මොන වාහනේ උනත් පදින එකාගේ චරිතය මත කරගන්න අනතුරු තීරණය වෙනවා. සාමාන්‍යයෙන් කාර් වෑන් හම්බෙන්නේ දැනුම් තේරුම් කමක් තියෙන අයට. බයික් එහෙම නෙවේනෙ, ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ කොල්ලොත් පළි ගහලා දෙමව්පියන්වත් බය කරලා බයික් ගන්න කාලයක්නෙ. උන් කාර් ඉල්ලන්නෙ නෑනේ. වයසෙ වැරැද්ද නිසා උන්ට ඉතින් සංඥමයක් කියලා දෙයක් ඇත්තෙම නෑ. මීටරේ දිහා බලාගෙනනෙ යන්නෙ. පහුගිය කාලෙ එහෙම එකක් වෙලා කොල්ලෙක් මැරිලත් තිබ්බා. අම්මා අඬ අඬ කතා කරපු එක ටීවී එකෙත් ගියා. දෙමව්පියන්ට මොන දුකක්ද බන්. තව චම්පිකගෙ වාහනේක හප්පපු සීන් එකක් ගියා මතකද ඒක 1000cc එකක්ලුනෙ. ඒ කොල්ලත් තාම එකතැන්ද කොහෙ. ඉගෙනගෙන ජොබක් කරලා ලස්සන ජීවිත ගත කරන්න පුළුවන් කොල්ලොනෙ බන් ඔය එකතැන් වෙන්නෙ මිනී පෙට්ටියට යන්නෙ. මම මේ බයික් පදින එකා ගැන හිතලා කියනව නෙවේ. මට නම් කැහිල්ල තියෙන උන්ව අදාලම නෑ. ඒත් පාරේ බැහැලා යන මිනිහට, අනිත් වාහන වලට මුන්ගෙන් වෙන්න පුළුවන් කරදර අනතුරු සම්භාවිතාව ප්‍රතිශතයක් විදිහට ඉහල යන එකයි මේකෙන් වෙන්නෙ.