මම බලාපොරොත්තු වුනාට වඩා මේ ගැන අවබෝධයක්, උනන්දුවක් තියෙන අය ගොඩක් මෙතන ඉඳලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. එළකිරි එකේ ඉන්න සමාජය මොන වගේද කියන එක ගැන අවබෝධයක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්.
මම කට්ටිය දාල තිබුණු විස්තර කිරීම් කියවලා බැලුවා. අනාත්ම ස්වභාවය කියන එක මම කලින් තේරුම් අරන් හිටියේ "නොවෙනස්ව පවතින ආත්මයක් නැත. නමුත් වෙනස් වෙමින් ගලා යන භවය නම් වූ දෙයක් පවතී " කියන ආකාරයෙන්. එතකොට ඒක අදාළ වෙන්නේ අපි මැරුණට පස්සේ නැවත ඉපදෙන්නේ අපේ ආත්මය නෙමෙයි. අපේ භවය.
නමුත් දැන් මම තේරුම් ගත්තු විදියට අනාත්ම කියන්නේ අපේ සියලු ධර්මයන් වෙනස්වීම. එදිනෙදා වෙනස් වීම. ඒකට මැරිලා ඉපදෙන්න ඕනේ නෑ කියන එක.