ධ්‍රැවීකරණය_වූ_සමාජය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ධ්‍රැවීකරණය_වූ_සමාජය

ධ්‍රැවීකරණය වූ සමාජය

1983-borella-rioters-burning.jpg


කළු ජූලියේදී බොරැල්ලේ අහිංසක දමිල ජනතාවගේ දේපල පුච්චන සිංහල අන්තවාදීන්.

83 කළු ජූලියෙන් පසුව ලංකා සමාජය වේගයෙන් ධ්‍රැවීකරණය වීම ඇරඹේ. දෙමළ විමුක්ති සංවිධාන තම සටන සිංහල රාජ්‍යයට එරෙහිව දියත් කරන විට ඔවුනට ත්‍රස්තවාදී ලේබලය අලවන සිංහල රාජ්‍ය දෙමළ ජනයා මත නිර්දය ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය පැටවීම නිසා දෙමළ ජනයා තුල තමන් මේ රටේ වැසියන් නොවේ යන හැඟීම ජනිත කරවනු ලබයි. සිංහල හමුදා පොලීසි සිවිල් වැසියන් හිංසනයට පත් කරමින් ඔවුන් මත මර්දනයේ හස්තය හෙලමින්, වග විභාගයකින් තොරව අත්අඩංගුවට ගනිමින් සිර ගෙවල ලමින් කරන මර්දනය තුලින් දෙමළ ජනයා වෙත රජය දෙන පණිවිඩය වන්නේ ඔවුන් තම රටේ පුරවැසියන් නොවන බවයි. සිංහල රාජ්‍යයේ කෘර මර්දනය වැඩි වන්නේ කොපමණටද එපමණටම ඔවුන් තම ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය පතා දෙමළ විමුක්ති සංවිධාන වෙත ලංවෙනු ලබයි.

ඒවාගේම සිංහල ජාත්‍යෝන්මාදයෙන් පරලව තම ‘මව්බිම දෙකඩ කිරීමට ඉඩ නොදෙමුය’ කියමින් ‘දේශප්‍රේමී’ ය කියා ගන්නා සිංහල ජාතික සහ ජාතිවාදී බලවේග දෙමළ විමුක්ති අරගලයට එරෙහිව හඬ නගයි. එල්ටීටීඊ සංවිධානය විසින් සිංහල සිවිල් වැසියන්ට එරෙහි කරන සාහසික ක්‍රියා තම දඩමීමා කරගන්නා මේ සිංහල ජාතිවාදීන් දෙමළ විරෝධයක් සිංහල සමාජ ගත කරන අතර අවසානයේ සියලුම සිංහලයන් දෙමළ මිනිසෙකු දෙස සැකයෙන්ද සියළුම දෙමළ මිනිසුන් සිංහලයෙකු දෙස සැකයෙන්ද බලන තත්වයකට ලංකා සමාජය පත්කරනු ලබයි.

87-89 දකුණේ ඝාතනයන් සිංහල සමාජය ඉතා ඉක්මනින් අමතක කරනු ලැබීය. එම භීෂනයෙන් දකුනේ සමාජය තුල ඉතිරි වන්නේ රාත්‍රී කාලයේ නගර හිස්ව තිබීම සහ අනාරක්ෂිත බව සමාජය තුල රජයාම පමණි. තමන්ගේ නායකත්වයේ සිට සාමාජිකත්වය 90% ක්ම ඝාතනය වීමට ලක්වූ ජවිපෙට අනූ ගණන් මැද වන විට තමන්ට තමන්වම අමතක වී තිබුණි.

‘ත්‍රස්තවාදීන්’ ලෙස නම්කර සමූළ ඝාතනයට ලක්වූ ඔවුන් දෙමළ සටන් කරුවන්ට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට පෙරමුණ ගන්නේ දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් ඉල්ලා කරන සටන නිර්ධය ලෙස නිගාවට පත් කරමිනි. එමෙන්ම මෙම දෙමළ සටන්කාමීන් තමන්ගේ ප්‍රධාන සතුරා බවට නම් කරන්නේ ලංකා රජය සමග ඔවුන් ඝාතනයට එකට අත්වැල් බැඳ ගනිමිනි. මහින්ද රාජපක්ෂගේ යුද්ධයේ ප්‍රධාන කොටස් කරුවන් බවට පත්වන ඔවුන් ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම් ‘අපි මහින්ද රාජපක්ෂව යුද්ධයට ඇදගෙන ගියේ හරියට බල්ලෙක් නාවන්න ඇදගෙන යනව වගේ‘ යනුවෙනි. එතුලින් ඔවුන් කියනු ලබන්නේ යුද්ධයේ හැබෑ හිමිකරුවන් තමුන් වන බවයි.

අනූගණන් අවසානය වන විට එදා ප්‍රේමදාසලා දැමූ අත්තිවාරම සවි වී හමාරය. දෙමළ ජාතිවාදය කරපින්නා ගත් ෆැසිස්ට් ක්‍රියාදාමයන් කැටිකර ගත් එල්ටීටීඊ සංවිධානය දෙමළ ජාතික විමුක්ති අරගලයේ නායකත්වය ගෙන හමාරය. අනිකුත් දෙමළ විමුක්ති සංවිධාන විශේෂයෙන්ම ප්‍රගතිශීලී සංවිධාන විනාශ කර දමා තිබූ අතර ඉතිරිය එල්ටීටීඊ සංවිධානය මගින් හීලෑකරගෙන තිබුනි. උදාහරණයක් ලෙස ඊරෝස් සංවිධානය ගත හැකිය. අනෙකුත් සංවිධානවල විනාශ නොවූ කොටස ඔවුන්ගේ ප්‍රධාන සතුරා වන සිංහල රාජ්‍ය සමග සන්ධාන ගත වී දෙමළ ජනයා ඉදිරියේ ද්‍රෝහීන් බවට පත්වී තිබුණි. ඒවාගේම එල්ටීටීඊ සංවිධානය ඇතුළත මත විභේදනයට තැනක් නොතිබූ අතර සන්ධාන හෝ සමාධාන මත දැරූ නායකයන් (උදාහරණය – මහත්තයා) ද්‍රෝහීන් ලෙස නම්කර මරා දමනු ලැබීය.

අනෙක් පැත්තෙන් සිංහල රාජ්‍ය සිංහල බලවේග තමන් වටා ගොනුකර ගන්නේ දෙමළ විරෝධය, උලුප්පවාලමිනි. එමෙන්ම අධිරාජ්‍ය විරෝධය, ඉන්දීය විරෝධය වැනි සර්ව පිත්තල දවටනයන්ගෙන් මේ දෙමළ විරෝධය ආවරණය කරනු ලැබිණි. ප්‍රේමදාසගේ එදා වැඩපිළිවෙල මේ වන විට පැහැදිලිව ක්‍රියාත්මක වෙමින් තිබුනි. එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සාපරාධී ක්‍රියාවන්හි එල්ටීටීඊ සංවිධානය දිගින් දිගටම නියැලෙමින් සිටියහ. එල්ටීටීඊ සංවිධානය විසින් කරන ක්‍රියාදාමයන් තුලින් සිදුවූයේ දෙමළ විමුක්ති අරගලය තව තවත් හුදකලා වීමයි. එකක් පසු එකක් ලෙසින් එල්ටීටීඊ සංවිධානය මේ වන විට එවැනි ක්‍රියාවන්හි නියැලෙමින් සිටියහ. දෙමළ විමුක්ති අරගලයේ නැගීමට විශාල පිටුවහලක් සහ තෝතැන්නක් වූ ඉන්දියාව තමන්ගේ පරම සතුරෙකු බවට පත් කර ගනිමින් 1991 මැයි 21 වන දින රජීව් ගාන්ධි මරා දැමුවේ තමන්ට තිබූ විශාල පසුබිමක් එක මොහොතකින් විනාශ කර ගනිමිනි. යාපනයේ මුස්ලිම් ජනයා පලවා හරිමින් තවත් තමන්ගේ මිතුරු බලවේගයක් හතුරු බලවේගයක් බවට පත්කර ගනු ලබයි.

දෙමළ ජාතිවාදයෙන් සන්නද්ධව ෆැසිස්ට් වාදී ක්‍රියාදාමයන්වල යෙදෙන මොවුන් දකුණේ කෝච්චියකට, බස්රථයට බෝම්බ දමන විට සිංහල සිවිල් ජනයාගේ භිය වෛරයකට හැරීම වලකා ගත නොහැක. ලංකාවේ බෞද්ධයාගේ ආගමික් මුදුන් මල්කඩ ලෙස ගැනෙන දළදා මාළිගයට පහරදීම සිංහල ජනයාගේ වෛරය ඉලිප්පවීම සඳහා කළ ෆැසිස්ට් ක්‍රියාවකි. ඒ අතර ඉතා කුඩා සිංහල අන්තවාදී කණ්ඩායම් එකක් දෙකක් පමණක් මේ ම්ලේච්ඡ ක්‍රියාවන් අනුමත කරනු ලැබේ. එතුලින් සිදු වන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සිංහල කොටස් වෙතට සිංහල ජනතාවගේ වෛරය යොමුවන තත්වයක් ඇතිවීමයි. සිංහල සිවිල් ජනයා වෙත කරනු ලැබූ සන්නද්ධ ෆැසිස්ට් පහරදීම අනුමත කළ සිංහල සංවිධාන මෙතුලින් දෙමළ විමුක්ති සටනට කරනු ලබන්නේ විශාල හානියකි. ඒ වාගේම මෙම ම්ලේච්ඡ පහරදීම් විවේචනයකින් තොරව අනුමත කරමින් දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන කරනු ලැබුවේද මුළු මහත් දෙමළ ජනයාටම විශාල හානියකි.

