### ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් ###

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ### ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් ###

    Hard Disk, Pen Drive වල ප්‍රයෝජනයට ගත හැක්කේ එහි සටහන් කර ඇති ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් බව පෙන්වන්නේ ඇයි?

    Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.

    පරිගණක උපාංගයක මතක ධාරිතාව මනිනු ලබන්නේ 1024 යන සංඛ්‍යාවේ දෙකෙහි බල වලිනි. ඒ අනුව කිලෝ බයිට් එකක් (1KB) යනු බයිට්(byte) 1024 කි. මෙගා බයිට් එකක් (1MB) යනු බයිට් 10242 කි. ගිගාබයිට් එකක් (1GB) යනු බයිට් 10243 කි. එනම් බයිට් 1,073,741,824 කි.


    එහෙත් මතක උපාංගයක් නිෂ්පාදනය කරන විට සම්මත වශයෙන් යොදා ගන්නේ මෙගා බයිට් 1 ක් යනු කිලෝ බයිට් 1000 ක් කියාය. එනම් 1000 යන සංඛ්‍යාවේ දෙකෙහි බලවලිනි. ඒ අනුව ගිගා බයිට් එකක් සලකනු ලබන්නේ බයිට් 10003 ක් කියාය. එනම් 1,000,000,000 කි.


    මේ අනුව ගිගාබයිට් 500 ක hard disk එකක ඇත්තේ බයිට් 500*10003 ක ධාරිතාවකි. එනම් බයිට් 500,000,000,000 කි. එහෙත් පරිගණක උපාංගයකදී මෙම ධාරිතාව සලකා බැලෙන්නේ 500*10243 ලෙසය. එනම් බයිට් 536,870,912,000 කි.

    මෙවිට නිෂ්පාදනයේදී ගණනය hard disk එකෙහි ගිගා බයිට් 500 යේ ධාරිතාවට වඩා බයිට් 36,870,912,000 ක අඩුවක් පරිගණකයේ පෙන්වයි. මේ අනුව එක් එක් ධාරිතාව සටහන් කර තිබෙන hard disk වල සැබෑ ධාරිතාව ටිකක් අඩුය. 500GB නම් 465.6 GB ද, 1TB නම් 931.3GB ද, 2TB නම් 1862.6GB ද, 4TB නම් 3725.2GB යනාදී වශයෙනි. මෙය ඉතා සුළු අඩුවක් මිස ලොකුවට දැනෙන පාඩුවක් නෙමේ.

    In our Calculations

    8 Bit = 1 Kilobyte
    1024 Kilobyte = 1 Megabyte
    1024 Megabyte = 1 Gigabyte
    1024 Gigabyte = 1 Terabyte

    Digital Storage

    8 Bit = 1 Kilobyte
    1000 Kilobyte = 1 Megabyte
    1000 Megabyte = 1 Gigabyte
    1000 Gigabyte = 1 Terabyte



    Source :- efoax.blogspot.com
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes::yes::cool: ඔකේ තියෙන්නේ තනිකර වංචාව .අපි ලොකු ලොකු දාරිතා ඇති ෆ්ලෑෂ් හරි හර්ඩ් හරි ගන්නකොට අපිට ඇත්තටම ලැබෙන දාරිතාව අඩුවෙනවා :dull:
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    මරුසිරා;17089277 said:
    :yes::yes::yes::cool: ඔකේ තියෙන්නේ තනිකර වංචාව .අපි ලොකු ලොකු දාරිතා ඇති ෆ්ලෑෂ් හරි හර්ඩ් හරි ගන්නකොට අපිට ඇත්තටම ලැබෙන දාරිතාව අඩුවෙනවා :dull:

    sirawatama watinawa bro... ela ela Rep8+

    Tnx mcn +++++:):)
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මෙය මෙසේ නිවෑරදි විය යුතුය

    8 Bit = 1 Byte
    1024 Byte = 1 Kilobyte
    1024 Kilobyte = 1 Megabyte
    1024 Megabyte = 1 Gigabyte
    1024 Gigabyte = 1 Terabyte


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place


    මෙය මෙසේ නිවෑරදි විය යුතුය

    8 Bit = 1 Byte
    1024 Byte = 1 Kilobyte
    1024 Kilobyte = 1 Megabyte
    1024 Megabyte = 1 Gigabyte
    1024 Gigabyte = 1 Terabyte


    :yes::yes::yes::yes::yes::yes::yes:

    Thanks Machan
    Mata oka hithila thibune
    Baladdi eka thamai eththa

    danaganna hoya hoya hitapu 1k.. thanx.. :P:P


    :):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලෙවකාලා කාලා සල්ලි ටිකක් එකතු කරන් 1TB හාඩ් එකක් ගන්න ගියා..ගියාම ඕක මැසිමේ ගහන්න පුලුවන් ඒවට ගහලා ඩේටා දාලා ආයේ මකලා ඔක්කොම සෙල්ලම් දාලා නොවැ අරන් එන්නේ..අම්මටසිරි වෙන්න මේක 1TB කියුවට 931GB නේ තියෙන්නේ..හෙන අවුල ඉතින්..කඩේ එකා ඇයි මල්ලි ඔය 931ක්ම තියෙන්නේ..(ඒ උනාට අයියේ 69ක්ම අඩුයිනේ..)පස්සේ කඩේ තිබුන තව දෙක තුනක් චෙක් කරා ඒවගෙත් එහෙම මයි.පස්සේ හිත හදන් අරන් ආවා රු12,000ක් වගේ උනේ..වොරන්ටියනම් තිබුනා අවු.3කට.
    අඩේ දැන් 4 TB ත් තියෙනවද...:oo::oo::baffled: