ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

AnuradhaRa

Well-known member
  • ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    ධාරාවක් ගමං කරද්දි සන්නායකයක් වටේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකුත් පවත්වා ගන්නව
    මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයට පුලුවන් එම සන්නායකයේම හරි වෙනත් සන්නායකයක හරි ධාරාවක් ඇති කරන්ඩ.
    හැබැයි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය තිබුණ පලියට බෑ. මේ වි.චු ක්ෂේත්‍රය වෙනස් වන එකක් විය යුතුයි. අඩු වෙනව වැඩි වෙනව ඒ වගේ.
    ඩයිනමෝවෙ කාන්දම නිකං තිබුණට ධාරාවක් ඇති වෙන්නෙ නෑ.. කාන්දමේ චුම්බක ක්ෂේත්‍රය චලනය වුණාම තමා වටේ තියෙන කොයිල් එකෙන් ධාරාවක් ගන්ඩ පුලුවං

    දැං කතාව ඕක නෙමේ.. මට පොඩි ගැටලුවක් තියෙනව
    ඉන්ඩක්ටර් එකක් නැත්තං පොඩි කොයිල් එකක් හරහා අපි ධාරාවක් යවන්ඩ පටන් ගත්ත කියමු. ඒ කියන්නෙ බැටරියකට කොයිල් එක සම්බන්ධ කෙරුව. ඉන්ඩක්ටර් එක නිසා එක පාරට උපරිම ධාරාව ගමන් කරන්නෙ නෑලු. බැටරිය සම්බන්ධ කරපු ගමං විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් එක පාරට හට ගන්නව. මේක නිසා කොයිල් එකේ විභවයක් හට ගන්නව. ඒක බැටරියේ විභවයට විරුද්ධයි. ඒත් මේ කොයිල් එකේ හටගන්න වි.චු ක්ෂේත්‍රය ටික ටික අඩු වෙනව. ටික වෙලාවකින් බැටරියේ විභවය නිසා හට ගත්ත උපරිම ධාරාව ගමන් කරන්ඩ පටන් ගන්නව

    current-in-rl-circuit.gif


    ඉතිං බැටරියට සම්බන්ධ කරපු ගමං, කොයිල් එකේ ස්වයං විභවයක් ප්‍රෙරණය වෙන්ඩ ධාරාවක් එක පාරට ගැලුවෙ නෑනෙ. ධාරව ක්‍රම ක්‍රමයෙන් නෙ වැඩි වුණේ..:baffled:
    එක පාරට ධාරාවක් ගැලුවෙ නැති නිසා, කොයිල් එකෙන් ස්වයං විභවයක් හටගන්ඩ විදියක් නෑනෙ..
    මට මේක කාලයක් තිස්සෙ තියෙන නොතේරෙන දෙයක්
    ඒක නැති නිසා මේක නෑ, මේක නැති නිසා ඒක නෑ.. :dull:
     
    • Like
    Reactions: The Kingslayer

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට පේන්නේ ඔය සිංහල වචන වල වැරද්ද වගේ ඔවට තියෙන සිංහල වචන හරිම තේරුම එන්නේ නෑ.
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    `ඒත් මේ කොයිල් එකේ හටගන්න වි.චු ක්ෂේත්‍රය ටික ටික අඩු වෙනව. ´ එහෙම වෙන්නැ,dc - emf නියතයි
    Ac-emf වාචල්‍යයි.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං උඹ මුලින් කියලා තියන තියරි එක හරි..
    චුම්බක ක්ශේස්ත්‍රයක සන්නයකයක් චලිතයේදී ධාරවක් හට ගන්නවා..
    උඹට අපැහැදිලි මොකද්ද මේකේ..
    ධාරාව වැඩි වෙන්නේ. චු.ක්. තීව්‍රරතාව, චු.ක් වෙනස් වීමේ සීග්‍රතාව හා ඡේදනය වන වර්ගළුලය අනුව
     

    AnuradhaRa

    Well-known member
  • මචං උඹ මුලින් කියලා තියන තියරි එක හරි..
    චුම්බක ක්ශේස්ත්‍රයක සන්නයකයක් චලිතයේදී ධාරවක් හට ගන්නවා..
    උඹට අපැහැදිලි මොකද්ද මේකේ..
    ධාරාව වැඩි වෙන්නේ. චු.ක්. තීව්‍රරතාව, චු.ක් වෙනස් වීමේ සීග්‍රතාව හා ඡේදනය වන වර්ගළුලය අනුව

    වි.චු. ක්ෂේත්‍රය නිකං තිබුණට වැඩක් නෑනෙ.. ඒකෙ යම් වෙනස් වීමක් (බල රේඛා කැපීමක්) වෙන්ඩ ඕනනෙ වද්‍යුත් ගාමක බලයක් හට ගන්ඩ.
    දැං ධාරාව එක පාරට ගමං ගරන්නෙ නැතුව, ටික ටික වැඩි වෙන්ඩ හේතුව කොයිල් එකෙන්ම හටගන්න back emf එකනෙ
    back emf එකක් නිකං හටගන්නෙ නෑනෙ. ධාරාවෙ වෙනස් වීමක් නිසානෙ, එහෙම දෙයක් හටගන්ඩ පුලුවං. ධාරවෙ වෙනස් වීම කියන්නෙ, ඔය ප්‍රස්තාරෙ පෙන්නල තියෙන ටික ටික වැඩි වීම, නං නෙමෙයි.

    කොයිල් එක වටේ තියෙන වි.චු. ක්ෂේත්‍රය වෙනස් කරන්ඩ නං, (ඩීසී කරනට් එකක්නෙ මෙතන කතා කරන්නෙ) එක්කො ස්විච් එක ඔන් කරන්ඩ ඕන. නැත්තං ඕෆ් කරන්ඩ ඕන. ඔය අවස්ථා දෙකේදි විතරයි කොයිල් එකෙන් back emf එකක් එන්ඩ පුලුවං.
    කෝ ඉතිං ඔය ක්ෂණික වෙනස් වීම වෙලා නෑනෙ.. ධාරාව ටික ටිකනෙ වැඩි වුණේ...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    changing magnetic field එකක් හටගනනම් current එකේ direction එක වෙනස් වෙන්න ඕනේ , current එකේ value එක වෙනස් වුනාට magnetic field එක වෙනස් වෙන්නේ නෑ :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    එක පාරට ධාරාවක් ගැලුවෙ නැති නිසා, කොයිල් එකෙන් ස්වයං විභවයක් හටගන්ඩ විදියක් නෑනෙ..

    Resistor

    The current through a resistor CAN change instantaneously
    The Voltage through a resistor CAN change instantaneously


    Inductor

    The current through an inductor CANNOT change instantaneously
    The Voltage through an inductor CAN change instantaneously

    Capacitor
    The current through a capacitor CAN change instantaneously
    The Voltage through a capacitor CANNOT change instantaneously


     
    • Like
    Reactions: silentsahan

    AnuradhaRa

    Well-known member
  • changing magnetic field එකක් හටගනනම් current එකේ direction එක වෙනස් වෙන්න ඕනේ , current එකේ value එක වෙනස් වුනාට magnetic field එක වෙනස් වෙන්නේ නෑ :yes:

    නෑ මචං ධාරාවෙ දිශාව මාරු වෙන්ඩම ඕන නෑ. අගය අඩු වැඩි වුණත් වද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Inductor
    The current through an inductor CANNOT change instantaneously
    The Voltage through an inductor CAN change instantaneously

    ඒක තමා බං. ඉන්ඩක්ටර් එකේ කරන්ට් එක, එකපාරට එන්නෙ නැත්තෙ back emf එක නිසා. කොයිල් එකෙන් back emf එකක් ආවෙ කොහොමද කියලයි මම අහන්නෙ. back emf එකක් එන්ඩ ධාරාවෙ වෙනස් වීමක් තියෙන්ඩ ඕන..
     
