නංගිගෙ සිප් එක

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නංගිගෙ සිප් එක

    ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක.

    ඔන්න දැන් බස් එකට පෝලිමේ ඇවිත් මිනිස්සු පිරෙනවලු. ටිකවෙලාවකින් ඔය මොඩ් ඔෆිස් එහෙක වගේ වැඩකරනවැයි කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක් පෝලිමේ ආවලු.. කිව්වත් වගේ මෙයා ඇඳගෙන ඉඳලාතියෙන්නෙ හෙනම හෙන ටයිට්ම ටයිට්, දනහිසටත් වඩා දිග සායක්ලු. ඊට හරියන අඩි උසම උස සපත්තු දෙකකුත් දාගෙන තමයි මෙයා ඉඳලා තියෙන්නෙ.

    ඔන්න ඉතින් මෙයා දැන් ට්‍රයි කරනවලු බස් එකට නගින්න. ඒත් කකුල උස්සන්න බැහැ මොකද සාය එච්චරටම තදයි. ඔන්න ට්‍රයි කරල කකුල උස්සන්න හදනවා, ඒත් බැහැ. ඔන්න ඒ පාර මෙයා මොකද කරන්නෙ, සාය පිටි පස්සට අත යවලා සායේ සිප් එක පොඩ්ඩක් විතර පල්ලෙහාට දැම්මලු. ඔන්න ආයෙත් කකුල උස්සන්න හදනවලු, ඒත් බැහැල්ලු. ඒ පාර ආයෙමත් අත පිටිපස්සට දාලා සායෙ සිප් එක තව ටිකක් පල්ලෙහාට දැම්මලු. ඒත් නගින්න බැහැල්ලු. ආපහු සිප් එක තව ටිකක් පල්ලෙහට දැම්මලු. එතකොටම මේ ගෑනු ළමයගේ පිටිපස්සෙන් හිටපු හීනියට දාගත්ත අන්කල් කෙනෙක් එකපාරටම මෙයාගේ ඉනෙන් අල්ලලා උස්සලා බස් එකේ පඩිය උඩින් තිබ්බලු.

    ඔන්න බොලේ මේ වෙච්ච වැඩෙන් මල පැනපු කෙල්ල අනිත් පැත්ත හැරිලා අර අංකල් කාරයට දෙනවලු දැන් බැෂ්ටිය.

    "වනචරයා..... කවුරු කියලා හිතාගෙනද මාව ඇල්ලුවේ....? අපිට පාරෙ බැහැලා යන්න බැහැ මුන් වගේ මිනිස්සු නිසා....” කියල අරින්නෙමනැතුව දිගටම දෙනවලු ..

    ඔන්න ඒ පාර අර අංකල් ඉඳන් කිව්වලු,

    "අනේ නංගි, මමනම් හිතුවෙ ඔය නංගි මාව හොඳට අඳුරනවා ඇති කියලනෙ. මොකද ඔයා තුන්පාරක්ම මගේ කලිසමේ සිප් එක පල්ලෙහාටදැම්මනේ ...........!"


     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    images

    images