ධනවත් හිගන්නා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දුම්රියේදී ඇල්ලු යාචකයාගේ බැංකු ගිණුමේ ලක්ෂ විස්සක් ..... වෑන් රියයි : ත්‍රී ‘රෝද දෙකයි : පැය දෙකට 4000ක් එකතු කරලා…

    156238_548301398536305_1620886987_n.jpg




    දුම්රිය මැදිරිවල හිගමන් යදිමින් සිටි පුද්ගලයන් දහඅට දෙනකු දුම්රිය ආරක්ෂක හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී (14දා) අත්අඩoගුවට ගනු ලැබූ අතර මේ අතරේ ධනවත් යාචකයෙක් ද සිටියේය.

    මෙම ධනවත් හිගන්නාගෙන් ප්‍රශ්න කිරීමේදී දී ඔහුගේ බැංකු ගිණුමේ ලක්ෂ 20ක පමණ මුදලක් තිබෙන බවත් ඊට අමතරව ඔහු වැන් රථයක සහ ත්‍රිරෝද රථ දෙකක අයිතිකරු බවත් හෙළිවිය..

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සුපිරි හිගන්නා සන්තකයේ රුපියල් හාරදාහසක මුදලක් තිබී සොයා ගෙන ඇති අතර ඔහු මෙම මුදල එක් රැස් කර ගෙන ඇත්තේ පැයක් පැය දෙකක කාලයක් ඇතුලත යැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචිමාර්ග සදහන් කරයි..

    මෙම සුපිරි යාචකයා සතු ත්‍රිරෝද රථ දෙක කුලී පදනම මත පුද්ගලයන් දෙදෙනකුට ලබා දී එයින්ද ආදායමක් ලබන බව හෙළිවී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි…

    අබාධිත තත්වයේ පසුවන මෙම සුපිරි යාචකය ඔහුට අයත් වැන් රථයෙන් නිවසේ සිට රාගම දුම්රිය ස්ථානයට පැමිණ දුම්රියපොළට ගොඩවන බවත් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කියා සිටියේය …

    වැලහැරි ඇදගෙන දුම්රියේ හිගමන් යෙදෙන මොහු නිවසට ගිය පසුව හොද ඇදුම් ඇදගෙන සුබෝපභෝගී ජිවිතයක් ගත කරන්නකු යැයි ද කියති…​
     
    • Like
    Reactions: Neel_bandara