    • Like
    Reactions: D_Mad

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒක තමා බං. ඉන්ඩක්ටර් එකේ කරන්ට් එක, එකපාරට එන්නෙ නැත්තෙ back emf එක නිසා. කොයිල් එකෙන් back emf එකක් ආවෙ කොහොමද කියලයි මම අහන්නෙ. back emf එකක් එන්ඩ ධාරාවෙ වෙනස් වීමක් තියෙන්ඩ ඕන..
    මුලින්ම වෙන්නෙත් වෙනසක්. ධාරාව ගමන් ගන්න පටන්ගන්නකොට ඇතිවෙන විචුබ රේඛා කොයිල් එකෙන් කැපෙනවා. ප්‍රති.වි.ගා බලයක් ඇතිවෙනවා. සරළ ධාරාව නිසා කාලයත් එක්ක විචුබල රේඛා වෙනස්වීමක් නැති වෙනවා. ප්‍රති විගාබලය ක්‍රමයෙන් අඩුවෙලා බින්දුවට එනවා. කොයිල් එක හරහා උපරිම ධාරාව යනවා
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • මුලින්ම වෙන්නෙත් වෙනසක්. ධාරාව ගමන් ගන්න පටන්ගන්නකොටඇතිවෙන විචුබ රේඛා කොයිල් එකෙන් කැපෙනවා. ප්‍රති.වි.ගා බලයක් ඇතිවෙනවා. සරළ ධාරාව නිසා කාලයත් එක්ක විචුබල රේඛා වෙනස්වීමක් නැති වෙනවා. ප්‍රති විගාබලය ක්‍රමයෙන් අඩුවෙලා බින්දුවට එනවා. කොයිල් එක හරහා උපරිම ධාරාව යනවා

    උඹට නං මං අහන දේ සෑහෙන්ඩ තේරිල තියෙනව
    ධාරාව ගමන් ගන්න පටන්ගන්නකොට
    ඉතිං මචං ධාරාව එක පාරට ගලන්ඩ පටං ගත්තෙ නෑනෙ.. ටික ටිකනෙ වැඩි වුණේ :baffled:.. එතකොට කොහොමද මුළින්ම ඔය කියන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය ඇති වෙන්නෙ ? ඒකයි මට තියෙන ප්‍රශ්නෙ
     
    Last edited:

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,054
    528
    113
    mama hithana wediyata battery internal resistance nisai current 1k tiktika wediwenna aththe
    circuit 1 thiyana resister 1ken battery internal resistance samana or adukarana wenna puluwan , a nisa wenna ethi current 1 tiktika wediwenne ,athkota coil 1k resister wage wedakarana nisa circuit 1ke sampuna unama shanika current 1k gelima siduwanawa anisa circuit 1k uparima current galanawa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් සරලව කිව්වොත් එහෙම ඕන දෙයක් තමන් ඉන්න ස්ටේට් එකේම ඉන්න කැමතියි. වෙනසක් වෙනවට අකමැතියි.

    ඔතනදි කොයිල් එකක් විදියට ඔතල තියන නිසා මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වෙන එකට බාදා කරනවා.:yes:ඒ බාධා කිරිල්ල කරන්නෙ ඇයි කියල විස්තර කරන්නනම් මං දන්නෙ නෑ. මේක බලපන්. මේ මට්ටමට යන්න වෙයි සමහරවිට හරි උත්තරයක් හොයාගන්න.:dull:

     

    AnuradhaRa

    Well-known member
  • මචන් සරලව කිව්වොත් එහෙම ඕන දෙයක් තමන් ඉන්න ස්ටේට් එකේම ඉන්න කැමතියි. වෙනසක් වෙනවට අකමැතියි.

    ඔතනදි කොයිල් එකක් විදියට ඔතල තියන නිසා මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් වෙන එකට බාදා කරනවා.:yes:ඒ බාධා කිරිල්ල කරන්නෙ ඇයි කියල විස්තර කරන්නනම් මං දන්නෙ නෑ. මේක බලපන්. මේ මට්ටමට යන්න වෙයි සමහරවිට හරි උත්තරයක් හොයාගන්න.:dull:


    :rolleyes: