..:: ධර්‍ම විනිශ්චය ::..

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ..:: ධර්‍ම විනිශ්චය ::..

    Untitled.jpg

    බුදු දහම ගැන තියෙන ගැටලු බොහොමයක් , පහසුවෙන් නිරාකරණය කරගන්න මේ පොත උපකාරී වේවි!

    මේ පොත (PDF) ඔයාල දන්න කියන හැමෝම එක්ක බෙදාගන්න යාලුවනේ.
    මේ පොතේ දහම් කරුණු ඔයාලගෙ මුලු ජීවිතයම වෙනස් කරයි. ඔයාලට යහපතක්ම සලසයි.

    ධර්‍ම විනිශ්චය
    රේරුකානේ චන්දවිමල මහනාහිමි
    PDF - http://www.mediafire.com/file/g19jfrca0cl99a0/Dharma_Winishchaya.pdf
    HTML Page - http://pitaka.lk/books/rc/Dharma_Winishchaya.htm
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    View attachment 71059

    බුදු දහම ගැන තියෙන ගැටලු බොහොමයක් , පහසුවෙන් නිරාකරණය කරගන්න මේ පොත උපකාරී වේවි!

    මේ පොත (PDF) ඔයාල දන්න කියන හැමෝම එක්ක බෙදාගන්න යාලුවනේ.
    මේ පොතේ දහම් කරුණු ඔයාලගෙ මුලු ජීවිතයම වෙනස් කරයි. ඔයාලට යහපතක්ම සලසයි.

    ධර්‍ම විනිශ්චය
    රේරුකානේ චන්දවිමල මහනාහිමි
    PDF - http://www.mediafire.com/file/g19jfrca0cl99a0/Dharma_Winishchaya.pdf
    HTML Page - http://pitaka.lk/books/rc/Dharma_Winishchaya.htm

    godak pin machan.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මිනිසකු විසින් අතින් ගසා කුඩා සතකු මරත හොත් ඒ මිනිසා ගේ සන්තානයෙහි සතා මැරීමේ උත්සාහය වූ අකුශල චේතනාව පහළ වේ. ඒ චේතනාව සමග ම ඒ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක් ද, තවත් එයට වුවමනා චෛතසික ධර්‍ම සමූහයක් ද පහළ වේ. ඒ සියල්ල ම පහළ වන්නේ චේතනාව හා බැඳී එක ම ධර්මයක් සේ ය. ඒ ධර්ම සමූහයෙහි සිතත් එක් ප්‍ර‍ධාන ධර්මයෙකි. චේතනාවත් ප්‍ර‍ධාන ධර්මයෙකි. ප්‍ර‍දීපයක් දල්වනවාත් සමග එයින් ආලෝකයක් ඇති වන්නාක් මෙන් ඉහත කී චේතනාදි ධර්ම පිණ්ඩය ඇති වෙනවාත් සමග ම අත ඔසවා ගෙන ගොස් සත්ත්වයා ගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්තවන වායුවක් ඇති වේ. ඒ වායු වේගයෙන් අත එසවී සත්ත්වයා ගේ ශරීරය කරා තදින් යන්නේ ය. අත වේගයෙන් හැපීමෙන් සත්ත්වයා ගේ ශරීරය පොඩි වේ. එයින් සත්ත්වයා ගේ මරණය සිදු වේ. සත්ත්වයා ගේ මරණය වූයේ ශරීරය පොඩිවීම නිසා ය. ශරීරය පොඩි වූයේ අත හැපීම නිසා ය. අත සත්ත්ව ශරීරය කරා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගය නිසා ය. ඒ වායුව හට ගත්තේ මිනිසා ගේ සන්තානයෙහි හටගත් සතා මැරීමේ උත්සාහය වූ වධක චේතනා සම්ප්‍ර‍යුක්ත චිත්තය නිසා ය. වධක චේතනා සහිත චිත්තය ඇති නුවූයේ නම් අත ගෙන යන වායු වේගය ඇති නො වේ. වායු වේගය ඇති නො වූයේ නම් අත සතා ගේ ශරීරය කරා නො යන්නේ ය. අත ශරීරය කරා නො ගියේ නම් සතා ගේ ශරීරය නො තැළෙන්නේ ය. ශරීරය නො තැළුනා නම් සතා නො මැරෙන්නේ ය. මේ කාරණයෙහි සතා ගේ ශරීරය තැළීම අත ශරීරය කරා යාම වායු වේගයෙන් අත තල්ලුකර හැරීම යන මේවා අප්‍ර‍ධාන කරුණු ය. එබැවින් ඒ එකකුදු කර්මය නො වේ. චේතනාව ඇති නොවී අත ගෙන යන වායුව ද ඇති නො වේ. අත ද සතා කරා නො යේ. සතා ගේ ශරීරය ද නො තැළේ. මරණය ද සිදු නො වේ. සියල්ල ම වූයේ චේතනාව නිසා ය. එහි චේතනාව ම ප්‍ර‍ධාන ය. ‘චේතනාව කර්මය’ යි කියන්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යි වදාළේ චේතනාව ප්‍ර‍ධාන වන බැවිනි. පහර ලැබූ සත්ත්වයා ගේ සන්තානයෙහි වූ මරණය පහර දුන් මිනිසා ගේ සන්තානය හා සම්බන්ධ වූවක් නො වන නිසා මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි විපාකයක් ඇති කිරීමට ඒ මරණය සමත් නො වේ. වධක චේතනාව මිනිසා ගේ ම සන්තානයෙහි ඇති වූ බැවින් එය ඒ මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි අනිෂ්ට විපාකයක් අනාගතයෙහි ඇති කිරීමට සමත් වේ.

    ඔය අන්තිම වාක්ය දෙක සරලව පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?