ධර්ම කරුණක් ගැන

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බලාපොරොත්තු වුනාට වඩා මේ ගැන අවබෝධයක්, උනන්දුවක් තියෙන අය ගොඩක් මෙතන ඉඳලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. එළකිරි එකේ ඉන්න සමාජය මොන වගේද කියන එක ගැන අවබෝධයක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්.

    මම කට්ටිය දාල තිබුණු විස්තර කිරීම් කියවලා බැලුවා. අනාත්ම ස්වභාවය කියන එක මම කලින් තේරුම් අරන් හිටියේ "නොවෙනස්ව පවතින ආත්මයක් නැත. නමුත් වෙනස් වෙමින් ගලා යන භවය නම් වූ දෙයක් පවතී " කියන ආකාරයෙන්. එතකොට ඒක අදාළ වෙන්නේ අපි මැරුණට පස්සේ නැවත ඉපදෙන්නේ අපේ ආත්මය නෙමෙයි. අපේ භවය.

    නමුත් දැන් මම තේරුම් ගත්තු විදියට අනාත්ම කියන්නේ අපේ සියලු ධර්මයන් වෙනස්වීම. එදිනෙදා වෙනස් වීම. ඒකට මැරිලා ඉපදෙන්න ඕනේ නෑ කියන එක.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලොකු දැනුමක් ලැබුනා...ත්‍රෙඩ් එක දාපු කෙනාටයි මේ ගැන පැහදිලි කරපු හැමදෙනාටම ගොඩාක් පිං...:)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම බලාපොරොත්තු වුනාට වඩා මේ ගැන අවබෝධයක්, උනන්දුවක් තියෙන අය ගොඩක් මෙතන ඉඳලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. එළකිරි එකේ ඉන්න සමාජය මොන වගේද කියන එක ගැන අවබෝධයක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්.

    මම කට්ටිය දාල තිබුණු විස්තර කිරීම් කියවලා බැලුවා. අනාත්ම ස්වභාවය කියන එක මම කලින් තේරුම් අරන් හිටියේ "නොවෙනස්ව පවතින ආත්මයක් නැත. නමුත් වෙනස් වෙමින් ගලා යන භවය නම් වූ දෙයක් පවතී " කියන ආකාරයෙන්. එතකොට ඒක අදාළ වෙන්නේ අපි මැරුණට පස්සේ නැවත ඉපදෙන්නේ අපේ ආත්මය නෙමෙයි. අපේ භවය.

    නමුත් දැන් මම තේරුම් ගත්තු විදියට අනාත්ම කියන්නේ අපේ සියලු ධර්මයන් වෙනස්වීම. එදිනෙදා වෙනස් වීම. ඒකට මැරිලා ඉපදෙන්න ඕනේ නෑ කියන එක.

    :cool:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචන් ඕක ගැන විස්තර කරන්න තරම් මට ලොකු දැනුමක් නෑ. ඒත් මම එදා උඹට අර දීපු ලින්ක් එකේ PDF වල ඕකට උත්තරයක් ඇති කියල මම හිතනවා :)
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ලෝකයා මොනව කිව්වත් අහල බලන්න මේ ස්වාමීන්වහන්සේගෙ ධර්ම දේශනා 10ක් 15ක්. හැමෝටම තේරෙයි අපි අල්ලගෙන ඉන්නෙ මොනවද, කරන්න ඕන මොනවද,
     
