https://m.facebook.com/story.php?st...W7evm4iHE2wF64jbPAx5w47S8l&id=100000066105236
රටින් පිටවීමට උත්සහ කිරීමේදී Dhaniz Ali නම් අරගලකරු අත්අඩංගුවට ගැනීමේදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරාද නැද්ද කියන එක ගැන විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා.
තමන්ට වාසි වෙලාවට විතරක් නොව හැම වෙලාවකම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්, ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින මනුස්සයෙක් විදියට ඔහු කවුරු වුණත් පුරවැසියෙක් විදියට අත්තනෝමතිකව අත් අඩංගුවට ලක් නොවී සිටීමට පුරවැසියෙක්ට හිමි අයිතිය ඔහුටත් නිසැකවම හිමි වෙනවා.
හැබැයි නීතිකෘත්‍ය ගැන නෙවෙයි මේ කතාව. මේ කතාව කුඩා කුඩා මිනිස්සු නොදැනීම විශාල දේවල් වලට පාවිච්චි වෙන හැටි ගැන.
ඔය Dhaniz Ali රූපවාහිනියට කඩා පැනපු විදිය සහ එතන හැසිරුණු විදිය තාමත් විප්ලවකාරී සිඟිති සිහින දකිමින් මනෝරාජික ලෝකවල ජීවත්වෙන කිහිප දෙනෙක් ඇරුනම මේ රටේ සිහි බුද්ධියක් තියෙන කිසිම මිනිහෙක් අනුමත කළේ නැහැනේ. වඩාත් නිවැරදිව කියනවනම් අනුමත කිරීම තියා ළඟ හිටියනම් හොම්බට අනින්න හිතෙන තරම් අප්පිරිය වුණානේ.
ඔය සිද්ධිය වෙලාවේ මුළු බුකියම එකතු වෙලා පැයක් විතර ඇතුළත ඔහු අරගලය අල කිරීමේ අරමුණෙන් අරලගලය ඇතුළට දාපු නාමල්ගේ ගෝලයෙක් කියන ලේබලය ගහලා ඔහුව අරගලයේ වීරත්ව භූමිකාවෙන් පිටමං කරා.
ඔය සිද්ධිය වෙලාවේ මම ඔහු කවුද කියල ටිකක් හොයල බැලුවාම ඔහු පාපන්දු රසිකයෙක් සහ ඔය සංසරණය වුණු නාමල් එක්ක ඉන්න Photo එක පාපන්දු තරඟයක් අවසානයේ ගත්ත Photo එකක් කියන එකත් දැනගත්තා. මට ආපු Screen Shot එකේ ඔහු ඒ ඡායාරූපය පළ කරලා තිබුණෙත් "දේශපාලනය වෙනයි, ක්‍රීඩාව වෙනයි" වගේ Caption එකක් එක්ක.
හැබැයි මේ ජාතික රූපවාහිනිය සම්බන්ධ සිද්ධිය වුණ වෙලාවේ Dhaniz Ali කියන්නේ අරගලයට Liability එකක්. අවාසියක්. ඒ නිසා මාස ගාණක් අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි හිටපු ඔහුව එක මොහොතෙන් අරගලය අල කිරීමේ කොන්ත්රාත්කාරයෙක් වුණා. ඒ වෙලාවේ අරගලය පැත්තෙන් කිසිම සාධාරණ උත්සහයක් ගත්තේ නැහැ මූ නාමල්ගේ ගෝලයෙක් නෙවෙයි බං අපි එක්ක මාස 3ක් කට්ට කාපු කොල්ලෙක් කියන්න. නාමල්ගේ ගෝලයා කියන මඩේ තනිව ඔහුව ගිලෙන්න දුන්නා.
මම මේ දැනගත්ත තොරතුරු ටික ඒ වෙලාවෙ ලියන්න හිතුවා. ඒ වෙලාවේ මේක ලිව්වනම් අළුතෙන්ම නිර්මාණය වුණු වහල් කාණ්ඩය වෙච්ච වෙනස් මත නොඉවසන "අරගල වහල්ලු" ටික එකතුවෙලා මාවත් නාමල්ගේ කුක්කෙක් හරි අරගලයේ හතුරෙක් හරි කරන නිසා සහ Dhaniz Ali ගේ පිළිකුල් සහගත හැසිරීම නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඔහු වෙනුවෙන් පෙනී ඉන්න අවංක උවමනාවක් මට ඇත්තටම ආවෙත් නැහැ.
හැබැයි කාලය ගත වෙලා ඊයේ ඔහුව අත් අඩංගුවට පත් වෙනවා. ඔන්න එතන්කොට ආයෙත් අංශක 180ක් කැරකිලා නාමල්ගේ ගෝලයා අරගලකරුවෙක් වෙනවා. ඇයි ඒ.? එදා ජාතික රූපවාහිනී සිද්ධිය වෙලාවේ ඔහු Liability එකක්. හෙණ ගහනකොට එළියට දාන යකඩයක්. හැබැයි ඔහු අත්අඩංගුවට පත් වුණ ගමන් ඔහු Liability එකක ඉඳන් Asset එකක් කියන තැනට ක්ෂණිකව මාරු වෙනවා.
එතකොට ඔහු ආණ්ඩුවේ මර්දනයේ ගොදුරක් වෙච්ච අහිංසක අරගලකරුවෙක්.
මරු නෙහ් ?
මිත්‍රවරුනි,
මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඉතිහාසයේත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙනවා.
සහෝදරයෙක්, මිත්‍රයෙක් විදියට කියන්නෙ එක එකාට කොස් ඇට බාවගන්න ගින්දරට ඇතුල් කරන අජීවී යකඩ අඬු බවට ඔබ පත් වෙන්න එපා.
ඔබේ අරමුණු පට්ට අවංක වෙන්න පුළුවන්. හැබැයි ඔබ මොළෙන් නැතුව ඇඟෙන් හිතන්න ගියොත් අවසානයේ හානිය වෙන්නෙ ඔබට සහ ඔබේ ආදරණීයයන්ට විතරයි.
පරිස්සමින්..!!!

- Pramith Ganearachchi