එදා පෙරදිග ධාන්‍යාගාරය අද පෙරදිග ස්කාගාරය වෙලා
– මාදුළුවාවේ සෝභිත නාහිමි.
පෙරදිග ධාන්‍යාගාරය වූ ශ‍්‍රී ලංකාව අද පෙරදිග ස්කාගාරයක් බවට පත්ව ඇතැයි කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ සඳහන් කළේ අඟුරුවාතොට, මාදුරුවල අම්පිටිගල ශ‍්‍රී සුමංගලරාමයේ දී විහාරාධිපති හාතියල්වල චන්ද්‍රානන්ද හිමියන් රචිත ‘‘ප‍්‍රථම පාරාජිකාව සහ පරිසරය පිළිබඳ බෞද්ධ ආකල්පය’’ නමැති කෘතිය දොරට වැඞීම නිමිත්තෙන් පැවැති රැුස්වීමේ දී ආරාධිත දේශනය පවත්වමිනි.
උන්වහන්සේ මෙසේ ද කීහ.
‘ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය වූ ශ‍්‍රී ලංකාව අද පෙරදිග ස්කාගාරයක් බවට පත්වෙලා. විදේශිකයන්ගේ පාලන යුගවල දී මෙරටට හඳුන්වාදුන් විවිධ සංස්කෘතීන් අදත් අපේ ජනතාව හිස් මුදුනෙන් පිළිගැනීම නිසා රටේ විනාශය රටේ ජනතාව විසින් ම ඉක්මන් කරගෙන තිබෙනවා.
අපේ රට ස්වර්ග රාජ්‍යයක්. මේ තරම් සුන්දර රටක් ලෝකයේ කිසිම තැනක නෑ. ගිනිකඳු, නායායෑම්, අධික ශීත ඍතු, අධික වර්ෂාව වෑ. ඉතා සාරවත් පොළවක් තියෙන මේ රටේ අපි තවමත් විදේශ රටවල් දෙස බලා සිටිනවා.
විදේශීය බලවේග රටේ සම්පත් සූරා කා ජනතාව කම්මැළි ජාතියක් බවට පත් කළා. ඒ නිසා ම රටේ ජනතාව තමන්ගේ එදිනෙදා ආහාර ටිකවත් මෙරටේ නිපදවා ගැනීමට උනන්දු වන්නේ නෑ.
ඇතැම් අය තවමත් සුද්දා වගේ වැඩ කරනවා වැනි වදන් යොදමින් කතාකරන්නේ පරාජිත මානසිකත්වයක් අප තුළ තවමත් හොල්මන් කරන නිසයි. ගඳ ගහන සුද්දන් ගැන කතා කරන අපි අපේ දක්‍ෂතා හඳුනාගෙන දක්‍ෂතා පෙන්වීමට අවස්ථාව ලබා ගන්නේ නෑ.
1950 ගණන්වල තිබූ පරිසරය අද උඩුයටිකුරු වෙලා මිනිසා විසින් ම පරිසරය වෙනස් කිරීම නිසා ස්වභාවික සම්පත්, ඇළ දොළ, කැලෑ, සතුන්, පක්‍ෂීන් විනාශ වී පරිසරය මිනිසාට එරෙහි වී නැඟී සිටීමේ යුගය ආරම්භ වී තිබෙනවා. විවිධ මාදිලියේ නව රෝග ඇති වී සුව කළ නො හැකි තත්ත්වයට පත්වීගෙන එනවා. ඒවාට බේත් තවමත් හොයාගෙන නෑ.