    • Like
    Reactions: bohokal

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    ත්‍රිලක්ෂණය

    වහරක අභයරතනාලංකාර හිමියන්ගේ ත්‍රිලක්ෂණය පිළිබඳව කෙරෙන දේශනා බොහෝම ආන්දෝලනයක් ඇතිකරන්නට හේතු වුණා. ඒ ඔක්කෝටම මුල් වුණේ උන්වහන්සේ විසින් කාලයක් තිස්සේ පැවතගෙන ආපු වචන 3ක සිංහල අර්ථය දී ඇති ආකාරය මෙසේ වුවහොත් වඩාත් සුදුසුයි කියලා විස්තර විග්‍රහ කර දෙන නිසයි. සැබෑ ආන්දෝලනය කල යුත්තේ මනස තුලයි... කෙලෙස් සතුරන් මැඩගෙන සසර දුක් ගිනි නිවාගැනීමටයි සැබෑම බුද්ධිමතෙක් ආන්දෝලනයක් කල යුතු වන්නේ. ඉතින් මේ ආන්දෝලනය සාර්ථකව කරගැනීම පිණිස මට නම් මේ වහරක අභයරතනාලංකාර හිමියන්ගේ අර්ථ මතුකරදීමේ ක්‍රම රටාව මහා උපකාරයක් වුණා.
    කෙසේවෙතත් බොහෝමයක් පිරිසට මේ ගැටලුව ආවේ වචන වල තිබෙන අකුරු කීපයක් නිසායි. ඉතින් අකුරු කීපයක එල්ලීගෙන ඒ වචන වලින් කියන්නට උත්සාහ කරන අදහස ගත යුතු ආකාරය අතපසුකරගන්නවා නම් පාඩුව අලාභය තමන්ටමයි. ඉතින් මේ වෙබ් අඩවිය බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයිනේ. ඒ අය අනවශ්‍ය විදියට මනස දූෂ්‍යකරගන්නේවත් රාග ද්වේශ මෝහ වැඩෙන වැඩපිලිවෙලක් වෙත උනන්දු වෙන්නේවත් නැති පිරිසක් නිසාම ඒ අයට මේ අදහස යම්තරමකට හෝ උකහාගන්නට අපහසුවක් නොවේවි කියලා මම හිතනවා.
    මේ කරුණු විග්‍රහයන් ගැන මා සිතන ආකාරයත් මේවා ත්‍රිපිඨකයේ සටහන් ධර්මයට කොතරම් ගැලපෙනවාද ආදී බොහෝ කරුණු ආදිය ලිපි පෙල තුලින් විස්තර විග්‍රහ කරදෙන්නට කටයුතු කරන්නම්. ඒ නිසා තම තමන්ගේ බුද්ධිමට්ටම් අනුව දූෂ්‍ය වූ මනසින් පූර්ව නිගමනයන්ට පත්නොවී යහපත උදාකරගැනීමේ අරමුණින් පමණක් අදහස උකහා ගන්නට උපරිම උත්සාහක් ඔබට හැකි පමණින් දරන්නැයි ඉල්ලා සිටින්නට කැමැතියි. ඔබට පෞද්ගලිකව සිතෙනවා නම් මේ දේශනා තුලින් ඔබට ගත යුත්තක් නැතය, මේවා ධර්මානුකූල නැතය, ආදී ලෙසින් ඔබට මේවා අසන්නට කිසිම බල කිරීමක් නැත. ඉදිරියේදී සටහන් තබන්නට යෙදෙන ලිපි පෙල තුලින් මේ දේශනා අසන්න අකමැති ඔබටත් ගත හැකි වටහාගත හැකි බොහෝ දෑ ගැබ්වී තිබේවි කියලා මා විශ්වාස කරනවා. එතෙක් ඔබ සෑම සියලු දෙනාටම වචනයෙන් ඔබ්බට ගිය වැකි තුලින් ඔබ්බට ගිය පොතේ පතේ අකුරු වලින් ඔබ්බට ගිය ප්‍රඥාවන්තව විමර්ශනය කොට නිරීක්ෂණය කොට හේතු ඵල දහමට ගැලපෙන ඒ ආර්ය සත්‍ය කැටි කොටගත් ධර්මය රැගත් මේ දේශනා සමූහය ඔබගේ ජීවිතයටත් පෙර නොඇසූ විරූ දහම මතුකරගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.



    1. ත්‍රිලක්ෂණය සෝවාන් මග
    2. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයට ත්‍රිලක්ෂණය අයත් නොවන්නේ මන්ද?
    3. ත්‍රිලක්ෂණය විග්‍රහ කිරීම 01
    4. ත්‍රිලක්ෂණය විග්‍රහ කිරීම 02
    5. ත්‍රිලක්ෂණය
    6. ත්‍රිලක්ෂණය එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද?
    7. ධම්මචක්ක සුත්‍රයේ ත්‍රිලක්ෂණය දක්වන ආකාරය
    8. ත්‍රිලක්ෂණය පිළිබඳව
    9. සම්පත්වල ඇලී ගැලීමෙන් වැලකී ත්‍රිලක්ෂණය වැඩීමට නම්
    10. පෙටකෝපදේශයේහි අනිච්ච විග්‍රහ වී ඇති අන්දම




    http://www.nirvanadhamma.com/lk/dam...eshana/sathdarma-deshana/sathdarma-deshana-2/
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --



    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark