ධර්ම ගැටලුවක් ...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වේලාම සූත්‍රය----
    ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. (එනම්) ‘ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්‍රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. හෙතෙම ඒ මහා දානය දුන්නේය’ යි. ගෘහපතිය, මේ කාරණය මෙසේ නොදත යුතුය. මම ඒ කාලයෙහි වේලාම බ්‍රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දුන්නෙමි. ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම් දක්‍ෂිණාර්‍හයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව විශොධනය, (පිරිසිදු බව) නොකරයි.

    “ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් බුද්‍ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමකේ පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික්‍ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා මහත් ඵලතරය.

    “ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක් සෝවාන් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සියගනන් සෝවාන් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සිය ගණන් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සිය ගණන් රහත් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් බුදු පාමොක් බික් සඟන වළඳවන්නේද, යමෙක් සිවු දිගින් වඩින මහා සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරවන්නේද, යමෙක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන යන මේ සික පද සමාදන් වන්නේද, යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක.”

    බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?​

    දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.

    “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
    යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”

    “මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.

    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.

    - ධර්ම විනිශ්චය
    පරම පූජනීය රේරුකාණේ චන්දවිමල මහා නාහිමි
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    තිරිසන් සතෙක් වෙලා ඉපදුනේ සීලයක් රැක්කෙ නැති නිසා. එතකොට එහෙම කෙනෙක්ට දෙන දානයක ආනිසංස අඩුයි. මනුස්සයෙක් වෙලා ඉපදිල තියෙන්නෙ සිල් රැකපු නිසා එතකොට මනුස්සයෙක්ට දෙන දානයේ ආනිසංස වැඩි. ස්වාමීන්වහන්සේ කෙනෙක් කියන්නෙ ශීලයෙන් සාමන්යෙන් මනුස්සයෙක් ට වඩා වැඩි කෙනෙක් එතකොට ස්වාමීන්වහන්සේ කෙනෙක්ට දෙන දානය ආනිසන්ස අනිත් හැම එකටම වඩා වැඩි

    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?​

    දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.

    “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
    යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”

    “මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.

    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.

    - ධර්ම විනිශ්චය
    පරම පූජනීය රේරුකාණේ චන්දවිමල මහා නාහිමි
    Yanne koheda polle Mal answers
     
    • Love
    Reactions: Candid-B

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    බුදුදහම අනුව ආනිසංස වැඩි, සීලයක් රකින කෙනෙක්ට දෙන දානය..උපාසක,සෝවාන්,සකෘදාගාමී,අනාගාමී කෙනෙක්ට ආදී වශයෙන් ආනිසංස වැඩිවෙනවා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
    Fik pin bro
    Wada awashya kenata denna
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වේලාම සූත්‍රය----
    ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. (එනම්) ‘ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්‍රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. හෙතෙම ඒ මහා දානය දුන්නේය’ යි. ගෘහපතිය, මේ කාරණය මෙසේ නොදත යුතුය. මම ඒ කාලයෙහි වේලාම බ්‍රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දුන්නෙමි. ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම් දක්‍ෂිණාර්‍හයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව විශොධනය, (පිරිසිදු බව) නොකරයි.

    “ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් බුද්‍ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමකේ පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික්‍ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා මහත් ඵලතරය.

    “ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක් සෝවාන් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සියගනන් සෝවාන් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සිය ගණන් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සිය ගණන් රහත් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් බුදු පාමොක් බික් සඟන වළඳවන්නේද, යමෙක් සිවු දිගින් වඩින මහා සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරවන්නේද, යමෙක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන යන මේ සික පද සමාදන් වන්නේද, යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක.”
     
    • Like
    Reactions: Maui_15

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    බුදුදහමට අනුව බඩගින්නේ ඉන්න බල්ලෙකුට දෙන ආහාර වෙලේත් , හිගන්නෙකුට දෙන ආහාර වෙලෙත් , ධර්ම ධර හාමුදුරුවන් නමකට දෙන ධානයේත් ආනිසංස වෙනස් ද ??? එහෙමනම් එහෙම වෙන්නේ ඇයි?
    ඕක දානෙකට නෙවේ. ඕනම දේකට පොදු දර්මතාවයක්.

    උදා: මදුරුවෙක් මරන්න තප්පරයක් යයි. කුකුලෙක් මරන්න විනඩි කීපයක්.
    අලියෙක් මරන්න දවස් ගානක් ලොකු වැඩ පුලිවෙලක්.
    ඔය වගේ කරන දේට ලොකුවට පැලැන් කරන්න දවස් ගානක් යනකොට ඒ සම්බන්දව ඇතිවෙන සිත්. / කර්ම ප්‍ර්‍රමාණය වැඩි වෙනවා. එතකොට ලැබෙන හොද හෝ නරක කර්ම ප්‍ර්‍රමාණය ාඩු වැඩි වෙනවා.

    ඔයිට අමතරවත් කරුණු තියේ.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඔව් වෙනස්. ඉහත පිළිතුරු දී ඇති නිසා නැවත පහදා දීමක් අවශ්‍ය නැහැ නේද
     
    • Haha
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Ahata kawadawath rupa penila ne kivvama aye budunaduruwoda rahath eliye innawada ahanawa :baffled: oya okoma hithe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ගංජා ගහන බඩු ගහන හාමුදුරු කෙනෙක්ට දෙන දානයද වටින්නෙ නැත්තම් රහත් වුණ බල්ලෙකුට දෙන දානයද වඩා වටින්නෙ? :rolleyes2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    පට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    පට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?
    Jara weda kara kiyala upset gahanakan hambenawa.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    පට්ටම ධර්මදර, පින්වන්ත සීලවන්ත කියල අපි විශ්වාස කරන හාමුදුරු නමකට දානයක් දුන්න කියමු. හැබැයි ඇත්තටම ඒ හාමුදුරුවෝ අපි හිතන් ඉන්න ජාතියේ නෙමෙයි නම් අන්තිම ජරා වැඩ කරන හාමුදුරු නමක් වුනොත් ඒ පින නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්ට දුන්න දානෙක පිනකට සමාන වෙනවද?
    දුස්සීල භික්ෂුවකට දෙන දානයේ පින වැඩියි තෙරුවන් සරණ නොගිය සාස්තෘවරයෙක්ට දෙන දානයකට වඩා