ධර්ම_සාකච්ඡාව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ධර්මසාකච්ඡාවක් කළායින් පස්සේ ඒකනිවැරදි ධර්මසාකච්ඡාවක් නම් මෙන්න මේකරුණු තමයි ඇතිවිය යුත්තේ..

    01.
    හැමදෙනා තුළ සන්සිඳීම ඇතිවෙනවා.
    02.
    සංසාර භය උපදිනවා.
    03.
    වීරිය උපදිනවා.
    04.
    සංසාරයෙන් නිදහස්වීමේ කැමැත්ත උපදිනවා.
    05.
    සතර සතිපට්ඨාන යතුළසිහිය පිහිටනවා.
    06.
    එයා ඇවිස්සෙන්නේ නෑ.
    07.
    වාද විවාද ඇතිවෙන්නෙ නෑ.
    08.
    හිතේ අනවශ් විතර්ක ඇතිවෙන්නේ නෑ.

    නිසා යම් කථාවකට පස්සේ යම්කිසිකෙනෙක් ඇවිස්සිලා යනවානම් වාදවිවාද ඇතිවෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාවක් වගේපෙනුනත් ධර්මසාකච්ඡාවක් නොවේ.


     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපි ජීවත් වෙන්නෙ මහා අවාසනාවන්ත ලෝකෙක. යුද්ධ කෝළහාල, සොර සතුරු කරදර, නියඟ, දුර්භික්ෂ, ගංවතුර, කුණාටු, ස්වාභාවික විපත්, හදිසි අනතුර, ලෙඩ රෝග, ලෝක විනාශ ගැන අනාවැකි..... මෙවැනි වූ බියකරු, අනියත වූ, අතිශය අවදානම් වූ, කුමන මොහොතෙහි හෝ ගිලිහී යා හැකි ජීවිතයක්, ශරීරයක් තමයි අපට ලැබිල තියෙන්නෙ. මේ සියළු ජීවිත අවදානම් චිත්රපටයක රූප රාමු සේ අප ඉදිරියේ දිස්වෙමින් පවත්නා විටත් බියකරු සසරේ අනියත ජීවිත හා සබැඳි ත්රිලක්ෂණය අවබෝධ කොට මේ ගමන නවතාලන්නට මන්ද මෙතරම් ප්රමාදයක්

    අප මුළු හදවතින් සරණ ගිය ඒ භාග්යවතුන් වහන්සේ විසින් මේ බියකරු සසර ගමන නවතන්නට, ඒ මහා සටනින් ජය ගන්නට ගිහි පැවිදි ශ්රාවකයන් විසින් වහ වහා අප්රමාදීව, නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු අති උතුම් දහම් කරුණු පහක් වදාළා මේ ආකාරයෙන්.

    1. ආහාරයේ පිළිකුළ ම දකිමු
    2. කය අසුභ වශයෙන් ම දකිමු
    3. සියළු සංස්ඛාරයන්ගේ අනිත්ය ම දකිමු
    4. සියළු ලෝකයන් කෙරෙහි ම නොඇලෙමු
    5. මරණ සතිය ම වඩමු
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස:
    1. සත්පුරුෂ සංසේවනය.
    2. සදධර්ම ශ්රවණය.
    3. යෝනිසෝ මනසිකාරය.
    4. ධම්මානුධර්ම ප්රතිපදාව.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පිළිසරණ ඇති කරන්නා වූ නාථකරණ ධර්ම දහය
    1. හිරි ඔතප් වලින් යුතු මනා සිල්වත් කම.
    2. බුද්ධ දේශනා පිළිබඳ නිවැරදි දැනුම - බහුශ්රැතභාවය.
    3. කළ්යාණ මිත්රයන් ඇති බව.
    4. අවවාදයෙහි, අනුශාසනාවෙහි පැදකුණු කර පිළිගැනීම - සුවච බව.
    5. සබ්රහ්මචාරීන් වහන්සේලාගේ කුදු මහත් කටයුතු කිරීම.
    6. ධර්මයට කැමති ව ධර්මය අන් අයට දේශනා කිරීම.
    7. අරඹන ලද වීර්යයෙන් යුතු වීම.
    8. ලද දෙයින් සතුටු වීම.
    9. සිහි නුවණින් යුතු වීම.
    10. අනිත්ය පිළිබඳ ඇති අවබෝධයෙන් යුතු ප්රඥාව.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    dhamma.jpg