ධර්ම සංගායනාවක් අවශ්‍යද ?
නූතනයේ සෑම අතින්ම ඇසෙන්නේ බුද්ධ ධර්මය විකෘති වීම ගැනය. නියම බුද්ධ වචනයට පිටින් ගොස් තම තමන්ගේ කැමැත්ත පරිදි බුද්ධ වචනය වෙනස් කරමින් ත්‍රිපිටකයට පවා වෙනත් අර්ථිකථන දෙමින් සමහරදෙනා මෙය සිදුකරති. මොවුන් අතරින් ස්මාමීන්වහන්සේලා පවා මෙම කාර්යය සිදුකරති. එමෙන්ම අන්‍යාගමික පූජකවරු හා අන්‍යාගමිකයින් බුදු දහමට පහර ගැසීමට විවිධ ආකාරයෙන් ධර්මය විකෘති කීරීම යොදාගනී.
විවිධ මතිමතාන්තර දරන ස්වාමීන්වහන්සේලා විසින්ද ජනප්‍රිය වීමට හා යස ඉසුරු ලැබීමටද ධර්මය යොදාගැනීම සැමගේම කණගාටුවට කරුණකි. බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුවද ධර්ම සංගායනාවක් කිරීමට හේතුවූයේද දුස්සීල මහණුන්ය. එබැවින් බුදු දහම පිරිසිදු ලෙස ලෝක සත්වයාට දැනගැනීම්ට හැකිවන ලෙස ධර්ම සංගායනාවක් කිරීමේ වැදගත්කම ඉස්මතුවේ
සසුනට නිගාකල භුක්ෂූහු සසුනෙන් නෙරපූ බවටද සාක්ෂි ඉතිහාසයෙන් සනාථ වේ. එබැවින් මේආකාරයට සාශනය පිරිසිදු කිරීමෙන් දුස්සීල මහණුන්ගෙන් බුදුදහම ආරක්ශා වීමද සිදුවේ සම්බුද්ධ ජයන්තියට සමගාමීව රජය විසින් විවිධ ආගමික කටයුතු දියත් කලද ධර්මය ඇතුලතින්ම රැකගැනීමට කිසිවක් නොකළ බව කණගාටුවෙන් වුවත් කීමට ඇත. එබැවින් රාජ්‍ය අනුග්‍රහය මත ථේරවාද බෞද්ධ සංගායනාවක් කිරීමට රජයේ අවධානය යොමුකිරීම අප සතුවේ ඇති කාර්යයකි.
මේ ගැන බෞද්ධ ඔබගේ අදහස් ඉතා අගයකොට සලකමි
තෙරුවන් සරණයි !!!!