ධර්ම දේශනා.::දිවිනහ ගැනීම හා ප්‍රාණඝාතය

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::දිවිනහ ගැනීම හා ප්‍රාණඝාතය

    දිවි නහ ගැනුමත්, ප්‍රාණඝාතයත් හඳුනාගන්න

    කාය කර්ම අතරින් පලමුවැන්න ලෙස ප්‍රාණඝාතය දක්වා ඇත.
    සත්වයන්ගේ ජීවත් වීමේ ඉන්ද්‍රිය ශක්තිය ප්‍රාණයයි.

    අතිපාතනය යනු නාම, රූපයෙන් යුතු සත්ත්වයා කර්මාණුකූලව ලද පූර්ණ ආයු කාලය ගෙවෙන්නට ඉඩ නොදී, අතරමඟ දී යම් උපක්‍රමයකින් මරා දැමීමයි.

    • ශාක වල ප්‍රාණයත්, සතුන්ගේ ප්‍රාණයත් එකම ද ?
    • සත්ත්වයින් ගේ නාම, රූප කුසලාකුසල මගින් ජීවිතය ලෙස භවයේ ප්‍රගමණය වන්නේ කෙසේද
    • මරණයේදී / ප්‍රාණඝාතයේදී නාම රූප වලට කුමක් සිදු වේද ?
    • ප්‍රාණඝාතය කිරීමද කරවීමද කෙසේ විපාක දේ ද
    • ප්‍රාණඝාතය අල්පසාවද්‍ය, මහා සාවද්‍ය වන අයුරු:
      [*]මිනිසෙකු මැරීමත්, කූඹියෙකු මැරීමත් එක සමාන අකුසල කර්මයෝද
      [*]මව, පියා මැරීමත්, ගෙදරට ආ සොරෙකු මැරීමත් එක සමාන අකුසලයෝ ද
      [*]ගව, එළු, බැටළු, ඌරු, මත්ස්‍ය යනාදී අප ආහාරයට ගන්නා සතුන් අතරින් ගව ඝාතනය මහා පාපයක් වන්නේ ඇයි
      [*]වැරදීමකින් සතුන් මැරීම ප්‍රාණඝාතයක් ද
    • සිය දිවි නසා ගැනීම බුද්ධ ධර්මයේ ප්‍රතික්ශේපිත ද
    • සිය දිවි නසා ගැනීම උතුම් කුසලයක් වන අවස්ථා…
    2013 පොසොන් මස 03 දින පෙරවරු 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..

    දේශකයාණන් වහන්සේ: නුගේගොඩ, ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ ශ්‍රී ප්‍රඥාසාර විහාරය, පූගොඩ පට්ටියගම මහාවිහාරය ආදී විහාරස්ථානාධිපති ආගමශාස්ත්‍රීයපණ්ඩිත, දර්ශන ශාස්ත්‍රීයපණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති, පූජ්‍යපාද කහටපිටියේ ප්‍රඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    capturyrhfhre.png