ධාතු විස්තරය

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් වටින විස්තර ...බොහොම පින් අමල්කා අක්කටයි අනූ අය්යටයි :)
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    “මාගේ ශාසනය තවමත් සැම තැනම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිණිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙන තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නාහ.” මෙසේ බුදු රජාණන් වහනසේ ධාතූන් විසිරීමට අදිටන් කළසේක. මහාධාතු හත නොකැඩි, නොබිඳී, නොවිසිරී එලෙසින්ම පැවතුණි. අනෙක් සියලු අස්ථිධාතු කුඩා කැබිලිවලට බෙදී වෙන්වුණහ. නොවිසිරුණු සප්ත මහා ධාතූන් වහන්සේලා නම් ලලාට ධාතුවය. අකුධාතු දෙනමය, සතර දළදාවන්ය යන ධාතූන් වහන්සේලාය.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    z_pic350-tem.jpg

    මකුට බන්ධන චෛත්‍යය, අංගාර චෛත්‍යය යන නම් කීපයකින්ම කුසිනාරා නුවර පිහිටි මෙම ආදාහන චෛත්‍යය හඳුන්වයි.
    බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු සිරුර ආදාහනය කළේ මේ ස්ථානයේදී වීමත්, ශ්‍රී දේහය දැවූ සෑයේ අඟුරු ගෙන සෑදූ චෛත්‍යය නිසාත් මෙය අංගාර චෛත්‍යය නම් විය. බුදු සිරුර ආදාහනය කිරීමේදී නොයෙක් සුවඳ දර, සුවඳ පැන්, සුවඳ වර්ග යෙදූ නිසා මෙම ස්ථානයේ පස් බොහෝ කලක් සුවඳවත් විය. ද්‍රෝණ බමුණා ධාතු බෙදුවේ, මේ ස්ථානයේ සිට ය. ගරාවැටී තිබූ මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට අවට භූමිය අලංකාර ලෙස මල්ගස් ආදිය රෝපණය කොට තබා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    z_pic350-tem.jpg


    ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා සර්වඥ ධාතු කොටස් අටකට බෙදූ ස්ථානයේ ඇති කුඩා ස්ථූප ඡායාරූපයෙන් දැක්වෙයි.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    “මාගේ ශාසනය තවමත් සැම තැනම පැතිරී නැත. බොහෝ සත්වයින් මා පිරිණිවන් පෑ පසුව මාගේ ශාරීරික ධාතූන් ගෙන තම තමන් වාසය කරන්නා වූ ස්ථානයන්හි ස්තූප කරවා වන්දනා කර මරණින් මතු සුගතිගාමී වන්නාහ.” මෙසේ බුදු රජාණන් වහනසේ ධාතූන් විසිරීමට අදිටන් කළසේක. මහාධාතු හත නොකැඩි, නොබිඳී, නොවිසිරී එලෙසින්ම පැවතුණි. අනෙක් සියලු අස්ථිධාතු කුඩා කැබිලිවලට බෙදී වෙන්වුණහ. නොවිසිරුණු සප්ත මහා ධාතූන් වහන්සේලා නම් ලලාට ධාතුවය. අකුධාතු දෙනමය, සතර දළදාවන්ය යන ධාතූන් වහන්සේලාය.

    පැහැදිලි කිරීම් වලට ස්තුතියි :)
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    කේශ ධාතු

    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසු පළමුවන දානය පිරිනැමුයේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනාය. බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට වන්දනය පිණිස කේශධාතු මිටක් දුන් බව ථූපවංශයේ මෙසේ සඳහන් කර ඇත.

    බුදු වූ දවසට එකන් පණස් දවසැ ශක්‍රයා ගෙනා නාලිය දැවටු දඬු වළදා තපස්සු භල්ලුක යන ව්‍යාපාරිකයන් දෙදෙනා දුන් මී පිඬු සතරවරම් මහරජ දරුවන් එළ වූ මුංවන් ශෛලමය පාත්‍ර සතර තමන් වහන්සේ ගේ අධිෂ්ඨානයෙන් එකක් කොට ඒ පාත්‍රයෙන් පිළිගෙන වළඳා ඒ දෙදෙනා බුත්සරණ දහම් සරණ ගන්වා ඔවුන් නිත්‍යයෙන් පූජා කරනු පිණිස තමන් වහන්සේගේ කේශධාතු දී - ථූපවංශය (67 පිටුව).

    ලලිත විස්තරයේ මේ දෙදෙනා හඳුන්වා ඇත්තේ ත්‍රපුෂ , භල්ලික යන නම් වලිනි. තපස්ස භල්ලුක දෙදෙනා ඉදිකළ කේශධාතු චෛත්‍යය පිළිබඳ චීන, බුරුම සහ ලාංකික බෞද්ධයන් අතර පවතින මත එකිනෙකට වෙනස්ය.

    චීනයේ හියුංසාං හිමියෝ ඇෆ්ගනිස්ථානයේ සිට දඹදිවට පැමිණෙන විට බාහ්ලුක (බල්ක්) ප්‍රදේශයේ තිබුණ තපස්සුභල්ලික දෙදෙනා විසින් කරවන ලද කේශධාතු දාගැබ වැඳ පුදාගත් බව සඳහන්ය. ඔර්ස්සා ප්‍රදේශයේ ලෙන් ලිපියක කේශ ථූප යන වචනය සඳහන්ව ඇති බව ජායි ප්‍රකාශ් මහතා දක්වයි.

    බුරුම බෞද්ධයෝ තපස්සු භල්ලුක තැනූ කේශධාතු දාගැබ ස්වේදගොන් චෛත්‍යය බව විශ්වාස කරති. ලාංකිකයෝ ත්‍රිකුණාමලය තිරියාය ගිරිහඬු සෑයේ කේශධාතු තැන්පත් කර ඇතැයි කියති. එහි තිබෙන සංස්කෘත ලිපියක ද ඒ බව දක්වා ඇත. ගිරිහඬු සෑය ගැන මහා වංශයේ සඳහන් කර නැත. ඒ එම පූජනීය ස්ථානය මහායානික භික්ෂූන් සතුව පැවති නිසා විය හැක. පූජාවලියේ ගිරිහඬු සෑය පිළිබඳ මෙවැනි සඳහනක් තිබේ.

    ‘ස්වාමි දරුවෝ ශ්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශ ධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස් පූජා කරන්නාහු කළෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකා ද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තිබූ පළින් සොලවා ගෙත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ.’ ලක්දිව සමන්ත කූටවාසී සුමන දෙවි රජුහට කේශධාතු ලැබුණු ආකාරය මහා වංශයේ සඳහන් වන්නේ මෙසේය.

    ‘සමන්තකූට පර්වතවාසී මහාසුමන නම් දෙව් රජතෙම සෝවාන් ඵලයට පැමිණ පූජාභ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය වූ කිසිවක් ඉල්විය. සත්වයන් කෙරෙහිත වූ නීල නිර්මල කේශවත් වූ සර්වඥතෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදනය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තන්හි කරන ලද්දා වූ අයම් විතරින් සත් රියන් වූ අවටින් එක් විසිරියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍රනීලමය වූ ථූපයකින් වසා නමස්කාර කළේය’.

    මහාවංශය (පිටුව 03)

    හික්කඩුවේ ශ්‍රී‍්‍ර සුමංගල හිමි

    රත්නාකර පොත් සමාගම

    කොළඹ - සිවුවන මුද්‍රණය - 1946

    අනුරාධපුර ජේතවන චෛත්‍යයේදී කේශධාතු තැන්පත් කර තිබෙන බව ජේතවනථූප වන්දනා ගාථාවෙහි සඳහන් ය.

    පතිට්ඨ පෙත්වා ජිනකාය බන්ධනං - සකේශ ධාතුං සහදේහ ධාතුයෝ
    මහා මහාසේන නරින්ද කාරිතං - සුචේතියං ජේතවනන්ති විස්සුතං

    බුදුරජාණන් වහන්සේගේ කයෙහි බඳ පටියද, කේශධාතුද, ශාරීරික ධාතු ද තැන්පත් කොට මහසෙන් රජතුමා තැනූ දාගැබ ජේතවන නම් වෙයි.

    ශිලාකාල (ක්‍රි.ව. 518 - 531) රජදවස දෙවන වරට ලක්දිවට කේශධාතු වැඩම කර වූ බව මහාවංශයේ සඳහන් ය.

    ‘තමා ගෙනා කෙස් දා මොනවට පිදී’

    මහාවංශය (22) පිටුව - 40 පරිච්ඡේදය - 2 කෙටස

    ගී‍්‍රවා ධාතුව (මයියංගනය)

    ‘සව¢ඥයන් වහන්සේ පිරිනිවන් කල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් සෘඞ් ඇති සරභූ නම් ස්ථවිර තෙම දර සෑයෙන් සව¢ඥ ගී‍්‍රවා ධාතුව සෘධියෙන් රැගෙන මෙහි (මයියංගන) ගෙණවුත් එම චෛත්‍යයෙහි තබා ‘ මහා වංශය (03 පිටුව)

    අශෝක රජ දවස

    ධර්මාශෝක රජතුමා විසින් අජාසත් රජතුමා නිදන් කරවනලද සව¢ඥ ධාතුන් වහන්සේ ලබා ගෙන දඹදිව පුරා 84,000ක් චෛත්‍ය ඉදි කරවන ලදී. මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට පැමිණි දින සුමන සාමනේරයන් වහන්සේ ධර්මා ශෝක රජතුමා වෙත යවා එතුමා ළඟ තිබුණ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේද එය පුරා සව¢ඥ ධාතුන් වහන්සේ ද මෙහි ගෙන්වා ගත්හ.

    දකුණු අකු ධාතුව (ථූපාරාමය)

    සුමන සාමණේරයන් වහන්සේ තම මුත්තනුවන් වූ ධර්මාශෝක රජතුමා වෙත ගොස් පාත්‍රා ධාතුව සහ සව¢ඥ ධාතුන් ලබාගෙන හිමාලයෙහි තබා සක්දෙව් රජ හමුවට ගියහ.

    එහිදී උන්වහන්සේ සක්දෙව් රජුගෙන් සිළුමිණ සෑයේ තිබෙන දකුණු දළදාවහන්සේ එහි තිබියදී දකුණු අකුධාතුව ඉල්ලාගෙන හිමාලයේ තැබූ පාත්‍රා ධාතුවද ගෙන සෑගිරියට පැමිණියහ. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ එය ගෙන පාත්‍රය එහි තබා දකුණු අකු ධාතුන්වහන්සේ ගෙන මහා නාගවනයට පැමිණියහ. එසේ ගෙන එන ලද අකුධාතුව ථූපාරාමයෙහි තැන්පත් කරන ලදී.

    ‘ශක්‍ර දේවේන්ද්‍ර තෙම සිළුමිණ සෑයෙන් දකුණු අකුදාව ගෙන හෙරණුවන්ට දුන්නේය. සුමන සාමණේර යති තෙම ඒ අකුදාව සහ පාත්‍රය ද ගෙන එතැනින් සෑගිරියට අවුත් ස්ථවිරයන් වහන්සේ ට දුන් සේක. - මහා වංශය (73 පිටුව)

    පාත්‍රාධාතුව - (මිහින්තලය - අම්බස්ථලය)

    සිව්වරම් රජදරුවන් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ පාත්‍ර සතර එකක් වීමට උන්වහන්සේ අධිෂ්ඨාන කළහ. එකක් වූ එම පාත්‍රයේ පාත්‍ර සතර සම්බන්ධ වූ සියුරේඛා සතරකි. ශෛලමය ඉඳුනිල්වන් වූ එම පාත්‍රය. සැහැල්ලුය. අලංකාරය. මෙම පාත්‍රාධාතුන් වහනසේ තැන්පත් කර ඇත්තේ මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යයේ ය.

    ‘පාත්‍රා ධාතුව අඹතලා ගලේ’ යනුවෙන් ඒ බව ජන කවියෙහිද සඳහන් වෙයි.

    ඌර්ණ රෝම ධාතුව (මිහින්තලය)

    බුදුරජාණන් වහන්සේගේ උර්ණ රෝම ධාතුව මිහින්තලයේ නිදන්කර ඇතිබව රාජරත්නාකරයේ දැක්වෙයි. දෙවන අග්බෝ රජතුමා උණුලොම් ගෙයක් තැන වූ මහා වංශයේ 40 පරිච්ඡේදයේ සඳහන් වුවත් එය පැහැදිලි නැත.
    :):)
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ලලාට ධාතුන් වහන්සේ (සේරුවාවිල)

    ද්‍රෝණ බමුණා සර්වඥධාතු බෙදන විට ලලාට ධාතුන් වහන්සේ මල්ලරජ දරුවන්ට ලැබුණි. පසුව එය කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරපුර සතුවිය. අවසානයේදී ලලාට ධාතුව හිමිවූයේ මහා දේව රහතන් වහන්සේටය. රුහුණු රට මහානාග රජ දවස මාගම හත්තොට්ඨ ජනපදයේ කුක්කුට පර්වතයට වැඩම කළ උන්වහන්සේ ලලාට ධාතුව ආරක්ෂා කරන්නට එහි විසූ මහාකාල නමැති අයෙකුට භාරදී ඇත. මාගම පරපුරේ පූජනීය වස්තුවක් වූ ලලාට ධාතුවට අවසන් උරුමකරු වූයේ කාවන්තිස්ස රජතුමාය. එතුමා සේරුවිල මංගල සෑය කරවා ලලාට ධාතුන්වහන්සේ එහි තැන්පත් කළ බව ලලාට ධාතු වංශයේ දැක්වෙයි. මේ සඳහා සෝමනුවර ගිරි අභය, සේරුනුවර සිව සහ ලෝණ නුවර මහානාග යන ප්‍රාදේශීය රජවරුන්ගේ සහාය එතුමාට ලැබුණි.

    තිස්සමහාරාමය - තිස්ස මහාරාම දාගැබෙහි ලලාට ධාතුන්වහන්සේ තැන්පත් කර ඇතැයි කෙනෙක් විශ්වාස කරති. එයට හේතුව ලලාට ධාතුව සේරුනුවරට වැඩම කරවීමට පෙර එය තිස්ස මහාරාමයේ මණ්ඩපයක තැන්පත් කර තැබීමයි. තිස්ස මහාරාම චෛත්‍යයේ පෙර තුන් බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇත

    යට වම් අකු ධාතුව - මෙය තිස්ස මහාරාම දාගැබෙහි තැන්පත් කර තිබෙන බව 1960 කිරිඳිඔය ප්‍රදේශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයාගන්නා ලද සෙල් ලිපියක දැක්වෙයි.

    නිය ධාතුව - දීඝවාපී චෛත්‍යයේ ඇතිබව විශ්වාස කෙරේ.

    දහදිය බිදු - (මුතියංගන)

    බුදුරජාණන් වහන්සේ ගේ සිරුරෙන් වැටුණ දහදිය බිඳු මුතු බවට පත් වූ බවත් එම භූමිය මුතියංගන වූ බවත් සඳහන්ය. ඉන්දික දෙවියන් ඒවා තැන්පත් කර තැනූ චෛත්‍යය මුතියංගනයයි.

    පටී ධාතුව (කාය බන්ධනය ) අභයගිරිය

    දළදා වහන්සේ

    එකාදාඨා තිදස පුරෙ - එකා නාග පුරෙ අහු
    එකා ගන්ධාර විසයෙ - එකාසි පුන සීහලෙ

    එක් දළදාවහන්සේ නමක් තුසිත දෙව් ලොවය. එකක් නාලොවය. තව එකක් ඉන්දියාවේ ගන්ධාර දේශයේය. අනෙක සිංහල ද්වීපයේය.

    වම් දළදාව (මහනුවර)

    ඛේම මහරහතන් වහන්සේ වම් දළදාව රැගෙන කළිඟුරට බ්‍රහ්මදත්ත රජුට දුන්හ. එයින් පසු එය ඔහු පුත් කාසිටද ඔහු පුත් සුනන්දටද හිමිය. පසුව දළදා වහන්සේ දන්තපුර ගුහසිව රජුට අයත් විය. එතුමා එය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට සිය දියණිය හේමමාලා සහ බෑණා වූ දන්ත කුමරු අත ලංකාවට එවීය. මෙය ගන්ධාර දේශයේ දළදා වහන්සේය.

    දකුණු දළදාව (පොළොන්නරුව - සෝමාවතී චෛත්‍යය)

    සධාතුක කුන්තය (මිරිසවැටිය දුටුගැමුණු රජතුමා අත තිබූ කුන්තය (සෙංකෝලය) සැරටිය නිධන්කර මිරිසවැටි චෛත්‍යය ඉදිකරන ලදී.

    රුවන්වැලි - සෑයෙහි සර්වඥධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් නිදන් කරන ලදී. එය අජාසත් රජතුමා නිදන් කිරීමට නොගෙන තැබූ සර්වඥධාතුය. එම ධාතු ද්‍රෝණයක් පමණි. රාමගාමයේ නයින් විසින් ආරක්ෂා කරන ලදී. රජතුමා එය නොගත්තේ මතු ලක්දිව මහාසෑයෙහි තැන්පත් කරන ලද බව දැන සිටි නිසාය. එම ධාතුන් වහන්සේ මෙහි ගෙන එන ලද්දේ සෝණුත්තර නම් භික්ෂූන් වහන්සේ විසිනි.

    අභයගිරි- විහාරයෙහිද බුදුරජාණන් වහන්සේගේ සව¢ඥ ධාතු තැන්පත් කර ඇත. ලක්දිව නිධන් කර තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට චෛත්‍ය වන්දනා ගාථාවලින් උපකාර ලබා ගැනීමට පුළුවන.

    බුද්ධං ධම්මං සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතු ගබ්භේ
    ලංකාය ජම්බුදීපේ තිදස පුරවරේ නාගලෝකේච ථූපේ
    සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල දස දිසේ
    කේස ලෝමාදිධාතුං
    වන්දේ සබ්බේපි බුද්ධං දස බල තනුජං බෝධි චේතිං නමාමි


    (සියලු චෛත්‍ය වැදීම)


    ශාස්ත්‍රවේදී
    අධ්‍යාපන ඩිප්ලෝමා
    එන්. කරුණාරත්න

    :):):)