කරනවා.

    මගෙන් රේප් 4 ක්