ජනතා විමුක්ති පෙරමුණ වැනි වමේ කියාගන්නා සිංහල සංවිධාන සිංහල ජාතිවාදී ෆැසිස්ට් මර්ධනයක් දෙමළ ජනයා වෙත පැටවීමට සිංහල රාජ්‍ය ‘බල්ලා නෑවීමට ඇදගෙන යද්දී’ සිංහල වමේ අන්තවාදීන් කණ්ඩායම් ගණනවක් එල්ටීටීඊ සංවිධානය විසින් සිංහල සිවිල් වැසියාට සහ දෙමළ නිදහස් මතධාරීන්ට කරන ෆැසිස්ට් පහර දීම අනුමත කිරීම එකම කාසියේ දෙපැත්ත මිස අන්කිසිවක් නොවේ.

ජාත්‍යන්තර උපදේශකයන්ගේ උපදේශණවලින් තෙම්පරාදු වී සිටින ‘ධනපති රාජ්‍යයක්’ තම දේශපාලන උපාය මාර්ගයන් සකස් කරන ආකාරය වටහා ගන්නට තරම් එල්ටීටීඊ සංවිධානයේ දේශපාලනය වැඩී නොතිබුණි. සිංහල ජාතිවාදයට එරෙහිව කරන පහරදීම්වලින් තාවකාලිකව ලබන ජයග්‍රහණයන් වලින් උද්දාමයට පත්වෙමින් තමන් තුලම ඇති කර ගන්නා වගාඩම්බරයකට පත්වන එල්ටීටීඊ සංවිධානය තව තවත් තම ම්ලේච්ඡ පහරදීම් වැඩි කරනු ලබයි. මෙම පහරදීම්වල ඇති ම්ලේච්ඡ බව අවසානයේදී සිංහල රාජ්‍යයට ඔවුන් විනාශ කිරීම (දෙමළ ජනතාවත් සමගම) සාධාරණීය කිරීමට අවශ්‍ය පසුබිම සහ නිදහස ලබා දෙනු ලැබේ.( 87-89 ජනතා විමුක්ති පෙරමුණ විනාශ කලේද මේ අයුරිනි.) තමන්ගේ තරම තමන්ම වටහා නොගන්නා ඔවුන් සිංහල රාජ්‍යයේ පසුබා සිටීම තමන්ගේ විශාල ශක්තිය, තම යුධ දක්ෂතාවය ආදියට බියෙන් ඇතිකරගත් දෙයක් ලෙස සිතමින් මෝහනයකට හසුවේ. ‘ලෝකයේ හතරවෙනි විශාලම හමුදාව තමන් ඉදිරියේ පරාජය වූවා යැයි’ නිතර නිතර පුනරුච්ඡාරණය කිරීමට තරම් ඔවුන් මෝහනයක සිටිනු ලැබීය. මේ වන විට සිදුව තිබුනේ දෙමළ විමුක්ති අරගලය ෆැසිස්ට් කණ්ඩායමේ අත්අඩංගුවට පත්ව තිබීමයි.

තම සංවිධානයේ සන්නද්ධ අංශ නායකයා වන කරුණා තම සංවිධානයෙන් බිඳී යන විට වත් ඔවුනට තම දේශපාලනය මාරු කර ගැනීමට නොහැකි වන්නේ අහම්බයක් නිසා නොව එයට හේතු වන්නේ ඔවුන්ගේ ෆැසිස්ට් ස්වාභාවයයි. ඒ මාවිල්ආරු කුපිත කරවීම තුලින් නැගෙහිර බලය අහිමිකර ගත්තායින් පසුවද තම මුග්ධ සටන් ප්‍රතිපත්තියේම පිහිටා සිටින ඔවුන් උතුරේ ජනයා තමන් සමග කුඩා බිම් කඩකට ගාල් කරන සිංහල හමුදාවන්ට සහාය වන්නේ සිවිල් ජනයාට එම ප්‍රදේශය අතහැර පලායාමට ඉඩ නොදෙමිනි. මෙතුලින් සිංහල ජාතිවාදී රාජ්‍යට සිවිල් වැසියන් දස දහස් ගණනින් සමූළ ඝාතනය කිරීමට ඔවුන්ද පහසුකම් සපයන්නන් බවට පත් විය. සිංහල ජාතිවාදී රාජ්‍ය සහ සිංහල හමුදාවන් තුල මේ වන විට පැසවමින් තිබූ දෙමළ විරෝධය මෙම ඝාතනයට පහසුකම් සපයයයි.

ජර්මන් කවියෙකු ෆැසිස්ට්වාදය ගැන කියූ කියමනක් වන ‘ෆැසිස්ට්වාදීන් තමන් විනාශ වන විට තමන් සමගම ජනතාවද විනාශ විය යුතු යැයි සිතති. ඒ ඔවුන් නොමැතිව ජනතාවට පිලිසරණක් නොමැත’ යන සිද්ධාන්තය ෆැසිස්ට්වාදීන් තරයේ විශ්වාස කරන බැවිනි.

2006 වසරේ යුද්ධය ආරම්භ වී සිංහල හමුදා ක්‍රමයෙන් යුධ ජයග්‍රහණයන් ලබන විට දකුණේ අන්ත සිංහල ජාතිවාදීන් සහ ෆැසිස්ට්වාදී කුඩා කණ්ඩායම් මහින්ද රජය වටා රොද බදී. ඔවුන් දෙමළ ජනයා විනාශ කිරීමට ආවඩයි. එමෙන්ම දකුනේ යුද්ධයට එරෙහි වන අයට මරණ තර්ජන සහ ගර්ජන කිරීම් අරඹයි. මේ ලක්ෂණය ජාත්‍යන්තර සිංහල ඩයස්පෝරාවේද දැකිය හැක. ඉතාලිය සහ ලන්ඩන්වල සිටි සිංහල අන්තවාදීන් තමන් එතක් සැඟවී සිටි ගුල්වලින් එලියට එමින් තානාපති නිලධාරීන්ගේද සහාය ලබාගෙන ජාත්‍යන්තරව යුද්ධයට එරෙහිවන සිංහල කොටස්වලට තර්ජනය කිරීම සහ අපහාස කිරීම ආරම්භ කරයි. සිංහල ජාතිවාදීන් මෙන්ම දෙමළ ජාතිවාදීන්ද එක හා සමානව යුද්ධයට ආවඩන්නේ යුද්ධයට එරෙහිවන සුළුතරයක් වූ සිහළුනට සහ දෙමළුනට මරණ තර්ජනය කරමිනි. මෙසේ සිංහල ෆැසිස්ට්වාදීන් යුධ ජයග්‍රහණයත් සමග සිංහල රාජ්‍යයේ කොටස්කරුවන් වෙමින් යුද්ධයේ අවසාන වන විට ලංකා සමාජය භයානක ගමනක් සඳහා සූදානම් කරවනු ලබයි.


රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi විකල්ප වෙබ් අඩවියෙනි
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Meka 100% k hari kiyanna ba machan. Demala manussayo innawa one tharam sinhala ayath ekka samagiyen inna. Sinhala ayath ehemai.
    Yudde dinapu dawase sinhala apith ekka kiribath kanna apu awankawama sathutu wuna tamil aya one tharam hitiya - mama paudgalikawa hondama yaluwo wela inna aya pawa.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒකනෙ සිරිපාල. ඔය ඊළම දීල දැම්ම නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ. අනේ පල පොන්නයෝ යන්න උදේ පාන්දර ලේ ටික පුච්චන්නැතිව.:lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අවබෝධයකින් තොරව ලේ පුච්ච ගන්න එපා.

    ඒකනෙ සිරිපාල. ඔය ඊළම දීල දැම්ම නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ. අනේ පල පොන්නයෝ යන්න උදේ පාන්දර ලේ ටික පුච්චන්නැතිව.:lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අවබෝධයකින් තොරව ලේ පුච්ච ගන්න එපා.
    සිංහල අන්තවාදයත් වැරදියි. දෙමළ අන්තවාදයත් වැරදියි. ඒ අවබෝදෙ තිබුනම හොඳටම ඇති. LTTE එකෙන් තොර දෙමළ විමුක්ති අරගලය කියන්නෙ මොකක්ද? ත්‍රස්තවාදයක් නැතිව ඊළමකට යන එකද? බැටළු හම් දාගත්තට නැට්ටෙන් හොයන්න පුළුවන් සතා මොකාද කියල.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඒකනෙ සිරිපාල. ඔය ඊළම දීල දැම්ම නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනෙ. අනේ පල පොන්නයෝ යන්න උදේ පාන්දර ලේ ටික පුච්චන්නැතිව.:lol::lol:
    :lol: