ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං
ඡත්තං මහන්තං යථා වස්ස කාලේ
ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
ධර්මය ඒකාන්තයෙන් ම ධර්මයෙහි හැසිරෙන්නා ව රකියි.
මහත් වර්ෂාවක් ඇති කල්හී ලොකු කුඩය එය දරා සිටින්නා ව රකින්නේ යම් සේ ද, එසේ ම ය.
මැනැවින් පුරුදු කළ ධර්මයෙහි අනුසස් මෙය යි.
ධර්මයෙහි හැසිරෙන කෙනා සතර අපාය ආදී දුගතියෙහි නොයයි.
https://tipitaka.lk/kn-nett-3-1-6
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං
ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති
ඒසානිසංසෝ ධම්මේ සුචිණ්ණේ
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
ධර්මය ඒකාන්තයෙන් ම ධර්මයෙහි හැසිරෙන්නා ව රකියි.
මනාකොට පුහුණු කළ ධර්මය සැපය ගෙන දේ.
මැනැවින් පුරුදු කළ ධර්මයෙහි අනුසස් මෙය යි.
ධර්මයෙහි හැසිරෙන කෙනා සතර අපාය ආදී දුගතියෙහි නොයයි.
https://tipitaka.lk/kn-thag-4-10
Last edited: