ධම්මික පෙරෙරා

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    image_1505367426-cdfe1094cf.jpg

    ධම්මික පෙරෙරා ව්යාපාරික පවුලකින් පැවත එන්නේ නැත. ඔහු ජීවිතය පටන් ගන්නා විට ඔහුට කිසිදු සමාජ සම්බන්ධතාවක් තිබුණේ ද නැත. අවුරුදු 19 දී කොළඹ පදිංචියට එන විට ඔහුගේ සාක්කුවේ තිබුණේ රුපියල් 500 ක් පමණි. එයින් අවුරුදු 15 කට පසු, එනම් වයස අවුරුදු 39 වන විට ඔහුගේ ආයෝජනයන් අතර විදුලි බලාගාර, බැංකු, කැසිනෝ ශාලා, හෝටල්, නැව් යනාදිය විය. එදා ඔහුගේ සාක්කුවේ තිබූ රුපියල් 500 රුපියල් බිලියන රැසක් බවට පත්ව තිබිණි. කොළඹ තිබෙන කැසිනෝ ශාලා අතුරින් සාර්ථකම ක්ලබ් තුන ඔහුට අයත් ය. ඔහු සතු නැව්වලට ඕනෑ තරම් බිස්නස් ඇත. NDB බැංකුවේ කොටස්වලින් 9% ක් මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස් හිමියා බවට පත්විය. පෑන් ඒෂියා බැංකුවේ කොටස්වලින් 10% ක් මිලට ගත් ඔහු පසු කාලයේදී එහි ලොකුම කොටස් හිමියා බවට පත්විය. රෝයල් සෙරමික් සමාගමේ කොටස්වලින් 29 ක් මිලට ගත් ඔහු එල්. බී. ෆිනෑන්ස් සමාගමේ කොටස්වලින් 20% ක් ලබාගෙන පසුව එහි අයිතිකරු බවට පත්විය. ඔහු ව්යාපාරිකයකු වශයෙන් කොතරම් ස්ථාවර වීද යත් මෙයට වසර 15 කට පෙර ඔහු සෙලාන් බැංකුවෙන් රුපියල් මිලියන 60 ක ණයක් ඉල්ලූ විට ලලිත් කොතලාවල මැදිහත් වී ඔහුට රුපියල් මිලියන 240 ක් ලබා දුන්නේය. සම්පත් බැංකුවෙන් ඔහු රුපියල් මිලියන 50 ක් ණයට ඉල්ලූ විට බැංකුව ඔහුට රුපියල් මිලියන 150 ක් දුන්නේය.

    ධම්මික පෙරේරා අවුරුදු 19 දී එනම් 1987 දී කොළඹ එන්නේ මොරටුව විශ්වවිද්යාලයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවක් සඳහා ඉගෙන ගැනීමටය. දිනක් ඔහුගේ සපත්තුවක් කැඩින. ඔහු ගමේ ගිය විට පුතාගේ කැඩුණු සපත්තුව දුටු මව අලුත් සපත්තු කුට්ටමක් මිලට ගැනීම සඳහා රුපියල් 500 ක් දුන්නාය. එහෙත් ඔහුට සපත්තු ගැනීමට බැරි විය. ඒ 88 භීෂණය හටගත් බැවිනි. ධම්මික මේ වන විට නැවතී සිටියේ පෑලියගොඩය. භීෂණය නිසා විශ්වවිද්යාල වසා දැමූ බැවින් පෑලියගොඩ බෝඩිමට වී කල්පනා කරමින් සිටි ධම්මිකට ඉස්සරහ පාරේ වෙළෙඳාම් කරන පේමන්ට් වෙළෙන්දකු හමුවිය. ධම්මිකගෙන් ණයට රුපියල් 500 ක් ඉල්ලූ ඔහු එය බිස්නස් එකට යොදා හැම හවසකම ඉන් ලැබෙන ලාභයෙන් අඩක් දෙන්නෙමැයි පොරොන්දු විය.

    පසුගිය සතියේදී ඔහු සිංගර් සමාගම මිලට ගන්නේ ඒ රුපියල් පන්සියයේ තවත් ප්රතිඵලයක් ලෙසය.
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    eth wadak na.dula 3 denekne inne.kollek hitiyanam tama watinne.
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    සපත්තු ගන්න නෙවේ බන්...මම මගදී හම්බෙලා ගෙදරට එළවලු ටිකක් ගෙනියපන් කියලා රු.500ක් දුන්නේ!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කැසිනෝ කරනවා නම් ආයේ ඕනේ ගොනෙක්ට පෝසතෙක් වෙන්න පුළුවන් බන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිනිස්සු ධනවත් වෙන්නේ උන්ගේ දක්ෂතාවය නිසාම නෙවෙයි.හුගක් වෙලාවට පක්ෂියා වැඩ කරොත් ඕන ගොනෙක්ට බිලියන ගනන් හොයන්න පුලුවන්.සල්ලි කාරයෝ බුද්ධිමතුන් උගතුන් හෝ කුලවත් නෙවෙයි.අද මහ මග යන රොඩියා හෙට නරලොව රජ වෙනවා කියන්නෙ
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සමහර ඒවානම් පට්ටම වැරදියි. එයාගේ තාත්තට සීයට ගොඩක් සල්ලි තිබිල තියනව. Chartered Accountants Conference 2016 එක අහල බලපන් උගේ කතාව. සපත්තු කැඩුන කතාවත් බොරු. මේක බලපන් data තියනවනම් :yes:
     
    • Like
    Reactions: somalal

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,923
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ධම්මික පෙරේරා අවුරුදු 19 දී එනම් 1987 දී කොළඹ එන්නේ මොරටුව විශ්වවිද්යාලයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාවක් සඳහා ඉගෙන ගැනීමටය. දිනක් ඔහුගේ සපත්තුවක් කැඩින. ඔහු ගමේ ගිය විට පුතාගේ කැඩුණු සපත්තුව දුටු මව අලුත් සපත්තු කුට්ටමක් මිලට ගැනීම සඳහා රුපියල් 500 ක් දුන්නාය. එහෙත් ඔහුට සපත්තු ගැනීමට බැරි විය. ඒ 88 භීෂණය හටගත් බැවිනි.

    බොරු කියනවනම් අහු නොවෙන්න කියන්න ඕනෙ. 1987දි රුපියල් 500ක සපත්තු ගත්ත ලොකු සල්ලිකාරයෙක්නෙ මූ